Han yuri 💫
ඔෆිස් එකේ වැඩත් එක්ක busy වුන මට දවස් ගෙවෙනවා තේරුනේ නෑ. හරියට කන්න බොන්නවත් වෙලාවක් නැති වෙනකන් සමහර දවස්වලට වැඩ කරන්න මට සිද්ධ වුනා. ඒත් මොන වැඩේ තිබ්බත් මගේ හිත ඇතුලේ යුන්ගී ගැන තියෙන හැගීම එන්න එන්න වැඩි වුනා මිසක් අඩු වුනේ නෑ. ඒත් යුන්ගී කලේ මාව මග ඇරපු එක. එතකොට අර යුන්ගී වගේ ම හිටපු රජතුමා එදා සිද්ධියෙන් පස්සේ මට ආයේ හම්බ වුනේම නෑ. මොන දේ වුනත් හීනෙකින්වත් හිතපු නැති විදිහට සිද්ධ වුන දේ මේ දේවල් ගැන හරියට ම දෙයක් තාම කියා ගන්න තාම අමාරුයි මට.
වෙනදාට මම හැමදේම කියන eun ha ටත් මේ දේ කියන්න මම අදිමදි කලේ කිව්වාට ඇත්තටම මේ වුන දේවල් විශ්වාස කරන්න අමාරු නිසා. ඒ නිසා හැමදේම හිතේ තියාගෙන ඉන්න මම තීරණය කලා.
" ඒයි.... මොනවද ඔච්චර කල්පනා කරන්නේ ???"
මම ගැස්සිලා ගියේ මගේ කන ලගට ඇවිත් කෑ ගහපු eun ha නිසා.
" අහ්හ් නෑ මුකුත් නෑ. කෝ අර ෆයිල්ස් ටික ගෙනාවද ඔයා ??? "
කතාව මග අරින ගමන් මම ඇහුවා.
" මම මේ ඒක කියන්න තමයි ආවේ. ඒ ෆයිල්ස් ටික කොහේට හරි මිසින් වෙලා. දන්නවානේ ලොක්කා දැන ගත්තොත් අපි වසලා හමාරයි. "
තියෙන වැඩ මදිවට දැන් බැනුනුත් අහපන්කෝ.
" මොකක්??? ඒ ටික නැද්ද??? "
" ඔව් බං ඒ ටික නෑ. අන්තිමට ඔය සීන් එක ගැන හෙව්වේ යූනා. දැන් එයා වෙන චැනල් එකකනේ වැඩ. එයාගෙන් ඕවා අහලා වැඩ ටික ලීක් කරගන්න බෑ අපිට. "
" ඔව් ඔව් ඒක ඇත්ත. ම්ම්ම්ම් අපි දැන් මොකද කරන්නේ??? අහ් හරි මම ආයේ ඒ ඇක්ටර්ස්ව හම්බ වෙලා විස්තර ටික අරන් එන්නම් "
" ඔයාට පුළුවන් ද??? ඒත් මේ හදිස්සියේ ඔය ටික කරගන්න පුළුවන් වෙයිද??? "
" පුළුවන් මම උපරිම ට්‍රයි එක දෙන්නම්. එහෙනම් මම යනවා. ඔයා මෙතැන ටික පොඩ්ඩක් බලාගන්නකෝ. මම රෑට කෝල් එකක් දෙන්නම්. බායි "
එහෙම කියාගෙන මම බෑග් එකත් අරගෙන ඔෆිස් එකෙන් එලියට ආවා.
කොරියාවේ දක්ශ ඇක්ටර්ස් කෙනෙක් වුන පාර්ක් මින් යන්ග් ගැන documentry එකකට අපේ චැනල් එක කටයුතු ලෑස්ති කරලා තිබ්බේ දැන් සෑහෙන කාලේක ඉදලා. ඒත් එකපාරටම එක භාරව හිටපු යූනා හිතුපු නැති වෙලාවක අපේ චැනල් එක අත ඇරලා දාලා වෙන චැනල් එකකට ගියේ ඔක්කොම වැඩ ටික කනපිට පෙරලන ගමන්.
YOU ARE READING
Don't leave me 🥀
FanfictionDon't leave me I believe, I start running No ending, you are my heartbeat 💗 Even if I'm struck by rain Even if I'm erased by darkness I will definitely save you You are not alone..........