Chapter 9 💕

233 63 35
                                    

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

ජිමින්ට සනීප වෙලා ගෙදර ගියාට පස්සේ......වීයි,කුකියයි ගියා ටේෂිට කොහොමද බලන්න.....එයා ගැනත් හොයල බලන්න එපෑ.....පැත්තක ඉන්න කෙ⁣ල්ලෙක් මේකට පැටලුනානේ.....

ටේයි,⁣කුකියයි කේජේගේ ගෙදරට ගියේ...ටේෂි ඉන්නෙත් එහේ නිසා.......

ටේෂි ටිකක් බය වෙලා වගේ හිටියට...හොදට කතා බහ කරා....ඒ අස්සෙන් කුකියා,කේජේට පැනි හලනවා...

එහෙ බලලා මෙහෙ බලද්දි කුකියයි,කේජේයි අතුරුදන්......අනිවාර්යයෙන් පේරාදෙණියේ පාර්ක් එකට යන්නැති මල් කඩන්න....(නෑ...එහෙ ගියේ නෑ...හෝම් ගාර්ඩ්න් එකට විතරයි ගියේ 😂)

ටේෂි දැන් නිකන් මැරිලා ඉපදිලා වගේ.....සම්පුර්ණයෙන් වෙනස් වෙලා.....කොටින්ම කිව්වොත් කටහඩ පවා.....

"ටේෂි.....ඔයාට දැන් කොහොමද?.."

"ආහ්...දැන් මට අවුලක් නෑ...මම හොදින්..."

"මං නිකන් එදා ඔයාට කෑ ගැහුවට සොරි....මම හිතුවේ ඒ දේවල් ඔයා කරා කියලා...."

"ආහ් ඒකට කමක් නෑ......ඔයා එහෙම හිතුව එක සාදාරණයිනේ..."

"එහෙනම්....ආය ඉස්කෝලේ එනවනේ....ආය මට නෙලන්නේ එහෙම නෑනේ....."

ටේෂි අවුලෙන් වගේ නිසා......ටේ එහෙම කිව්වේ.......

"ආහ්...මම ඔයාට ගැහුවා කියල කේජේ කිව්වේ....මියානේ..."

ඒත් ඒකෙන් වුනේ ටේෂිට තවත් දුක හිතුනු එක......

"ආහ්....එහෙම නෑ.....ඔයා ඒක ගැන හිතල අවුල් වෙන්නෙපා...."

"ටේහ්යෝන්ග්ෂි....උදව්වක් කරනවද?.."

"හ්ම්....මොකක්ද?.."

"මට සතියක් ඇතුලත දුන්නු නෝට් ටික ගෙනැල්ලා දෙනවද...මම නිසා කජ්ජටත් ස්කූල් කට් වුනා...."

"ආහ්....නෝට්....."

මූ වැස්සකටවත් නෝට් ලියන පොරක් නෙවේනේ. ඒත් ඉන්නවනේ නෝට් ලියන පිරිමි පරානයකුත් ගැන්සියේ දැන්...

"මං ගාවනං නෝට් නෑනේ.....මම ජිමින්ගෙන් ඉල්ලලා දෙන්නද...
සමහරවිට එයාටත් නෝට් මගඇරිලා ඇති....කමක් නෑ.....ඉස්කෝලේ ගියාම මම කාගෙන්හරි ඉල්ලලා දෙන්නං..."

🍂IN ANOTHER LIFE🍂 || PJM [Completed] Where stories live. Discover now