Chapter 5 💕

275 78 89
                                    

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

එයා ඇත්තටම ඉන්නවද?.... ඒත් කොහොමද එහෙම වෙන්නේ?.....නැත්තම් මේක කාගේ හරි විහිළුවක්වත්ද ?.......මං කොහොමහරි ⁣මේකේ ඇත්ත නැත්ත හොයා ගන්නෝනේ......

ජිමින් එහෙම හිතලා උදේම නැගිටින්න යනකොටත් එයා හිටියේ සීතල පොලවේ ගුලිවෙලා....කෙල්ලගේ ඩයරියත් තුරුලු කරගෙන......කොල්ලා සීතලේ ගැහි ගැහී නැගිටලා....ඩයරියත් මේසේ උඩින් තියලා.....ගියා වොෂ් එකක් දාගන්න.....අද තමයි school එකේ winter season එකට නිවාඩු දෙන දවස......

නාලා .....ලෑස්ති වෙලා...
කාලා.....ජිමින්, කෙල්ලගේ ඩයරියත් අරගෙන school ගියේ...කෙල්ල ජීවත් වෙනව කියලා ජිමින්ට බොරුවට දනවන තරමේ අපත වැඩක් කරන්න පුලුවන් දෙන්නෙක් school එකේ ඉන්න නිසා.....

"මේ වැඩේ කරන්න ඇත්තේ අර ගස් හිකනල්ලු දෙන්නම තමයි....අද මම උන් දෙන්නව...මරාගෙන මැරෙනවා..."

ජිමින් තමාටම මෙහෙම කියාගන්න ගමන් අඩිය ඉක්මන් කරලා school එකට ගියා....

ගිහින් යකා ආවේෂ වෙලා වගේ කුකියවයි,ටේවයි හොයනවා...

කුකියයි,ටේයි ඒ වෙනකොට ඇවිල්ලවත් නෑ...මූ උදේ පාන්දර අස්සයා කුලප්පු වුනා වගේ ආවට....

ඉතින් ජිමින්ට වුනා ඒ දෙන්නා එනකං ඉන්න.....ජිමින් ගේට් එකත් රැකගෙන හිටියේ...ඒ දෙන්නව අල්ලගන්න.....

ටේයි,කුකියයි කරටත් අතදාගෙන රජා වගේ ආවා තමයි.....ජිමින් ටේගේ කොලර් එකෙන් ඇද්ද පාර.....ටේගේ කරට අතදාගෙන හිටපු කුකියා කැරකිලා ගිහින් පදුරක් අස්සේ...( කුකියට පදුරුත් එක්ක තියෙන්නේ ආත්මීය බැදීමක් 🌚💔)

"මොකාද යකෝ....බෙල්ල ගලවන්න හදන චිම්පන්සියා......"

ටේ බෙරිහන් දිදී කොලර් එකෙන් ඇද්ද මිනිහව හොයනවා...මූ නෑ......කොහේ ගිහින්ද මන්දා.....

හොයල හොයල බැරි පාර ටේ කුකියවත් නැගිට්ටුවගෙන යන්න ගියේ.....

"ඉදපාාාන්...මට තොපිලත් එක්ක ප්‍රශ්නයක් විසදගන්න තියෙනවාාා..."

කවුද මන්දා කතා නං කරනවා....හැබැයි පේන්නනං මොකෙක්වත් නෑ....

"කවුද ඩෝ හැංලිලා බෙරිහන් දෙන එකා.....ෆේස් ටූ ෆේස් වරෙන්....ප්‍රශ්න විසදන්න....."

🍂IN ANOTHER LIFE🍂 || PJM [Completed] Where stories live. Discover now