𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 𝐨𝐧𝐞

2.9K 402 112
                                    

නීල පැහැති සලුපිලි මගේ ගතේ ඔපය තවත් නංවා ඇත.මා පැලද සිටින ඔටුන්නෙහි බර මා හට දරා ගැනීමට නොහැකි තරම් ය. මිනිසුන් පිරිවරාගත් මා එලිමහන් මන්ඩපයේ රැදී සිටින්නේ කුමකටදැයි මා තවම නොදන්නෙහි ය.

එක්වරම ආභරණ වලින් සැරසූ හස්ති රාජයෙක් පිට නැගි  කඩවසම්,පිරිපුන් තරුන රජ කෙනෙක් පැමිනෙන්නට විය. ඔහු මා වෙත ඇසක් ගසා අලංකාරව සිනාසුනේය.මමද ඔහු සමග පෙරලා සිනාසුනෙමි.

සේවකයෙක් මා ලගට පැමිණියේය.

" කුමරුනි!. මා හට කමා කර මෙම පලතුරු අනුභව කරනු මැනවි."

ඔහු ඉදිරියට දිගු වී දිගුකල පලතුරු කූඩයෙන් ඇපල් ගෙඩියක් පමණක් ගත් මා හට මෙම  සේවකයාගේ හුරුපුරුදු බවක් දැනෙන්නට විය.දැක හුරු පුරුදු රුවකි.

ඒ අතර එක්වරම මණ්ඩපය ඉදිරියේ සිටි හස්තියා හොඩවැල මා දෙසට දිගු කරන්නට විය. හස්තියාට අවශ්‍ය වූයේ මා අත තිබූ ඇපල් ගෙඩිය උදුරා ගැනීමටයි. නමුදු මා ආහාර සදහා බොහෝ ප්‍රිය කරන්නෙක් වූ බැවින් මා අකැමැතිම කාර්යයක් වූයේ ආහාර බෙදා ගැනීමට සිදු වීමයි. එම හේතුවෙන් මා හස්තියාගෙන් ඇපල් ගෙඩිය බේරා ගැනීමට පිටුපසට වුවත් මා කුමක හෝ පැටලී ඇද වැටෙන්නට විය.










ඤෑව්ව්ව්.! මා හට ඉතා විශාල ශබ්දයක් ඇසුන බැවින් මා ඒ දෙස ඉක්මනින් හැරී බැලුවේ එය අනතුරක් විය හැකි බැවිනි.

නියමයි! ඒක ඇත්තටම ලොකු අනතුරක්.මම ලස්සන හීනයක් දැකලා. ඒත් ඒ හීනෙ නිසා මම මාම්ගෙ ආදරණීය පූසගෙ ශරීර ස්කන්ධය මත.
ජියෝන් ජන්ග්කුක් ඔයා අද ඉවරයි. අද දවසටම ඔයාට ගෙදරින් කෑම නැතිවෙයි වගේ.

හරි මම හීනයක් දැක්කා!. ඒත් මේ පූසට වටිනවද  මගේ ඇද ගාව තියෙන පාපිස්සෙ නිදාගන්න. ඒක මගේ වටිනම ආසම ලස්සනම පාපිස්ස!!.

"මොකක් කුක්?!. ඔයා අදත් කිට්කැට් ට කරදර කරලා ඒ පූසට මේ ගෙදර එපා කරවන්නද හදන්නේ! ආහ්!."  මාම් කෑ ගහගෙනම මගේ රූම් එකට ආවා.

"මොකක්ද ඒ ඇහුන සද්දෙ ." පපාත් එහෙම අහගෙන රූම් එකට ආවා.පපාට  විතරයි මම වැටුනු සද්දෙ ඇහිලා තියෙන්නෙ.අපේ මමා ඇවිත් ඇත්තේ ,එයාගෙ පන වගේ ඉන්න ආදරණීය කිට්කැට් කෑගහන සද්දෙට වෙන්න ඕනි.

𝐓𝐚𝐥𝐤𝐢𝐧𝐠 𝐄𝐲𝐞𝐬 (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤)- 𝑈𝑛𝑑𝑒𝑟 𝐸𝑑𝑖𝑡𝑖𝑛𝑔Donde viven las historias. Descúbrelo ahora