ලියන්න මොනවත් නැහැ බම්... අදහස් හිඟයි.
මං ලියන්නම්...
Solar's POV
අපි සෙට් එක canteen එකට වෙලා නිවී සැනසිල්ලේ දවල්ට කන ගමන් හිටියේ.
"අද හවසට මුකුත් වැඩක් දාගෙන නෑ නේද කවුරුවත්?" එලී එකපාරටම ඇහුවේ සෝස් බෝතලේ අතට ගන්න ගමන්.
"අර්ර්... අපිට නම් නෑ." වීන් හ්වාසා ඩබල කිව්වා.
"අපිටත් නෑ." මූන් කිව්වේ එයාගේ අත මගේ අත උඩින් තියන ගමන්.
"සසොරි?"
"මුකුත් නෑ."
"මරු. එහෙනම් කට්ටියම යං අපේ දිහා. Sleepover එකකට. අපි සෙට් එකයි හයිරා අක්කයි."
"හොදට තියෙයි." සසොරි කිව්වේ මහා වල් හිනාවක් දාන ගමන්. "මං කියන්නද එලී? ඔයයි ඩේනායි දෙන්නා sleepover එක- ආආආව්!" එකපාරටම සසොරි කෑ ගැහුවේ එලී මහා නසරානි හිනාවක් දාගෙන බලන් ඉන්න අතරෙයි.
"මට හොද ෆිල්ම් සෙට් එකකුත් අහු වෙලා තියෙන්නේ. 2020 ආපු අලුත්ම ඒවා."
"ඉංග්රීසිද?" හ්වාසා ඇහුවා.
"සබ් තියෙනවා. ඉතින් වැඩිය හිතන්න එපා." එලී හීනී හිනාවක් දැම්මා.
"හරි එහෙනම්. හවසට සෙට් වෙමුකෝ."
-----------------------------------------------------
"මොකක්ද මුලින් බලන්නේ?" මූන්බ්යුල් ඇහුවේ එලී කම්පියුටර් එකට පෙන් ඩ්රයිව් එක සෙට් කරද්දී.
"TENET බලමු. ක්රිස්ටෝපර් නෝලන් ගේ."
"එහෙනම් විනාඩියක් ඉන්න." හයිරා අක්කා බෑග් එකෙන් නෝට්බුක් එකක් ඇදලා ගත්තා.
"අර මක්කටෙයි?"
"ක්රිස්ටෝපර් නෝලන්ගේ ෆිල්ම් කියන්නේ ඉතින් අගමුල නැති වැල් වගේ. කොණකින් අල්ලගන්න බැරි වුණොත් තේරුම් ගන්න බෑ."
"ඒක ඇත්ත." එලී කිව්වා.
"Twilight එකේ එඩ්වඩ් නේද අර?"
එලී බස්සා වගේ ඔළුව වැනුවා. "හ්ම්... එයා තමයි."
ෆිල්ම් එක බලලා ඉවර වෙනකම්ම එතන තිබුණේ තරමක නිහඩතාවක්. විටින් විට හයිරා අක්කා එයාගේ නෝට්බුක් එකේ කුරුටු ගාන සද්දෙයි, පොප්කෝන් භාජනේ අතින් අත යද්දී එන සද්දෙයි ඇරෙන්න වෙනත් කිසිම සද්දයක් තිබ්බේ නෑ.
YOU ARE READING
Moon & Sun [GL]
Hayran Kurgu'එල කිරි සුපිරි පර්සි ජැක්සන් බල ගැන්වූ කිරි කියපි!' 'ඇත්තටම ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද?'