Chapter 3

949 237 18
                                    


"අද සොයොන් කුමරියගේ ජන්ම දිනය..

"ඉතින්"

"අයියන්ඩී ඇයට ත්‍යාගයක් දිය යුතු නොවේ ද"

ටේවන්ග් කුමරු මාලිගයෙන් එලියට ආවෙ හවස් යාමයේ ඇවිදීමටයි..පසු දින සොයොන් කුමරිය හමුවට යාමට නියමව තිබුනු නිසා කුමරු උන්නේ නොසන්සුන්ව.

"ඔබට හැකිද නිහඩ වන්නට"

ඒසෝ කුමරුගේ කරච්චලය ඉවසා ගත නොහැකි තැන ටේවන්ග් කුමරු කිව්වා..

"ටේහයොන්ග් , ඒසෝ"

ඒත් එක්කම ඈතින් ඇසුනේ සුපුරුදු කටහඩක්..ඒ සෝයා..නීර්ජා කුමරියත් ඇය එක්ක උන්නා.

"ඔබලා මෙහි"

"අද මගේ ජන්ම දිනය..ඉතින් රස කැවිලි ගන්න ආවා"

"අද සොයොන් කුමරියගේ ජන්ම දිනය නොවේද"

'ආහ්..අක්කන්ඩී සහ සෝයා දෙදෙනාම එකම දිනයෙ ඉපදී ඇත්තේ…"

ඒසෝ කුමරුගේ පැනයට නීර්ජා පිලිතුරු දෙන විටත් සෝයා තවත් රසකැවිලි කඩයක් ලග නතර උනා..

"මෙන්න හකුරු කුකුලෙක්…"

ඇය අත තිබූ රසකැවිලි සියල්ල බලෙන්ම ටේවන්ග් කුමරුගේ අතේරදවා දෑත් සිය ඇදුමේ පිස දමා වෙලද සැලේ තබා තිබූ හකුරු කුකුලා අතින් ගත්තා..

"කාසි දෙකක් දෙන්න"

වෙලෙන්දා කියද්දී සෝයා පසුම්බිය බැලුවත් තිබුනේ එක කාසියක් පමනයි..ඇය අසරනව නිර්ජා දෙස බැලුවත් ඇය අතේවත් මුදල් තිබුනේ නෑ.

"ඔබ කාසි විස්සම වියදම් කරාද රස කැවිලි වලට.."

නීර්ජා ඇයට දොස් නගද්දී ඇය ටේවන්ග් කුමරු අසලට ආවා..

"ටේහයොන්ග් ඔබට හැකිද මට නයට කාසියක් දෙන්න"

ටේවන්ග් අහක බලා ගත්තේ සැනෙකින්..වටපිට බැලූ සෝයා කරගන්නට දෙයක් නැති තැන හකුරු කුකුලා අතින් අරගෙන එතනින් දිව ගියා..හදිසියේ උනු දේ නිසා කලබල උනු වෙලෙන්දා ඇයට කෑ ගැසුවත් ඇය පේන මානයක උන්නේ නෑ..

"ඔබ නොවේද ඇයගේ පෙම්වතා..කෝ කාසි දෙකක් දී පිට වෙන්න'

හිමිකරු ටේවන්ග් අසලට එද්දී නීර්ජා හා ඒසෝ එතනින් හිමීට මාරු උනා..අන්තිමේ හකුරු කුකුලාට මුදල් ගෙවීමට සිද්ධ උනේ ටේවන්ග් කුමරුට..අතේ තිබුනු විවිධ වර්ගයේ රස කැවිලි පසෙක උන් කුඩා ලමුන්ට බෙදා දුන් ටේවන්ග් කුමරු හෙමි හෙමින් ඉදිරියට එද්දී ඒසෝ හා නීර්ජා සෝයා ගමන සිනා වෙමින් පාලම උඩ රැදී උන්නා..

Snow Flower (Completed)Dove le storie prendono vita. Scoprilo ora