Dance lesson 💃

147 41 27
                                    

'ඔයා....ඔයා මොකද මෙහෙ...' yugyeom ලොකු හිනාවකුත් එක්ක jini ගෙන් ඇහුවා.

'ආහ් මං මංද මං මේ...ම්...'.jini ට දෙන්න උත්තරයක් නොතිබුනු පාර ඇය සිටින තැන වටපිට බැලුවා...එවිටයි ඇය දුටුවෙ ඇය සිටින්නෙ dancing studio එක්ක කියලා..

'මං මේ...මං ආවෙත් අලුතෙන් dancer කෙනෙක් විදිහට enroll වෙන්න..ඔව් ඒකට'

'ආහ් එහෙනම් අපි අලුතෙන් කට්ටිය ගන්නවා කියපු ad එක දැකලා වෙන්න ඕන..'.

'ආහ් ඔව් ඔව්'.jini කොහොමහරි බේරෙන්න ඔහුට උත්තර දිදී ඉන්න අතරෙත් බැලුවෙ එළියෙ පොලිසිය ඉන්නවද කියලා.

'පොඩ්ඩක් ඉන්න'.එහෙම කියපු yugyeom jini අතට form එකක් දුන්නා.

'ඕක fill කරන්නකො...ඊටපස්සෙ අපි යමු'.

Jini form එක අරං fill කරා...මේ ජීවිතෙ පළවෙනි පාරට තමුන්ගෙ ඇත්ත නම දාලා form එකක් fill කරෙ jini..

Jini fill කරලා දුන්නා form එක අතට ගත්ත yugyeom ඒකෙ තිබ්බ නම බැලුවෙ ඔහුට අහම්බයෙන් හෝ කීපසැරයක් ඇය හමු උනත් ඇගෙ නම අහගන්න බැරි වූ නිසා..

'Park hyuna....ලස්සන නමක්....ඔයාව කීපවතාවක්ම හම්බුනත් මට නම අහගන්න බැරි උනානෙ...ඒත් ඔයා වගෙම නමත් ලස්සනයි'. Yugyeom jini දිහා බලාගෙනම කිව්වා.

Jini දිහා හොඳින් බලපු yugyeom දැක්කා ඇය පැළඳ සිටියෙ සපත්තු නෙවෙ..

'ඔයා සපත්තු නෙවෙද දාං ආවෙ'.

'ආහ් මට එන්න තිබ්බ හදිස්සියට සපත්තු අමතක උනානෙ'.

'ම්...කමක් නෑ එහෙනම් මගෙ සපත්තු දෙකක් දෙන්නම් අදට...ඒත් ඒවා ලොකු වෙයි පුලුවන් තරම් ලේස් තදට ගැටගහගන්න නැත්තම් ගැලවිලා විසිවෙයි..'.

එහෙම කියපු yugyeom එයාගෙ සපත්තු දෙකක් jini ට දැම්මෙව්වා.

Yugyeom's pov

ඒක අහම්බයක් කියලා කොහොමද අහක දාන්නෙ...මට එයාව හම්බුනු හතරවෙනි පාර...ඒ දකින හැම මොහොතකදිම මට දැනෙනව මගෙ හිත හොයන්නෙ එයාව කියලා....ඒත් මුලින්ම දැක්ක දවසෙ ඒ නිල් ඇස්...එයා නපුරු කෙනෙක් කියලා මට හිතන්න බෑ....මුලින්ම එයාව මට හම්බුනෙ කෙනෙක්ව පැහැරගෙන යද්දී..එයා කොහොම කෙනෙක්ද කියලා මං දන්නෑ...ඒත් ඒ ඇස් දකිද්දී එයා නපුරුයි කියලා මට හිතන්න බෑ...මගෙ හිත නවතිනව ඒ ඇස් මානයෙ...මං මේ ප්‍රශ්නෙදි පොලිසියට ඇත්ත කියන්න ඕන උනත් මට ඔයා නිසා ඒක කරන්න බෑ...මට බෑ ඔයා ගැන කියන්න මට බයයි ඔයා නැති වෙයි කියලා..

'ම්...ඉවරද වැඩෙ'. මං hyuna ගෙ සපත්තු ලේස් එක ගැටගහන එකත් සිහියකින් නෙවෙ කරෙ මගෙ සිහිය හරියට ආවෙ hyuna ගෙ කටහඬින්...

