සිය මෑනියන් ප්‍රමුඛ කොට ගෙන ටේවන්ග් සහ ඒසෝ කුමාරවරුත් ඊට පසෙකින් අමාත්‍යවරුත් පිලිවෙලින් ගීජාහි ප්‍රධාන ශාලාවට ආවා..එට දන්ගුන් මාලිගයට වඩා වෙනස්ම විදියෙ ලී කැටයම් වලින් අලංකාර උනු ඉතා විශාල ශාලාවක්..ටේවන්ග් ගේ මෑනියන් දුටු ගීජාහි අග බිසව අසුනෙන් නැගිට ඇයව පිලි ගත්තා..ඊට මෙපිටින් ගීජා හි සියලුම රාජකීයන් සිය තනතුරු මට්ටම් පිලිවෙලට අසුන් ගෙන සිටියා.. අමුත්තන්ට වෙන් වූ දකුනු පස පීටිකාවෙන් අසුන් ගත් ටේවන්ගේ ඇස් සෙව්වෙ විශේශ පුද්ගලයෙක් ව..ඒ වෙන කිසිවෙක් නොවේ සෝයා."අයියන්ඩි අර ඉන්නෙ ගීජා කිරුල හිමි කුමරු..නැගෙනියගේ අනාගත සැමියා"
ඒසෝ කුමරු රහසින් කියද්දී ටේවන්ග් ගේ ඇස් ගියෙ තමාට හරි කෙලින් අසුන් ගෙන සිටි ප්‍රියමනාප තරුනයෙක්..පිරිපුන් සිරුරක් එක්ක සිනා මුසු මුහුනක් ඔහුට හිමි උනා..
"පෙනුමෙන් නම් නැගෙනියට ගැලප්නවා නොවේද "
ඒසෝ කියද්දි ටේවන්ග් ඔහු දෙස රවා බැලුවා..තම මෑනියන්ගේ නෑයින් උනත් ගීජා රාජ්‍ය ගැන ටේවන්ග් තුල තිබ්බෙ අයහපත් සිතුවිල්ලක්..විශේශයෙන් ම සොයොන් කුමරිය ගැන..
"ටේවන්ග් ඉතා කඩවසම් තරුනයෙක් වෙලානෙ"
"ගීජා මහරජු සිනාසෙමින් කිව්වා..අගබිසවත් හිස සලද්දි ටේවන්ග් කුමරු අසුනෙන් නැගීසිටියා.."
"බොහෝ කලකින් නොපැමිනීම ගැන කමා කරන්න රජතුමනි..ඔබ තුමා සුවෙන් සිටිනවා යැයි විස්වාස කරනවා.."
ටේවන්ග් හිස නමා ආචාර කරමින් කිව්වා.. රජතුමා සිය අසුනෙන් නැගිට කුමරු අසලට ආවෙ සිනාසෙමින්..
"ඔබ කුඩා කල මට මාමන්ඩි යැයි සැක නොහැර පැවසුවා..නමුත් මා දැන් ඔබට රජෙකු පමනක් වෙලාද ටේහයොන්ග්.."
රජු සුසුමක් හෙලා කතා කරා..
"මා දන්නවා..ඔබ අන් සියල්ලන්ටම වඩා වෙනස්..ඒ නිසාමයි මගේ දෑස් වන් සොයොන් ව ඔබේ අත් වලින් තබන්නෙ..ඔබ දිනෙක හොද රජෙකු මෙන්ම හොද සැමියෙකු වෙනවා නිසැකයි ටේහයොන්ග් .."
ටේ වන් කුමරු බිම බලා සිටියා පමනයි..රජතුමා නැවත සිය අසුනේ අසුන් ගත්තා..බොහෝ කාලයකට පසු ආ නිසා ටේවන්ග් ගේ මෑනියන් වෙනුවෙන් ගීජා හී සංස්කෘතික අංග රාශියක් සූදානම් කර තිබ්බා..නැටුම්, ගායනා , කඩු ශිල්ප...අවසානයේ කුමරියන්ගේ මුහුරත් උලෙල ආරම්භ උනා..මුලින්ම නීර්ජා කුමරිය ඒසෝ කුමරුන් වෙත ආවා..ඒසෝ කුමරු අසුනෙන් නැගිට ඇය වෙත ගොස් සිනා සුනා..
YOU ARE READING
Snow Flower (Completed)
Fanfictionබල අරගලයක අතරමං වූ ආදර කතාවක දෛවෝපගත අවසානය......