සසාෙරි p.o.v
මොන මංගල්ලයක් කරලා හරි අයිස්ක්‍රීම් එකට ඩිස්කවුන්ට් එකක් දා ගන්න එපැයි. අල ගෙඩියක් කියන්නේ මේ එලී හිතන් ඉන්නේ මං යුන්ගි අයියට පැණි කියලා. මම යුන්ගියට පැණි හැළුවට මොකෝ මිනිහා gay නේ. මට වෙන්නෙම ඔය වගේ ගොබ්බ වැඩ තමයි. පැණියක් හැළුවොත් හලන්නේ වැරදි බෝතලේට.
අහෝ ඉරකි තිතකි ජීවිතේ දුකකි කියලා අපි අයිස් ක්‍රීම් කඩේට ගොඩ වුණා. කියපි කියන්නත් එක්කම යුන්ගි අයියා කවුන්ටරේ වාඩි වෙලා ජිමින්ට පැණි හලනවා. හිත රිදුණත් රිදුන්නෑ වගේ මං කවුන්ටරේ අනික් පැත්තෙන් වාඩි වුණා.
'යුන්ගි අයියේ? මේ අද අපිට අලුත් කෙල්ලෙක් ඉන්නවනේ මූන්බ්‍යුල්'
යුන්ගි අයියත් අනික් පැත්තට හැරිලා බලපි. ජිමිනගේ මූණ දෙහි වුණේ ලෙමන් පෆ් එකේ දෙහි වැඩි වෙලා වගේ. මං ඇහිබැමක් ඉස්සුවා.
'හායි නංගි. කොහොමද ඉතින්?' යුන්ගි ඇහුවා.
'සෑහෙන්න හොඳින් ඉන්නවා අයියේ. ' මූන්බ්‍යුල් නම් නියම gay පාටයි. අපි පැණි හලන සයිස් එකට මේකි පැණි හලන්නේ නැහැනේ.
වේදනයි ඒත් වේදනා නැහැ වගේ ඉන්න ඕන. කැඩුණු හිත් එහෙම පෙන්නන්න හොඳ නැහැනේ.
'ඉතින් අද අයිස්ක්‍රීම් එකක් ගන්වද?' ජිමින් කඩා පැනපි.
'එකක් මදි! පහක් විතර දෙන්නකෝ!' හ්වාසා රැවුවා.
'මොකක්ද flavor එක?'
'මට චොකලට්.' මම කිව්වා.
'මට දෙන්නකෝ බටර්ස්කොච් එකක්...' වීන් කිව්වේ හීනි ඇස් හිනාවක් දාන ගමන්මයි. ඔව් ඉතින් මේ පාරට දුර කතර ගෙවාගෙන ආවෙත් මේකිට බටර්ස්කොච් කන්න ඕන නිසානේ.
මූන්බ්‍යුල් කල්පනා කරා. 'මට දෙන්නකෝ කිරි රස එකක්....'
'එල කිරි සුපිරි පර්සි ජැක්සන් බල ගැන්වූ කිරි. මටත් කිරි රස එකක්ම තමයි!' එලී කඩන් පැන්නේ මට පර්සි ජැක්සන් පොත් සීරීස් එකම එපා කරවමින්.
අපි සේරම නැවැත්තුවේ හ්වාසා මින්ට් අයිස් ක්‍රීම් එකකුත් අරගෙන යුන්ගි අයියට සීයට පනහට ඩිස්කවුන්ට් එකකුත් දෙන්න කියලා අපි පැණි පාරක් ගෑවටත් පස්සෙයි.
YOU ARE READING
Moon & Sun [GL]
Fanfiction'එල කිරි සුපිරි පර්සි ජැක්සන් බල ගැන්වූ කිරි කියපි!' 'ඇත්තටම ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද?'