Sasori's POV
එලී ඩේනාත් එක්ක කාමරේට දාලා දොර වැහුවාට පස්සේ මායි හයිරා අක්කයි දෙන්නා එක එක දේවල් බඩට දාගන්න ගමන් ආතල් එකේ හිටියා.
ටිකකින් හයිරා අක්කයි මායි දෙන්නා සෙනග නැති හරියකට ගියේ ටිකක් නිදහසේ ඉන්න කියලා. කියන්නත් සතුටුයි මිත්‍රවරුනි මගේ පාපී මිත්‍ර එලීට මට කෝල් කරන්න මතක් වුණේ එවෙලාවෙම තමයි.
"හෙහ් හෙලෝ?" මම අහන්න ගියේ මොකද කෝල් කළේ කියලා. ඒත් එවෙලාවෙම මතක් වුණා මං කරපු කුපාඩි වැඩේ. "මගුල කෙරෙනවැයි කාමරේ හොඳට?"
"දාපු විදිහටම ඇවිල්ලා ගනින් මේකෙන් අපිව එළියට!" එලීට තරහ ගිහින් වගේ. එහෙමයි කියලා හයිරා අක්කව දාලා යන්න පුළුවනැයි.
"මට නම් එන්න බෑ." හයිරා අක්කා දිහා බලද්දී එයා දාපු ඒ හිනාවට මගේ හිත එව්වා මෙව්වා වෙලා ගියා. "මම හයිරා අක්කා එක්කහ්-"
එක පාරටම හයිරා අක්කා මගේ තොල් වලට බර වුණා. වැඩියෙන් කියවද්දී මගේ කට වහන හැටි නම් එයා හොදට දන්නවා. Now I'm loosing control.
අපොයි අර ඩබල තාම ඇතුලේ නේද? යතුර කොහේ දැම්මද මන්දා. අහ්... හරි පාපිස්ස යට. ටක් ගාලා kiss එක break කරපු මම එලීට යතුර තියෙන තැන කියලා ආපහු හයිරා අක්කා දිහාට නැඹුරු වුණා.
ටිකකින් අපි ආපහු කට්ටිය එක්ක මුසු වුණේ මං වගේම කුපාඩි මගේ මිත්‍ර සමාගම අපිව දකියි කියලා හිතලා.
එකපාරටම තවුදෝ මන්දා සිංදුවක් කියන්න ගත්තා. වෙන කවුරුවත් නෙමෙයි ඒ කුකියා. එයාගේ කටේ කොයි වෙලෙත් තියෙන අර සිංදුව තමයි. You are the cause of my euphoria කියා ගත්ත ගමන්මයි මේකා ඉන්නේ. විශේෂයෙන් අර ටේ ඉන්න වෙලාවට.
කමක් නෑ මෙයැයිටත් යන කල දසාවක් තියෙන්නෙපැයි.
ටිකක් වෙලා යද්දී මෙන්න බොලේ අර පොත් කාවා එලී ඩේනාත් එක්ක ගියේ නැතෑ නටන්න. අම්මෝ ඒ දෙන්නා පැණි හළ හළ යනවා. කොයි වෙලේ හරි ලිස්සලා යයිද දන්නෙත් නෑ.
මොනවා වුණත් ඒ දෙන්නා හොදට ගැලපෙනවා. එලී නම් හැටට හැටේ පැණි හළනවා. මොනා වුණත් දැන් තේරෙනවා ඇති අපිට හිතෙන විදිය. පව් කියලත් හිතෙනවා.
YOU ARE READING
Moon & Sun [GL]
Fanfiction'එල කිරි සුපිරි පර්සි ජැක්සන් බල ගැන්වූ කිරි කියපි!' 'ඇත්තටම ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද?'