Chapter 10

834 210 13
                                    

අගබිසවගේ මාලිගය ඉදිරිපිට ටේවන්ග් රජු උන්නේ ඉතාම කලබලයෙන්.ඔහුගේ දෑස් රතු පැහැයෙන් දිලිසෙනවා.කෝපය වේදනාව ඔහු තුල ගිනි ගන්නවා.එක් වරම කුටිය ඇතුලෙන් සෝයාගේ කෑ ගැසීම ඇසුනා.හෙදියන් කිහිප දෙනෙකු වේගයෙන් කුටියෙන් පිටතට දිව එද්දී ප්‍රධාන හෙදිය රජු අසලට පැමිනියා..

එතුමියට ආහාර ආසාත්මික තාවයක් ඇති වී තිබෙන්නේ රජතුමමි..කටු චිකිත්සාවෙන් එය සුව කලා..නමුත්…

නමුත් කුමක්ද ගැටලුව

ඇය දරු ප්‍රසූතියට සූදානම් වෙනවා

හෙදිය පවසද්දී රජුගේ දෑසෙයි මෙතෙක් හිරවී තිබුනු කදුලු පේලියට කඩා වැටුනා..ප්‍රසූතියට තව දින හතරක කාලයක් ඉතිරිව තිබුනත් සෝයා දැන් දරුවා බිහි කිරිමටයි යන්නේ..මුලු මාලිගයම එකම කලබලයක් වෙලා..

එතුමියගේ ශරීරය දුර්වලයි.ඒ නිසා ප්‍රසූතිය තරමක් අසීරු වේවී

හෙදිය පවසනවත් එක්කම ඇතුලෙන් නැවතත් සෝයාගේ කෑ ගැසීම ඇසුනා..හෙදිය රජුට ආචාර කොට කුටිය ඇතුලට දිව ගියා.රජු උන්නේ බියෙන්..සෙබලු අගබිසවගේ මාලිගාව වටා මුර කාවල් තර කරා.ඒත් එක්කම ප්‍රධාන සෙන්පති රජු අසලට පැමිනියා.

රජතුමනි මුලුතැන් ගෙයින් කිසිදු විසක් හෝ සැක හිතෙන යමක් හමු වුනේ නෑ.

රජු ඔහු දෙස බැලුවේ කෝපයෙන්..එක්වරම ඔහුගේ මුහුන වෙනස් වී යමක් මතක් උනු පෙනුමක් මැවුනා.

අද අග බිසවට ආහාර සැකසූ පාලිකාවන් විමර්ශන ශාලාවට කැදවන්න.

රජු අගබිසවගෙ කුටිය දෙස නැවත බලා විමර්ශන ශාලාව වෙත පිටත් උනා.රජුගේ අණ පරිදි දහවල් ආහාරය සැකසූ මුලුතැන්ගෙයි පාලිකාවන් දෙදෙනෙකු හා ප්‍රධාන පාලිකාව සෙබලුන් බාරයේ රදී උන්නා.

අද දිනයේ අග බිසවගේ ආහාර වට්ටෝරු මොනාද

රජු ඇහුවේ කෝපයෙන්.ප්‍රධාන පාලිකාව රජු ඉදගෙන සිටි අසුන ඉදිරියට පැමින ආචාර කරා.

අද දහවල් එතුමිය තැම්බූ එලවලු සලාදයක් පමනයි ආහාරයට ගත්තේ රජතුමනි.

රජුගේ ඇහිබැමි උඩගියා..යමක් කල්පනා කෙරූ ඔහු නැවතත් පාලිකාව දෙසට හැරුනා.

Snow Flower (Completed)Where stories live. Discover now