🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
ටික දවසක් ගියත් ජන්ග්සුක්ගෙන් dancing show එක ගැන ආරංචියක් නැති නිසා කෙල්ලම තීරණය කරා ඒ ගැන හොයල බලන්න......
රෑ,කෙල්ල ලැප් එක අරගෙන ඒ ගැන හොයල බලද්දි එයාට දැනගන්න ලැබුනේ එයාට shows දෙක තුනක්ම මග ඇරිලා කියලා.....ඒත් කමක් නෑ කියලා හිතල ඊලගට තියෙන show එක කවදද කියල එයා බැලුවා....
"ආහ්....චින්චා.....ඒක හෙටද...."
ඒකටනං කොහොමහරි යන්න ඕන කියල හිතල online ticket එකකුත් බුක් කරල එහෙමම නිදාගත්තේ...හෙට එයාගේ එකම ආසාවත් ඉෂ්ට වෙනව කියන සතුටින්.......
ජන්ග්සුක් බිස්නස් වැඩවලට හිරවෙලා හිටිය නිසා සුෂි කරන කියන දේවල් ගැන හොයන්න ජන්ග්සුක්ට වෙලාවක් තිබ්බේ නෑ....ඒකෙන් ප්‍රයෝජන අරගෙන සුෂි show එක බලන්න යන්න ලෑස්ති වුනා.....
උදේ පාන්දරම නැගිටලා....ගෙදර වැඩ ටිකත් ඉවර කරපු සුෂි වෙලාවට show එක තියෙන තැනට ගියා....වෙලාවට කිව්වට හෝල් එක හොදටම පිරිලා.....යාන්තං අස්සකට රිංගගන්න පුලුවන් වුනා....එහෙම රිංගගත්තට ස්ටේජ් එකනං පේන්නේ නෑ......
"Aigoo...මට මුකුත් පේන්නේ නෑනේ..."
මිනිස්සු මැද්දෙන් රිංගලා රිංගලා ගිහින් ස්ටේජ් එක හොදට පේන තැනකට කෙල්ල ආවා...
"හම්මා....දැන්නං හොදට පේනවා..."
ඔබේ අධිෂ්ඨානය show එක බැලීම නම්, ඔබේ රිංගීමේ හැකියාව විශ්මිත විය යුතුය...
"කෝ....තාම පටන් ගත්තේ නෑනේ...."
කෙල්ලට දැන් හිටන් ඉදලා කකුල් දෙකත් රිදෙනවා.....
"සුෂී.....ඔයා මෙහේ...."
එකපාරම පිටිපස්සෙන් ඇහුනු කටහඩට කෙල්ල ආපස්සට හැරුනා.....
"ජන්ග්සුක්"
හොර වැඩ කරන්න ගියාට අතටම අහුවුනා....
"ඔයා මොකද මෙහෙ කරන්නේ ඔප්පා...."
"ආහ්....මේ ෂෝ එක organize කරේ අපේ කම්පැනි එකෙන්....එතකොට ඔයා මටත් නොකියා තනියම මේක බලන්න ආවද?...."
"ආහ්...නෑ...මේ...මම..."
"නූනා....කතා කරල කිව්වා එයා අද සෝල් ආවලු...අපේ ගෙදරට...ඒ හින්දා අපි එහෙ ඉන්න එපැයි....ඒ හින්දා දැන් යමු..."
YOU ARE READING
🍂IN ANOTHER LIFE🍂 || PJM [Completed]
Fanfictionᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ අදුරු ජීවිතේ ආලෝකය වුණ, ඔහුගේ සුරංගනාවිය යන්නම ගිහින් ..... නමුත් දවසක..... වෙනත් ආත්මයක..... වෙනත් ජීවිතයක ..... ඔහුගේ නමින්,ඇය ඉපදේවි ..... අනිවාර්යයෙන්ම...... This is only a fanfiction All from my imagination Requested story Started :...