Alyssa's POV
"එලී!"
කිකී කන ගාව කෑ ගහපු පාර මගේ ඔළුව සීලීමේ වැදුණේ නැතුවා විතරයි. යකෝව් නිදා ගන්නවත් නෑ නේ හුම්...
"මොඛම්ධ යඛ්ඛයෝ?" මන් නිදිමරගාතේම කෑ ගැහුවා.
"නැගිටපිය යඛ්ඛයෝ!"
කටේ සද්දෙන්ම මේ කිකී(ළි)ට යක්ඛයා නැගලා කියලා තේරුණ නිසා මම හෙමිහිට පූස් තඩියෙක් වගේ හිරි ඇර ඇර නැගිට්ටා.
"අහ් නැගිට්ටද?" මූන්බ්‍යුල් කිව්වේ ස්නැක් අහුරක් කටේ දා ගන්න ගමන්. "අන්න අපේ කෙල්ලට මල් සරා විදලා."
ඒකට නම් නිදිමත තැලිලා පොඩි වෙලා නැති වෙලාම ගියා. "කොයි කෙල්ලටද මූණ ඇඹුල්?"
"අර ඉන්නේ..." හ්වාසා දොර පැත්තට අත දික් කලා.
වාහ්... මයි ගෝඩ් මේ හීනයක්ද?
සසොරි දොර ගාව ඉදන් කතා කර කර ඉන්නවා. එයාගේ ඉස්සරහ හිටියේ කොටට කපපු කළු කොණ්ඩෙකුයි දිලිසෙන කළු ඇස් දෙකකුයි තියෙන, බෝතල් අඩි කණ්ණාඩි දෙකක් දාපු ගෑණු ළමයෙක්.
එයැයිගේ මූණෙ මී පැණි, කිතුල් පැණි, පොල් පැණි ඔක්කොම මිශ්‍ර වුණ හිනාවක්.
වෙන කවුද ඉතින් ඒ තමයි හයිරා අක්කා!
ක්ලාස් එකේ වෙලාවට හිටියේ අපි සෙට් එක විතරයි. නැත්නම් සසොරිට විතරක් නෙමෙයි අපි සැට් එකටම කුණු බිත්තර වලින් කන්න තමා වෙන්නේ.
හොදායි... අපේ ඉස්කෝලේ ඉන්නවා homophobic bullies රැළක්. කවුරු හරි හොමෝ නම් එයාට ඉස්කෝලෙයි මුළු නගරයමයි එපා වෙලා මෙහෙන් යනකම්ම වද දෙනවා. ඒ නිසා අපේ හෝමෝ කපල්ස් ඔක්කොම හොර රහසේ තමා ඉන්නේ.
ඒත් ඔය බුලීස් මලීස් ලා නිසා අපි සැලිලා කොල්ලෝ පස්සේ යනවද?
නෑ මිත්‍රවරුනි.
මොකා මොන බෙරේ ගැහුවත් අපි නටන්නේ අපේ බෙරේට.
"මරු ෆිල්ම් එක." මූන්බ්‍යුල් තව ස්නැක් අහුරක් කටේ ඔබාගන්න ගමන් කිව්වා. "ටිකට් නැතුවට කාරි නෑ."
"මොකක්ද ෆිල්ම් එක? ටයිටැනික්ද?"
ක්ලාස් එකේ අන්තිම පේලියෙන් ආව ගැඹුරු කටහඩ නිසා අපි තිගැස්සිලා බැලුවා. කළුම කළු උරහිස ගාවට වැවුණු කපුටු කූඩු කොණ්ඩෙයි තද දුඹුරු පාට ඇසුයි තියෙන කොල්ලෙක් අපි දිහා බලාගෙන හිටියා.
YOU ARE READING
Moon & Sun [GL]
Fanfiction'එල කිරි සුපිරි පර්සි ජැක්සන් බල ගැන්වූ කිරි කියපි!' 'ඇත්තටම ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද?'