මෙයත් හැරවුම් ලක්ෂයකි....

243 66 48
                                    

"Hospital..?"

"තාත්තා ව පෙන්නන්න මාව මොකටද ගෙනාවේ?"

"අම්මේ...."

ඒත් අහන්න තරම් ශක්තියක්‌ නැහැ වගේ දැනුනා...... එක පාරට වෙනම ම ලෝකෙකට මම දුවලා ගියා......

"ඔයා පොඩ්ඩක් මෙතනින් ඉන්න අපි දෙන්න ඉක්මනට එන්නම් "

මම ගැස්සුනේ අම්මගේ වචන වලින්......

"හ්ම් හරි....."

අහන්න ගොඩක් දේවල් තිබුනත් ඒ වෙලාවේ කටින් පිටවුනේ ඒ වචන දෙක විතරයි.....

අම්මා තාත්තා එක්ක කතා කර කර නවතින්නේ නැතුව ඉසරහටම ගියා.....

"අංක 34 Mr............"

ඒ කතාකරේ අම්මටයි තාත්තාටයි කියලා දැනගත්තේ අපේ තාත්තගේ නම කිව්වා නිසයි.

ඊට පස්සේ එතන කව්දෝ කෙනෙක් මට ඉස්සරහට එන්න කිව්වා. මම එතනින් නැගිටලා ඉස්සරහට ගියේ දැනටමත් තේරුමක් නැති විකාරයක් වෙනුවෙන් මගේ මුළු දවසෙන් හොදම හරිය කැප කරා කියලා දැනුනම එන කේන්තියත් එක්කමයි.

"එයාව ඇතුලට එවන්න...."

මොනවා කරන්නද අයෙමත් බඩ ගාගෙන ඇතුලට ගියා....පුටුවෙන් වාඩි උනේ මට වාඩිවෙන්න කියලා කියන්නත් කලින්.

මොනවදෝ විකාර වගයක් ඇහුවා.ඒ දෙවල් විකාරයක් උනේ මම ඒ වෙලාවේ හිටිය කේන්තිය නිසා....

"අපි ඒ test එක කරමු. එතනින් පස්සේ අපිට පුළුවන් මොකද කරන්නේ කියලා බලන්න..."

ඒ පාර මොන පිස්සුවක් ද මේ. මොකටද මගේ test එකක් කරන්නේ.....

"තාත්තේ... මම හො...."

"බය වෙන්න එපා. ඒක රිදෙන්නේ නැහැ..."

මොන විකාරයකටද මම ඕක කරන්න ඕනේ.....

මෙච්චර දේවල් අහන්න තිබිලත් මම කරේ ගොනෙක් වගේ හිනා උන එක විතරයි......
..............................................................................................

පැය දෙකක් අපි hospital එක ඇතුලේ....

"මේ නිකන් අක්කට කරා වගේම test එකක් විතරයි.... වැඩිය හිතන්න එපා....."

"ඇත්තද හා හරි..."

ඒ වෙලාවේත් මම හිත හිත හිටියේ අපිට මගහැරුණු pizza කෑල්ල ගැන.......

"ඔයාලට doctor කතා කරනවා.Test එකේ Result එක doctor ගේ අතට ලැබිලා. මාත් එක්ක මේ පැත්තෙන් එන්න."

"ඔයත් යමු " කියලා අම්මා මට කිව්වේ මම හරිබරි ගැහිලා පුටුවේ ආයේ වැඩිවෙන්න හදපු හැටි දැකලා.

"හ්ම්ම්.."

"Ah එන්න ඇතුලට. මෙතනින් වාඩි වෙ.." ඉතුරු ටික කියන්න කලින් doctor ඒක නැවැත්තුවේ තාත්තගේ බැල්මට කියලා මට හොඳටම විශ්වාසයි.

"අහ්හ් මම මේ කිව්වේ ඔයාට නෙවෙයි දුව තාත්තට. ඔයා පොඩ්ඩකට දොර ලඟින් ඉන්න... "

මම කිසි දෙයක් කියන්නේ නැතුව දොර ගාවට ගියේ කතාව හොරෙන් අහන්න හිතාගෙන නෙවෙයි. ඒත් doctor කිව්ව කතාවේ බාගයක් ඇහුනට පස්සේ දොර ගාවින් මගේ කකුල් දෙක හොලවන්න තියා හිතන්නවත් බැරි උනා....

"මේක හිතුවට වඩා බරපතලයි. ආපු result එකට අනුව නම් මම එදා ඒ ඔයාට කිව්ව කතාව ඇත්ත වෙලා තියනවා. ඒ කිව්වේ........."

The Last Day I Be With You.......Where stories live. Discover now