"ඒ මේ....."
"ඒ පාර මොකද....."
"අහන්නකො ඉතින්......"
"මෙච්චර වෙලා කරේ ඒක තමයි...."
"හදිස්සියෙන් එක පාරට මාව නැතිවෙලා ගියොත් ඔයා මොකද කරන්නේ......."
"මොනව කරන්නද ගිය දේ ගියාවේ කියලා හිත හදාගන්නවා...."
ඔව් මෙයා තමයි මගේ ජිවිතේ හොදම යාළුවගේ චරිතෙට පණදෙන්නේ
මට ඕන හැම වෙලාවේම වගේ ඉන්න එකම කෙනා. ගොඩක් වෙලාවට මගේ boyfriend නුත් මෙයා තමයි. ඒ තරම් අපි සමීපයි. මොකද ඒක අවරුදු 12ක තැනින් තැනින් පළුදු වෙවී ශක්තිමත් විදියට හැදුනු බැඳීමක්.....
"අහ් මේකයි මට කියන්න ඕන උනේ............"
*************************************
හැමවෙලේම මම කියන දේට මොනවා හරි කියන එයා අද මාරම නිහඩයි. එයා බය උනා මට මුකුත් ම කියන්න මොකද එයා එක නොකියපු කතාව එයාගේ ඇස් මට කිව්වා. ඒක දැන ගන්නේ නැතුව හිටියනම්, ඔයා මට මේක නොකිය හිටියනම් කොච්චර හොදද කියන හැම ප්රශ්නයක් ම එයාගේ ඇස් මගෙන් ඇහුවා. ඉතින් ඒ හැම ප්රශ්නෙකින්ම මට පැනල යන්න ඕන උනත් මම ඒ වෙලාවේ කරේ එයාගේ ඉස්සරහ අමාරුවෙන් හිනා වෙන එක විතරයි.....
පන්තියෙන් එලියට එනකන්ම එයා වචනයක් මාත් එක්ක හරියට කතා කරේ නැහැ. වෙනද කඟවෙනෝ දෙන්නෙක් වගේ පාරේ දුවගෙන යන අපි දෙන්නම ඇවිද්දේ අපි දෙන්නටම උරුම උන නැති සංවර ගමනකින්....
"එක අතකින් මට ආදරයක් ලැබුනේ නැති එක හොදයි නේද. නැත්නම් මට අතාරින්න බැරි තව බැඳීමක් ඉතුරු වෙනවා නේ...."
අපි දෙන්නගේ තිබුන ඒ හිස්, නිහඬ අවකාශය බිඳුනේ මම ඒ අහපු දේ නිසා....
"කොමත් කරදර වෙන්න එපා. ඔයා වගේ පාත්තයෙක් ට කොමත් කොල්ලෝ කැමති නැහැ..."
හැමදාම මට මේ ටික කියනකොට අපි දෙන්නම කරේ හොදටම හිනා වෙන එක.එදා වගේම අදත් අපි හිනා උනා. ඒත් ඒ හිනාව දෙන්නටම වෙනද වගේ සුන්දර විදිහට දැනුනේ නැහැ.
"අපිට කරන්න කොච්චර දේවල් තිබුනද නේද. ඒකෙන් බාගයක්වත් තාම ඉවර කරලා නැහැ... "
එයාගෙන් කිසි ප්රතිචාරයක් නැහැ......
"මම එච්චර ඉක්මනට මැරෙන්නේ නැහැ. සතුටු වෙන්න එපා මගෙන් ගැලවෙන්න ලැබෙනවා කියලා හරිද..."
"කොමත් එච්චර ඉක්මනට මගෙන් ගැලවෙන්න දෙන්නෙත් නැහැ. බයවෙන්න එපා.."
ඔව් එයාට ඇත්තටම කියන්න ඕනේ උනේ. "ඔයා දැන්ම මැරෙන්නේ නැහැ බය වෙන්න එපා කියලා"යි. ඒත් මම දන්නවා එයා කිසිම හේතුවක් නිසා අනිත් අයට බොරු බලාපොරොත්තු දෙන කෙනෙක් නෙවෙයි කියලා........
"ජිවිතේ කියන්නේ මායාවක්......
මීදුම් පටලයකින් වැසී ගිය.....
ඒ වගේම ජිවිතේ සමහර කඩාවැටීම් තියනවා
හරියට, ඝණ වනන්තරයක නිවිලා ගිය
පන්දමක් වගේ.......
ඒ තරමටම ඉදිරිය අඳුරු වෙන.....එවැනි මොහොතක මිනිස්සුන් දෙවර්ගයක්
ඝන වනාන්තරයෙන් අපිට මුණ ගැහෙවී......එක් වර්ගයක් තමාගේ ඉදිරිය අඳුරු කිරීම නිසා දෙවියන්ට දොස් නාගවි.....
දොස් නගමින් ම සිටිමින් එතනින් ඉදිරියට යාමට උත්සහ නොකරාවි......අනිත් වර්ගය, ඝන අඳුරේ පියාසර කරන කණාමැදිරි එලියද තම ඉදිරිය ආලෝකමත් කරගැනීමට යොදා ගනීවි......
ජිවිතයට වැටීම් එන තරමටම ඔබ ශක්තිමත් වෙනවා නම්......
ඔබටද කණමැදිරි එළියෙන් ජීවිතය ආලෝකමත් කර ගැනීමට හැකි වෙවී..."
YOU ARE READING
The Last Day I Be With You.......
Short StoryCan A 19 Year Old Girl Bear Such A Death.....? A Story Of Darkness Life is short and unexpected. So find the rhythm in your life. Dance to that rhythm. Enjoy the taste of your life to the fullest...... Journey To Peace This Is Her Story...