HANAYA POV -
"අප්ප්පා...???"
අප්පා ෆෝන් එක තියලා ඇත්ත ටම මූ මගෙ තාත්තා ද නැත්නම් මාව වාසියට ගන්න යකෙක්ද?
මම තරහින් වෙව්ල වෙව්ල මගෙ room එකට ආවා.
"අම්මෝ දැනෙන නිදහස."
Triiiiiin ...................🔔🔔🔔
"ඕ කවුද මේ වෙලේ?"
මම දොර ඇරලා බලනකොට කවුරු ත් හිටියේ නැති වුනත් බෑග් එකක් එතන තිබ්බා.
"මේ මොකක්ද මේ????"
මම බෑග් එකත් අරන් ඇතුළට ගිහින් දොර වැහුවා.
"බලමු...මොකක්ද කියලා "
"ඕහ්...."
මම දැක්කේ ගවුමක් එක්ක heels2 කුයි ඒකෙ තීනවා.
ඒ වගේම ලිවුමකුත් එතන තිබුනා.
මේවා ඇදගෙන ඉක්මනින් කෑම්ප් එකෙන් එළියට එන්න.අබොජි එව්වා වාහනයක්
ඒකෙ එන්න ඕන තැනට එයි.ඔය තරහ ඇවිස්සෙන ඒවා ඔතන ම තියලා එනවා.තමුන් නටන්න ලෑස්ති වුනොත් තමුන්ගේ රස්සාව ත් නැති වෙයි.හරියට ම හවස 6.00 ට එන්න.මම එතන තීපු ඇදුම ඇදගෙන හීල්ස් 2 කත් දාගෙන ඉක්මනට කෑම්ප් එකෙන් එළියට ආවා.මම අවුලෙන් උනත් ඇදගෙන යන්නේ මට පලිගන්න තීන එකම අවස්ථාව වෙන රස්සාව නැති කර ගන්න බැරි නිසා මොකද කෝමත් එයාගේ සල්ලි නිසා ඕනම දෙයක් කරන්න පුළුවන් කියන එක මම හොඳට දන්න නිසා.
මම ඔරලෝසුවෙන් වෙලාව බැලුවේ තාම වාහනයක් එවලා තිබුණු නැති නිසා
හවස 5.59.ඕ හරියට ම 6.00 වුනා විතර යි වාහනයක් එතනට ආවා.මම කෝමත් දැනන් හිටියේ තාත්තා වැඩ කරන්නේ වෙලාවට ම කියලා.මම වාහනේ ට නැඟලා ඔහේ සීට් බෙල්ට් එකත් දාගෙන පොඩ්ඩක් හාන්සි වෙලා ඇලට් එකක් දැම්මේ ආසාවෙන් යන ගමනක් නොවුණු නිසා.Car එක පාක් එකට ගෙනියනකොට ගහපු බ්‍රේක් එකට මම ඉබේම නැගිට්ටා.
"මැඩම් ආවා.මැඩම් සර් කිව්වා ඇතුළට එන්න කියලා ,සර් ඉන්නවා ඇතුලේ."
මෙච්චර වෙලා ගල් ගිල්ල ඉබ්බා වගේ හිටපු driver එහෙම කියලා වාහනේ දොර ඇරිය.
"Ok..."
මට කවුරු කිව්වත් මගෙ ලොකුකම ආඩම්බර කම එහෙම ලේසියෙන් දාලා එන්න බෑනේ
මම ඇතුල් වුනේ ලොකු හොටෙල් එකක් වගේ ගෙදරකට.
අනේ මංදා රෑ වෙලා නිසා ද කොහෙද කහ පාටට ලයිට් වලින් ලස්සන වෙලා තිබ්බේ මේ හොටෙල් එක.ඉස්සර පැත්ත හොයා ගත්තෙත් බොහොම අමාරුවෙන්
මම ඇතුළට ගියා.
එතකොට එතන ඉඳගෙන හිටියේ අප්පා තව අප්පගෙ වයසේ විතර මිනිහෙක් තව සේවන්ට් ලා කියලා හිතන්න පුළුවන් 55 විතර ගෑනු අය.අර මිනිහා ළඟ තව එයාගේ වයසේ විතර ම තව මිනිහෙක් නැගිටගෙන හිටියා.
"ඕ එන්න දුව එන්න..."
යකෝ මේ මිනිහව මං අඩුම තරමේ මීට කලින් දැකලවත් නෑ දැන් මේ මිනිහා මට දුවත් කියනවා.මොනා කරන්න ද මම ඉතින් ගිහින් තනි සොෆා එකක වාඩි වුනා.
End hanaya pov.
.................................
YOU ARE READING
DEADLY LOVE
Aksiආත්මාර්ථකාමී සහ නපුරු පාතාල කණ්ඩායම් දෙකක් හා සියලු ම දේ නැති වුනු මුරණ්ඩු වගේම සරාගී පෙනුමකින් හෙබි දඩබ්බර ගැහැනු සෙබලියකගේ අති මුර්ග සටනක්.මේ අතර මෙහි එන බොහෝ චරිත කිසිදු අනුකම්පාවකින් තොරව වැඩ කරන මිනිස්සුන් වේ.🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤 ...