"දරුවාත් අගබිසවත් ඉතාම සුවෙන් රජතුමනි..ඊලග අමාවක දින දරු ප්‍රසූතියට සූදානම් විය යුතු යැයි අනුමාන කරන්නට පුලුවන්.""එසේනම් තව දෙසතියකින් මා පියෙකු වෙනවා.."
ටේවන්ග් රජු උන්නේ ඉතාම ප්‍රීතියෙන්..මවගේ මරනයෙන් මසක් ඉක්මවන මේ මොහොතේ රජු උන්නෙ අග බිසව ගේ වෛද්‍ය පරීක්ෂණය අවසන් වී වෙදැදුරු හා කතා කරමින්..
"මා හෙදියන්ට ඒ සදහා සූදානම් වීමට උපදෙස් ලබා දෙන්නම් රජතුමනි."
"කෙසේද නීර්ජා හට..ඔබ ඇයව පරීක්ෂා කලේ නැතිද "
සෝයා වෙදැදුරු ගෙන් අසද්දී ඔහු තරමක් අපහසුතාවයට පත් වුනා..
"ඒසෝ කුමරු එය ප්‍රතික්ශේප කලා..එතුමා පෞද්ගලික හෙදියන් ගෙන්වා එතුමා විසින්ම ප්‍රතිකාර කරන බවත් මගේ සහය අනවශ්‍ය බවත් පවසා සිටියා."
"ඔබ දැන් පිට වෙන්න..සියල්ල සුදානම් කරන්න."
රජු වෙදැදුරුව පිට කර සෝයා ගේ අතින් අල්ලා ගෙන මාලිගයෙන් පිටතට ආවා..ඔවුන් දෙදෙනා මාලිගය අසලම තිබෙන ඔවුන් නිතරම ගැවසෙන විල අසලට ආවෙ එක මොහොතකට වත් දෑත් වෙන් නොකර.
"නීර්ජා මා මග අරිනවා ටේහයොන්ග්..ඇය මේ මාලිගයේ උන්නත් මේ මාසයටම මා ඇයව දැක්කෙ දෙවරයි.."
ටේවන්ග් රජු බර හුස්මක් ගත්තා..ඔහුගේ පැත්තෙනුත් වෙනසක් නෑ..එදා රෑ තමාට බැන වැදුනු ඒසෝ රාජ සභාවට වත් පැමිනියේ නෑ..ඔහුගේ තරහ නිවෙනකන් ටේවන්ග් ඉවසා උන්නත් රාජකාරී නිසාම ඒසෝ ගැන සොයා බලන්නත් ඔහුට මග ඇරී ගියා..
"ඒසෝ ඔහුගේ මාමන්ඩිය හා දක්ශින ඇමති වරු හමුවෙන බව පාලිකාවක් පැවසුවා."
සෝයා ගල් වැටට හේත්තු වෙනවාත් එක්කන ටේවන්ග් ඇයව පිටිපසින් තම පපුවට තුරුල් කර ගෙන ඇගේ ගෙල මෘදුව සිප ගත්තා..ඔහු දුකෙන් ඉන්නා බව ඇයට හොදින්ම දැනුනා..ඔහුගේ සුසුම් වල දැනුනු වේදනාව නිසාම ඇය ඔහුගේ දෑත් අයගේ කුස වටා ඔතා ගත්තා..සේද ඇදුමින් වැසී තිබුනු ඉදිරියට නෙරා ආ කුස හෙමින් අත ගාන ගමන් ටේවන්ග් විල දෙසින් එන සීත සුලගින් සිය ආත්මයම පුරවා ගත්තා.
BINABASA MO ANG
Snow Flower (Completed)
Fanfictionබල අරගලයක අතරමං වූ ආදර කතාවක දෛවෝපගත අවසානය......