Chapter 2

1.1K 248 11
                                    

"මා මේ ගමන පැමිනියේ ඔබ නිසා ඒසෝ..මතක තබා ගන්න."

ටේවන්ග් කුමරු ගිමන් හලේදී පැවසුවා..ඒසො කුමරු නම් උන්නෙ සතුටින්..ගීජා වෙත යන ගමනේදී දේශසීමාව අසල ගිමන් හලක කාලය ගත කර උදෑසනින්ම ගීජා ප්‍රධාන මාලිගාවට ඇතුල් වීමට බලාපොරොත්තුවෙන් උන් පිරිස රාත්‍රිය නිවිහැනහිල්ලේ ගත කරද්දී ටේවන්ග් කුමරු නම් උන්නේ කනස්සල්ලෙන්..ඒසෝ කුමරු ගේ බල කිරීමට මේ ගමන ආවත් තම මාමන්ඩිය වූ ගීජා හි මහ රජුට සිය සිතුවිල්ල එක එල්ලේම පවසනන්නට ඔහු සිතා ගත්තා..

"අයියන්ඩි ගමනක් යමු"

"කොහේද..මේ රාත්‍රියේ"

"නීර්ජා කුමරිය හමුවීමට"

"කුමක්ද…"

"ඇය අසල ගග ගාවට පැමිනෙන වග දැනුම් දුන්නා..යමු මා සමග.."

ටේවන්ග් කුමරු කිසිවක් කීමට පෙර ඒසො කුමරු ඔහුවත් ඇදගෙන ගියා..ඔවුන් එනකොටත් නීර්ජා කුමරිය තවත් තරුනියක් සමග ගග අසල සිනාසෙමින් උන්නා..

"අයියන්ඩි..නීර්ජා ඔබව දැක නැහෑ..අපි ඇයව රවටමුද…"

ටේවන්ග් කුමරු අහක බලා ගත්තේ මෙවැනි දෑ ට ඔහු ප්‍රිය නොකරන නිසා..ඒසෝ කුමරු ලගට එනවත් එක්කම නීර්ජා කුමරිය ඔහුව වැලද ගත්තා..

"මේ කවුද"

ඒ පැනය නීර්ජාගෙන්..

"මේ මගේ ලගම මිතුරා..ටේහයොන්ග් ..එතකොට මේ තරුනිය"

"මේ මගේ මිතුරිය සෝයා…"

තරුනිය සිනා සුනා..ඇය ඉතා සුන්දර තරුනියක්..ශරීරය රන්වන් පාටින් දිදුලන ඇගේ කෙස් ඉතා දීප්තිපත්..සිනහව ඉතා පියකරු මෙන්ම මුහුනේ කෙලවර උපන් ලපය ඇගේ මුහුනට තවත් ලස්සනක් එක් කලා..

"කටකතා බොරු එහෙනම්...ඔබේ අක්කන්ඩියට වඩා රූමත් අය මේ රාජයේ සිටිනවා.."

ඒසෝ කුමරු සෝයා දෙස බලා කියද්දි ටේවන්ග් කුමරු උන්නෙත් වශී වෙලා වගේ..ඇත්තෙන්ම සෝයා ව මුලිම්ම දකින ඕනෑම කෙනෙක් පලමු බැල්මෙන්ම ඇයට වශී වෙනවා..සෝයා ටේවන්ග් කුමරු දෙස බලා සිනාසෙද්දි ඔහු වෙනතක් බලා ගත්තා..ඒසෝ නිර්ජා ගේ අතින් අල්ලාගෙන ගග කෙලවරට යද්දී ටේවන්ග් සෝයා එක්ක ගල් තලාව උඩ තනි උනා..

Snow Flower (Completed)Where stories live. Discover now