හැදින්වීම
කොරියානු අධිරාජ්‍ය ඉතිහාසයේ මිත්‍යා යුගය ලෙස සැලකෙන "ගොජොසන්" යුගය පලමු කොරියානු අධිරාජ්‍ය වන අතර මෙය ක්‍රි.පූ 108 වන සියවස දක්වා පැවත ඇත.කිසිදු ලේඛනයක මෙම යුගයේ පාලකයින් පිලිබදව සදහන්ව නැතත් මෙම ගොජොසන් යුගය ගීජා හා දන්ගුන් පාලකයින් යටතේ පාලනය වූ බවට සමහරු මත පල කරයි.කෙසේ වෙතත් මෙම කථාංගයේ සියලු චරිත හා සිදුවීම් ගෝජොසන් යන හදුනා නොගත් යුගයට ඇතුලත් කරනුයේ මා අතින් කොරියානු ලිඛිත ඉතිහාසයට හානියක් නොවීමේ අරමුණෙනි..
Chapter 1
ගීජා රජු හා දන්ගුන් රජු යනු ගෝජොසන් බිම එක්සේසත් කල පලමු අධිරාජ්‍යන් දෙදෙනායි..සියලු සටන් ශිල්ප හා දේශපාලන න්‍යායන් තමන් විසින්ම ප්‍රගුන කල කුඩා කාලයේ පටන් ම ලගම මිතුරන් වූ මොවුන් සිය දැනුම හා ශිල්පීය ක්‍රමයන් එක්කොට ගෝ ජෝසන් අධිරාජ්‍ය නිර්මාණය කලා..පසු කලෙක පාලනය පහසු වීමට ගීජා රජු දකුනු ගෝජෝසන් බිම සිය නමිනුත් දන්ගුන් රජු බටහිර ගෝජොසනය සිය නමිනුත් වෙනම රාජ්‍යන් දෙකක් ලෙස වෙන්කොට පාලනය ආරම්භ කලා..පසු කලෙකදි සිය දරු මුනුබුරන්ගේ බල අරගලයන් නැවැත්වීමේ අරමුනින් ගීජා රජුත් දන්ගුන් රජුත් මෙම රාජ්‍යන් දෙකට කිසිදාක කඩනොකරන විවහ ප්‍රතිපත්තියක් ගෙන ආවා..එය නම් සිය රාජ්‍යන් දෙකේ පලමු දියනියන් සහෝදර රාජ්‍යට අග බිසව කොට විවහ කර දීමයි..එතැන් පටන් වසර ගනනාවක් මුලුල්ලේ මෙම විවාහා ප්‍රතිපත්තිය පැවත ගෙන ආ නිසාම කිසි කලෙක ගීජා හා දන්ගුන් අධිරාජ්‍යන් අතර යුද්දයක් පැවතුනේ නැහැ..
"පුත් කුමරුන් විවාහය පිලිබදව කිසිදු කැමැත්තක් නැති සේ යි රජතුමනි"
අග බිසව කනගාටුවෙන් කිව්වා..රජතුමා උන්නෙත් ලියකියවිලි තොගයකට යට වෙලා..
"එවිට කෙසේද දියනියගේ විවාහය සිදු කරන්නෙ..ඔබ ඔහුට බල කොට හෝ විවාහයට කැමති කරවා ගත යුතුයි"
"නමුත් රජතුමනි"
"අග බිසවුනි..ඔබගේ සහෝදරයට පිලිතුරු දිය යුත්තේ මා නොවේද..දැන් කුමරියගේ වයස අවුරුදු විස්සක්.."
YOU ARE READING
Snow Flower (Completed)
Fanfictionබල අරගලයක අතරමං වූ ආදර කතාවක දෛවෝපගත අවසානය......