'ආහ් ඔව් ඔව් ඉවරයි....එන්න යමු අපි'.මං hyuna වත් එක්කන් ගියා..


Yugyeom jini වත් එක්කං අලුත් අය practice කරන room එකට එක්කන් ගියා.

'Sir sir ඔයා juniors ල නෙවෙ seniors ලනෙ practice කරවන්නෙ...' yugyeom එනව දැකපු junior dancer practice කරන කෙනා ඇහුවා.

'ආහ් මේ අද ඉඳං මං junior අයට practice කරවන්නම්...මොකද එයාලට පුරුද්ද ඕනනෙ ටිකක්...ඔයා ගිහින් seniors ලා practice කරවන්නකො'.yugyeom එහෙම කියලා එතන හිටපු කෙනාව යැව්වා...

මුලින්ම warmup ඉවර උනාම yugyeom හිටපු අයට easy steps පුරුදු කෙරෙව්වා..

ඒත් yugyeom ගොඩක්ම ගියෙ jini ගාවට...yugyeom ට ඕන උනෙ jini ට කිට්ටු වෙන්න.

Jini's pov

මං අදත් අහම්බයෙන් ඒ මනුස්සය ගාවටම ආවා...මං දන්නෑ මං කීපාරක් එයා ගාවට ආවද කියලා...අදත් මට උනෙ එයා ඉස්සර සාමාන්‍යය කෙල්ලෙක් වගෙ රඟපාන්න..ඒත් නටද්දි එයා මට ගොඩක් කිට්ටුවෙන් හිටියෙ ඒ හුස්ම පවා මට දැනුනා...මං නපුරු දරුණු චරිතයක් කවදාවත් මට මං මගෙ හිතටවත් මං කෙල්ලෙක් කියලා හිතන්න ඉඩ තිබ්බෙ නෑ...මොකද මට එහෙම ජීවිතයක් උරුම නැති නිසා...ඒත් අහම්බෙන් හම්බුන මේ මනුස්සය සැරින් සැරෙ මගෙ හිත වෙනස් කරනව..මට මං කෙල්ලෙක් කියලා මතක් කරෝනවා...මට තේරුම් ගන්න බෑ...ඒත් මට බෑ ඔයාට කිට්ටු වෙන්න...මට කෙනෙක්ට ආදරෙ කරන්න බෑ...ඒත් මට දැනෙනවා මං ඔයාට ආදරෙ කරන්න අරං.

Jini yugyeom දෙන්නටම නොදැනී වෙලාව ගියා...jini යන්න යද්දී yugyeom ආවා jini ගෙ සෙරෙප්පු අරං එයා ළඟට...

'මං එහෙනම් යන්නම් sir...'jini කිව්වා .

'ආහ් මං මේ ආවෙ...'.yugyeom මොනවහරි කියන්න ගියත් jini එයාගෙ phone එකට neon එවපු msg එක දැක්කා.

Neon

Jini ඔතනින් වරෙං මං ඕක ඉස්සරහ ඉන්නෙ පොලිසිය වෙන පැත්තකට ගියා...උඹ ටයි මටයි place මාරු කරන්න වෙනවා...ඉතිං අලුත් තැනට උඹ ව එක්කන් යන්න මං ආවෙ..ඉක්මනට වරෙං.

'ආහ් sir මං යන්නෝන මට පරක්කුයි මං ආයෙ practice දවසට එන්නම්'.එහෙම කියලා හදිස්සියෙ එතනින් දිව්වා.

'ඒත් මේ hyuna ඔයාගෙ සෙරෙප්පු දෙක'.ඒත් yugyeom කියනකොටත් jini ගිහින් ඉවරයි...

Yugyeom ඒ සෙරෙප්පු ජෝඩුව දිහා බලං
' Cinderella වගෙ සෙරෙප්පු දාලා ගියා..ඒත් මේ cinderella මගෙ සපත්තු දෙකත් අරං ගියෙ' හිනාවෙලා හිතුවා.



Cinderella නෙවෙ මෙයා jiniderella වෙන්නෝන නේහ්🤣 හැමදාම අහම්බෙන් හරි yugyeom ව හම්බෙනවනෙ

ඊළඟට මොකක් වෙයිද කියලා බලමු😁

Paari nimu💞

Turn 🖤💥💣[Completed]حيث تعيش القصص. اكتشف الآن