Chapter 8

878 211 4
                                    

ටේවන්ග් යුව රජු කෙලින්ම ගියේ උප බිසෝ මාලිගයටයි..උප බිසවගේ පෞද්ගලික ආරක්ශකයින් පමනක් මාලිගය වටා සිටිනු දුටු යුව රජු ඔහු පිටිපසින් ආ ඔහුගේ සේනාවට අතින් ඉගු කරා..යුව රජුගේ ඉගියෙන් ඉස්සර උනු ඔවුන් උප බිසෝ මාලිගයේ සිටි ආරක්ශකයින් එක මොහොතින් මරා බිම දමද්දී උප බිසව පිටතින් ඇසුනු ගෝශාව හේතුවෙන් මාලිගයෙන් එලියට පැමින හමාරයි..

"ටේවන්ග් නුඹ උමතුවෙන් ද"

උප බිසව කෑ ගැසුවා..

"නුඹ මාගෙ මව මරා දැමීමෙන් පසුව මා කෙසේද උමතු නොවී සිටින්නෙ"

ටේ වන්ග් උන්නෙ කෝපයෙන්..ඔහුගේ පිලිතුරෙන් මදක් කලබල වූ උපබිසව අඩියක් පිටු පසට තැබුවා.ටේවන්ග් දෙපස උන් පාලිකාවක් මරා දමා උපබිසව වෙත ලන්වෙද්දී ඔහුගේ කඩුව උප බිසවගේ ගෙල අසලට ගෙන ගියා..

"ටේහයොන්ග් එය නවත්තන්න"

රජතුමාගේ කෝපයෙන් එනු දුටු ටේවන්ග් කුමරු උපබිසවගේ ගෙලෙහි තිබූ කඩුවෙන් ඇගේ ගෙල සිද දැමෙවේ ද්වාරය අසල සිටිනා සිය පියානන් දෙස කෝපයෙන් බලා..උප බිසව බිම ඇද වැටෙද්දී රජු ඇය වෙත දිව ආවා..මේ වෙන විටත් මාලිගයේ ආරක්ශාව ටේවන්ග් පාලනයේ තිබුනා..එදින රාත්‍රිය දන්ගුන් මාලිගය ලේ විලක් බවට පත් කරමින් ටේවන්ග් ගේ මෑනියන් අවසන් සුසුම් හෙලුවා..

"යුව රජුනි..අග බිසව…"

උපබිසෝ මාලිගය වෙත දිව ආ අගබිසවගේ පාලිකාව හැඩුම් අතරින් ටේවන්ග් ඉදිරියේ වැද වැටුනා..

"කුමක්ද ...කුමක්ද මගේ මෑනියන්.."

"අග බිසව මිය ගියා යුව රජුනි"

එය ඇසෙනවාත් එක්කම ටේවන්ග් ගේ දෙපා අප්‍රානිකව බිම දන ගැසෙද්දී ඔහුගේ සෙබලුන් ඔහුව අල්ලා ගත්තා..ඔහු ඒ පමාවෙන් සිය මෑනියන් වෙත දිව යද්දී රජු අත උන් උප බිසවද අවසන් සුසුම් හෙලුවා..එක මොහොතකින් සිය කාරුනික බිරිදත් , සිය ප්‍රේමවන්තියන් ලොව හැර යද්දී රජු වේදනාවෙන් විලාප තැබුවා..හදවත තුලින් ආ වේදනාවෙ තරම ඔහුව අන්ධ කරා..අසල වැටී තිබූ කඩුවකින් සිය උදරය සිය අතින්ම සිදුරු කරගෙන සිය පෙම්වතිය හා බිරිද සමගම රජු අවසන් ගමන් ගියා..

Snow Flower (Completed)Où les histoires vivent. Découvrez maintenant