Part 6

246 55 20
                                    

................................................................

කාලයත් සමග ලෝකයේ සිටින ඕනෑම මිනිසෙකුගේ ජිවිතය කුමනාකාරයෙන් හෝ වෙනස් විය හැක. එසේම නිවැරදි කාලයේ දී නිවැරදි පුද්ගලයන් අපගේ ජිවිත වලට පැමිණියහොත් ???? එසේ වුවහොත් සෑම දිනකම අලුත් බලාපොරොත්තුවක් සමග ඔවුන් සමග ජිවිතයේ ඉදිරියට යාමට අපට හැකිවනු ඇත.

" මා එනතුරු ගොඩ වෙලාවක් මෙහි රැදි සිටියද??? "

රාජකීය උයනයේ තිබු සුවිශාල විල අසලට වී රාත්‍රි අහස දිහා බලමින් සිටි අග බිසව තිගැස්සුනේ ඇයගේ පිටු පසින් දැනුනු සුපුරුදු උණුහුම නිසායි.

" රජතුමනි කවුරුන් හෝ අපව දකී "

අග බිසව මදක් ඈත් වීමට උත්සාහ කලත් රජු නැවතත් ඇයව තම ග්‍රහණයට ගත්තේ ඇයව තවත් තුරුළු කර ගනිමින්.

" ඉතිං මොකෝ??? මේ රාජ්‍යයේ කව්ද නොදන්නේ මේ මින් යුන්ගී මේ කටකාර විසේකාරි වන හන් යුරීව ඔහුගේ අග බිසව කර ගත් බව. කව්ද නොදන්නේ??? "

රජතුමා කීවේ මනමාල සිනහාවක් මුහුණේ රදවා ගනිමින්.

" ඒත් රජතුමනි මේ මාලිගාව. අපට මෙහිදි අපගේ හැගීම් ප්‍රදර්ශනය කිරීම අපගේම නරකට හේතු විය හැකි නොවේද??? "

මදකට රජතුමාගෙන් මෑත් වී ඒ මූණ දෙස බලමින් අගබිසව කියා සිටියේ කනස්සල්ලෙන්.

" අම්මෝ ඔබ නම් දැන් සැබෑම අග බිසවක් සේ පණ්ඩිත වී හමාරයි 😒 මා තිබු සියලු වැඩ හැකි ඉක්මනින් අවසන් කොට පැමිණියේ ඔබ සමග කාලය ගෙවීමටයි. ඒත් ඔබ මා එලවා දමනවා 😒💔"

බොරු තරහක් මවා ගත් රජු ආපසු යන්නට හැරුණත් අග බිසව ඔහුගේ අතින් අල්ලා ඔහු නවත්වා ගත්තේ ආදරෙන් ඇස් පුරවගනිමින්.

" එසේ නොවේ රජතුමනි. මමත් කැමැති ඔබතුමා සෑමවිටම මා ලග සිටිනවානම්. නමුත්..... "

" එසේනම් අපි එදා වගේ මාලිගාවෙන් එලියට යමු."

බිසවට කතාව ඉවර කිරීමට ඉඩ නොදුන් රජතුමා ඇයගේ අතින් අල්ලාගෙන නිදන කුටිය දෙසට ගමන් කලේය. නිදන කුටිය අසලට ගොස් නතර වු රජු බිසව දෙස බලා දගකාර හිනාවකින් මුහුණ පුරවගෙන සිනාසුනේය.

Don't leave me 🥀Where stories live. Discover now