Infactuation

1.5K 207 89
                                    


Rm's pov

මම ruhita එන්න කියලා  කියලාවත් වැඩි වෙලාවක් යන්න කලින්ම කෙල්ල ,ඇවිත්.කෙල්ල කෑ ගහගෙනම ඇතුලට ආවා.
කට්ටියම පුදුමයෙන් බලන් ඉන්නවා.කෙල්ල කිව්වෙ නැතැ මමයි එන්න කිව්වේ කියලා.shit...

මෙන්න බොලේ සියල්ල එක්සත්ව එක්සිත්ව මට රවනවා.හරි ඉතින් මම මහ ලොකු වැරැද්දක් කලාද?පොඩ්ඩක් විතර රැවැට්ටුවා.😂
ඒ මදිවට කෙල්ල බනිනවා.මම පොඩි විහිලුවක් නේ කලේ.ඒ ඔයාට sorry කියන්නනේ.

මම කෙල්ලව නවත්ත ගන්නත් ඉස්සෙල්ලා කෙල්ල කඩාගෙන ගියා.අනේ මන්දා මෙයගේ මූන නම් අද අමුතුයි.වෙනදා වගේ හිනාවක් අද නෑ .මම කරපු දෙයට ඒ තරම් තරහ ගිහින්ද?
මම හැදුවේ ruhiව නවත්ත ගන්න.

"ඔහොම හිටපන් මී හරකා, උබ මේ පොඩි දේට අර කෙල්ලව මේ මහ පාන්දර ගෙන්නුවද උලමෝ.කියපන්"
යුන්ගි හ්‍යොන්ග් මගේ shirt එකේ පිටිපස්සෙන් අල්ලලා ඇදලා නවත්වන ගමන් ඇහුවා.

"මම... එයාට එන්න කිව්වේ ඊයේ වුන දේට සමාව ඉල්ලන්න හ්‍යොන්ග් ."මම කිව්වෙ අහින්සක මූනක් හදා ගෙන කිව්වා.

"යකෝ ඒකට නේ 4n එකක් තියෙන්නේ,උබට ඒක තේරෙන්නෙ නැද්ද? ගොන් පැටියා" ජින් හ්‍යොන්ග්නුත් මට බැන්නේ මාව තවත් අසරණ කරන ගමන්.

"අනික යකෝ ඒ කෙල්ල doctor කෙනෙක් .මොන වැඩක් මග දාලා දුව ගෙන ආවද දන්නේ  නෑ .බලපන් කෙල්ලගේ මූනත් වෙනද වගේ නෙවෙයි .ලොකු අව්ලක ඉන්නවා වගේ. ඇයි බන් උබට ටිකක් කල්පන කරලා වැඩ කරන්න බැරි. "හොබී කිව්වෙත් තරහින්

"හ්‍යොන්ග්, ඇයි අනේ ඔයා නූනාට ඒ තරම්ම වද දෙන්නේ.එයා පව්, මහන්සියටද කොහෙද වෙනදා හිනාවෙන් පිරිලා තිබ්බ මූනත් අද මැලවිලා."ජිමිනා කිව්වේ මට පොඩි රැවිල්ලක් දාන ගමන්.
පොඩි උන් ඔක්කොම මාත් එක්ක තරහ වෙලා අහක බලන්.කුක්කා අල්ලගෙන හිටපු මගේ අතත් අත ඇරියා.
ඔක්කොමලා මට පලු යන්න බනිනවා.
ඇත්තටම මම ඒ දේ ගැන ඒ තරම් හිතුවේ නෑ.

ඒ අතරම කව්ද dorm එකේ bell එක උඩින් බැහැ ගන්න බැරුව ඉන්නවා.
යුන්ගි  හ්‍යොන්ග් ගියා කවුද බලන්න.වෙලාවට නැත්නම් අද එයා මාව parts වලට ගලවලා විකුනනවා.

Mr.PerfectWhere stories live. Discover now