𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 𝐅𝐢𝐯𝐞

2K 335 141
                                    

ජෙනී මිස් එහෙම කියනවත් එක්කම ටේහියොන්ග් සර් මගේ දිහා බලනකොට මම රවලා ජිමින්ට ඇස් වලින් කිව්වා යමු කියලා.මට පේන විදියට ලගදිම අපිට ලස්සන ඩාන්ස් එකක් බලාගන්න පුලුවන් වෙයි.

"මොකද ඔය ළමයි පාර්කින්ග් එක ලඟ තපස් රකින්නේ?" අපි ක්ලාස් එකට යන්න හදනවත් එක්කම ඩාන්සින්ග් මිස් ඇහුවේ  අපි දිහා බලලා රවන ගමන්.

"ඒ ළමයිව නවත්තගත්තෙ මම මිස් ජෙනී.මේ ටියුට්ස් ටික ක්ලාස් එකට යවන්න." ටේහියොන්ග් සර් මගේ දිහා බලලා කියනකොට මම හිතින් මල විකාර කියලා සර්ට බැන්නා.

"මට කියන්න අමතක වුනා කලින්. අපේ ස්කූල් එකේ හෝසොක් සර් කියන්නෙ ටේහියොන්ග් සර්ගෙ කලින් ඉදන්ම යාලුවෙක්ලු. යුනිවර්සිටි යන කාලෙ හෝසොක් සර් අපේ ගෙදර එනවා. සර් දන්නවා මම සන් ජේ කියන්නෙ මගේ හියොන්ග් කියලා." ටේහියොන්ග් සර් දුන්නු ටියුට්ස් ටිකත් උස්සගෙන යනකොට ජැකී එයාගෙ කතාව කන්ටිනියු කරන්න පටන් ගත්තා.

නිකී - "වොහ් රියලි! නියමයි ජැකි.ස්කූල් එකේ වෙන ඔක්කොම හියොන්ගෙ කනේ ඇති දැන්."

ජිමින් - "ටේහියොන්ග් සර් ආවෙත් ඊයේ.අපේ ඩාන්සින්ග් මිස් හොද ඩාන්ස් එකක් ලගදිම පෙන්නනවා කියලා මට නම් ශුවර්."

මට හිතාගන්න බෑ ඇයි ටේහියොන්ග් සර්වයි ජෙනී මිස්වයි දැකපු වෙලේ ඉදන් පොඩි අවුලක් හිතට දැනෙන්නෙ කියලා.සමහර විට ටේහියොන්ග් සර් මගේ ක්‍රශ් ලිස්ට් එකට ඇඩ් වුනු නිසා වෙන්න ඇති. මොනා වුනත් ඒ මට උගන්වන සර් කෙනෙක්.අනික මම බෝයි කෙනෙක්.එයා බෝයිස්ලට කැමති නැති වෙන්න පුලුවන්. ආයිශ්! ඇත්තටම මට පිස්සුද? ඇයි මම ටේහියොන්ග්  ගෙන ඒ විදියට හිතන්නෙ.

මගේ හිතත් හරිම මුරන්ඩුයි.වෙලාවකට ටේහියොන්ග් සර්ට සර් කියන එක එකතු කරන්නෙම නෑ. ඒ වගේ වෙලාවට මම බොහොම අමාරුවෙන් අනිත් මිනිස්සු ඉස්සරහ ටේහියොන්ග් කියන නමට සර් කියන එක එකතු කරගන්නෙ.
.
.
.
.
.
.
.
.
මම ඒ ගෙන හිත හිත ඉන්නකොට කවුරුහරි මගේ අතින් ඇද්දා. මම ඔලුව උස්සලා ක්ලාස් එක දිහා බලනකොට දැක්කේ මුලු ක්ලාස් එකම නැගිටලා ටේහියොන්ග් සර්ට ග්‍රීට් කරනවා. මමත් ඒ එක්කම නැගිට්ටත් හිටගෙන ඉදපු මුලු ක්ලාස් එකම එතකොටම වාඩි වුනා. ක්ලාස් එකේ ඔක්කොටම ඒකට හිනා යනකොට සර් මගෙන් ඇහුවා ඇයි කියලා

𝐓𝐚𝐥𝐤𝐢𝐧𝐠 𝐄𝐲𝐞𝐬 (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤)- 𝑈𝑛𝑑𝑒𝑟 𝐸𝑑𝑖𝑡𝑖𝑛𝑔Où les histoires vivent. Découvrez maintenant