Solar P.O.V
මගේ කකුල් දෙක පුදුම තරම් රිදුණා. කොල්ලෙක් වගේ පෙනුණ කෙල්ල සෑහෙන්න කරුණාවන්ත බවක් පෙනුණා. නැත්තම් ඉතින් මං වගේ පාරේ හිටපු එකෙක්ව ගෙදර උස්සන් යන්නේ මානසික අවුලක්ද? එයා එක්ක හිටපු අනික් කෙල්ල නම් හිටියේ දෙබිඩියාවෙන් වගේ, ඒත් එයා බෑග් දෙක අරන්න උදව් කලා.
අපි සෑහෙන්න දුරක් ගෙවාගෙනම නොවුණත් ටිකක් දුර ගෙවාගෙන සාමාන්‍ය පෙනුමක් තිබුණ ගෙදරකට ලං වුණා.
"සස්... ගේට්ටුව අරින්නකෝ..." මාව උස්සන් හිටපු එක්කෙනා කිව්වා.
සස් ඔළුව වනමින් ගේට්ටුව විතරක් නෙවයි සාකුක්වෙන් යතුර අරන් දොරත් ඇරියා. ගේ ඇතුල දැක්කම මට කඩේට දුවලා ඔක්සිජන් මාස්ක් එකක් අරන් දාගන්න හිතුණා.
හරිම පිළිවෙල ලස්සන ගෙදරක්. මං දන්නෙ නැහැ කෙල්ලෙක් එච්චර පිලිවෙලට ඉන්නේ කොහොමද කියලා. මට නම් කවදා කිසිදා ඔය වගේ ඉන්න හම්බෙන්නේ නැහැ.
සස් සෝෆාව උඩ තිබුණු රෙදි අයින් කරද්දි මාව වඩන් හිටපු කෙල්ල මාව ඒක උඩින් තිබ්බා. "මම මූන් බ්‍යුල් යී. එතකොට අර ඉන්නේ අපේ හිරායි සසොරි."
"ම්ම් හායි?" මම කිව්වේ මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුවයි.
"මේ මූන්... මම ඉන්නේ එහා ගෙදරනේ... අපි දෙන්නා අසල්වැසියොනේ..." සස් මැතිරුවේ කට්ටඩි අම්මෙක් මන්තර මතුරනවා වගේ.
"ආ එහෙමද? එහෙනම් අම්මට කියලා එන්නකෝ අපි සෝලට උදව් කරමු පිරිසිදු වෙලා ඇඳුමක් කාරිය ඇඳගන්න. පුළුවන්නම් ඇඳුමක් අරන් එන්නකෝ සෝලට අඳින්න. මං ගාව තියෙන්නේ සේරම පිරිමි ඇඳුම්නේ..."
"ම්ම් හරියෝ! මට පැය බාගයක් දෙන්නකෝ අම්මට පරක්කු වුණාට සමාවට කරුණු කියන්නත් එක්කම."
මූන්බ්‍යුල් හිනා වුණා.
සසොරි ගිහින් ටික වෙලාවක් යනකන් අපි දෙන්නා කතා කලේ නැහැ.
"එහ්... බොහොම ස්තූතියි මට මෙහෙම සලකනවට..." මම බ්‍රේල් ක්‍රමයට මැතිරුවත් පස්සේ මතක් වුණා බ්‍රේල් ක්‍රමයට මතුරන්න බැහැ කියලා.
YOU ARE READING
Moon & Sun [GL]
Fanfiction'එල කිරි සුපිරි පර්සි ජැක්සන් බල ගැන්වූ කිරි කියපි!' 'ඇත්තටම ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද?'