Happily Ever After.............?

1.2K 134 109
                                    

No one's pov

At Ruhi's  home.........................

''සමා......මෙහෙ එන්නකෝ.....මේක හොදයිද?නැත්නම් මේක?මට තේරෙන්නේ නෑ අනේ...''

රු එයාගේ මුළු අල්මාරියම ඇදගෙන කාමරේ ඉදන් කෑ ගහනවා.ඔව්,කෙල්ල අද උදේම නැගිටිටගෙන නම්ජූන් එක්ක date එකට යන්න ඇදුම් තෝරනවා.කෙල්ල බැරිම තැන සමාගෙන් උදවු ඉල්ලුවා.එයා උඩ ඉදගෙන එක එක ඇදුම ගෙනත් සමාට පෙන්නන්නේ පඩි පෙලේ ඉදගෙන.

''මොකද මල වදේ මේකේ තේරුම?දැන් ඇදුම් කීයක් ගෙනත් මට පෙන්නුවද?මෙහෙ එනවා යන්න එකක් හොයලා දෙන්න.අර අල්මාරියක් පිරෙන්න ඇදුම් තියනවා.....''සමාට මේ සමයම බලන් ඉන්න බැරිම තැන කෙල්ලගේ අතින් ඇදගෙන රුගෙ කාමරේට ගියා.

''මොකද මේ sale එකක්වත් දානවද?කෝ ඔයාගේ පිළිවෙල?'' සමා කාමරේ දැකලා ඇහුවා.

''ආ.....මට තේරෙන්නේ නෑ පන.....මොකක්ද ඇදගෙන යන්නේ?දැන් මේ ටික නවන්නත් ඕන....කවදා කාපු කටුද මේ?මම මීට කලින් මෙහෙම කොල්ලෙක් එක්ක එලියට ගිහින් නැහැනේ....උදව්වක් දෙනවකො.....ඔයා යුන්කි ඔප්පා එක්ක date වලට යනවනේ...''රු සමාගේ අතේ එල්ලීගෙන පොඩි එකෙක් වගේ කිව්වා.

''ආ....මම ඔය තරම් නටන්නේ නැනේ....ඔය අතට අහුවුණු එකක් ඇදගෙන යනවනේ...''සමා කිව්වේ රුගෙ අත ගසලාදාලා.

''අනේ නිකන් යනවා හලෝ යන්න...මට මතක නැද්ද ඔයා first date එක දවසේ මොන තරම් ඇදුම් ඇද ඇද එක හොද නෑ...මේක හොද නෑ...කියා කියා විසික් කලේ...අහිංසක මම තමා අන්තිමට ඒවා නවන්න ඉතුරු වුනේ....'' රු එහෙම කිව්වම සමා මුණ දෙක කර ගත්තා.

''ආ....මේක අදින්න....''

''බෑ මම meeting එකකටද යන්නේ?මට බෑ '' සමා දුන්න ඇදුම විසික් කරලා රු කිව්වා.

''එහෙනම් මේක.......''සමා රුට ලස්සන සුදු ගවුමක් දීලා කිව්වා.

''මම මල ගෙදරකද යන්නේ මට එපා...''

''මගුල.....දැන් නම්ජූන් ඔයාට කතා කලේ date එකකටද?කසාද බදින්නද?මෙන්න මේක අදිනවා....''සමා එහෙම කියලා රුට රෝස පාට ගවුමක් දුන්නා.

''ඒයි...මේ මම පොඩි එකෙක් වගේනේ...මට එපා.....අනික....මම යන්නේ date එකකට තමා....''රු මුණ හට්ටියක් විතර කරගෙන කිව්වා.

Mr.PerfectWhere stories live. Discover now