Part 1

553 77 21
                                    

Han yuri 💫

" යා...... Han yuri නැගිටිනවා. දැන් වේලාව 7යි. ඔහේ අද වැඩට යන්නේ කීයටද??? රෑට නිදාගන්නකොට නම් කියන්නේ හල්මොනි ඔන්න හෙට නම් මාව ඇහැරවන්න ඔයා මහන්සි වෙන්න එපා මම ම නැගිටලා වැඩට යනවා කියලා 😏අනේ මොකටද මගේ කට. යා.......... නැගිටිනවා 🗣 අම්මපා මගේ අත් දෙකේ අනපු පිටි ටික නැත්තම් මම දනී ඇවිල්ලා කරන හරිය. මම ආයේ කියන්නේ නෑ නැගිටිනවා........ "

ඒ මගේ හල්මොනි. එයා හැමදාම උදේට ඔය වෙඩි මුරෙන් තමයි දවසේ වැඩ ටික පටන් ගන්නේ. දැන් මට ඕක කට පාඩම්. අවුරුදු ගානක ඉදලා මම ඔය වචන සෙට් එක හැමදාම උදේට ඇහෙන එක පුරුද්දක් වෙලා.

🎶You can't stop me lovin my self 🎶

අහ්හ් උදේ පාන්දර පටන් අරන්. ආයිෂ්...... මම කොට්ටෙන් කන් දෙක වහ ගත්තේ කෑගහන ගමන්....

" හල්මොනි ඕක අඩු කරන්නකෝ..... ආයිෂ්......😑 "

අපේ හල්මොනි BTS ලාගේ ලොකුම ලොකු රසිකයෙක්. එයා හැමදාම උදේට එයාලගේ සින්දු දාගෙන තමයි එයාගේ කඩේ කෑම හදන්න පිටි අනන්නේ 😬 මුළු ගේම දෙවනත් වෙන්න සින්දු දාගෙන තාලේට එයත් ඒවා කෑගහ ගහ කියන්න අමතක කරන්නේ නෑ. මට අපේ හල්මොනි බනිනවා අහන් ඉන්න පුළුවන් ඒත් එයා සින්දු කියනවා අහන් ඉන්න එක කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්.

මම හල්මොනිගේ අනිත් පැත්ත. ඔය BTS කියන සෙට් එක මට පේන්නම බෑ😒 මම කරන්නේ එයාලාගේ වැරදි හොයලා මඩ ගහන එක. ඇත්තටම එයාලාගේ වැරැද්දක් හොයන එක හරිම අමාරු වැඩක්. එයාලගෙන් වැරැද්දක් වෙන්නේම නැති තරම්..... ඒත් මගේ ජොබ් එක එයාලාගේ වැරදි හොයන එක නිසා මට එයාලා හිනා වුනත් වැරදි තමා.

මම කරන්නේ BTS කියන එයාගේ ආදරණීය කොල්ලෝ ටිකට මඩ ගහන එක කියලා අපේ හල්මොනි දන්නවා නම් මට ඉන්න තැනක් හොයාගන්න වෙනවා. ඇත්තටම දවසක් එයා මම ලියපු ආටිකල් එක්ක දැකලා ඒක ලියපු කෙනාට මගේ ඉස්සරහම බැන්න විදිහ මතක් වෙද්දී මට එලොව පොල් පෙනුනා. හොද වෙලාවට එයා ආර්ටිකල් එක භාගයක් කියවලා නතර කරපු නිසා මම එදා බේරුනා.

නිදි ගැට කඩ කඩ ඇදෙන් බැහැලා බාත්රූම් එක අස්සට රිංගලා මම හොදට නා ගත්තා. ඔෆිස් එකට යන්න ලෑස්ති වෙලා හල්මොනිවත් ටිකක් අව්ස්සලා මම ඔෆිස් එකට යන්න පාරට බැස්සා.

Don't leave me 🥀Where stories live. Discover now