'Yuji එන්නකො මොකද්ද අප්පා මෙච්චර
වෙලා කරන්නෙ පරක්කු වෙනවා'yugyeom
එළියෙ ඉදන් කෑ ගහනවා මට
ඇහුනා.'හරි හරි මේ එනවා මං'
සපත්තුවක් බාගෙට දා ගන්න ගමන්ම
පල්ලෙහාට දිව්වා.'ආපෝ එන්න ගියපු
වෙලාව මනමාලියෙක් ලෑස්ති උනා
වගේ' yugyeom මට කිව්වා.'කොහෙද ඉතිං
මට මගෙ සපත්තු දෙක හොයා ගන්න
වෙලා ගියා ඒක උඩ ඔයා ඔයාගෙ notes
ගොඩක් තියලා...හරි හරි ඒවාගෙන්
වැඩක් නෑ අපි යමු පරක්කු උනා'yugyeom
මගෙ කරට අතක් දාගෙන ගියා.මට ඕගොල්ලන්ට මං ගැන කියන්න බැරි උනානෙ මං
Kim yu joongi ඒත් ගොඩක් අය මට කතා කරන්නේ yuji
කියලා.ඔය නම මට දැම්මෙ yugyeom.මගෙ අම්මයි තාත්තායි accident එක්කින් නැති උනා.ඒත් ඒක සිද්ධ උනේ කොහොමද කවද්ද කියන එක මට මතක
නෑ.කොටින්ම මට මගෙ අම්මා තාත්තා ගැන පැහැදිලි මතකයක් නෑ.ඒක වෙලා තියෙන්නෙ උන accident එක නිසා කියලා තමා doctors ල නම් කියන්නෙ.selective memory lost එකක්ලු.කාලයක් යද්දි
මතකය ආයෙ එයි කියනවා ඒ දේවල්
ගැන.එතකොට yugyeom කියන්නෙ මගෙ තාත්තාගෙ යාලුවෙක්ගෙ ළමයෙක් ඒත් ,yugyeom ගෙ අම්මා එයා ඉපදෙද්දිම නැති වෙලා.එතකොට එයාගෙ තාත්තා
plane crash එක්කින් නැති වෙලා.ඒ කාලෙ ඉදන්ම ඉතිං එයත් අපේ පවුලෙ කෙනෙක් උනා.දැන් අපි දෙන්නා architect degree එකක් කරනවා.අපිට ජීවත් වෙන්න තරම් deposit එකක් මගෙ අම්මයි තාත්තයි නැති වෙන්න කළින් තියලා තිබිලා.ඒත් degree එක කරන අතරෙ අමතර වියදම් හොයාගන yugyeom යි මමයි coffee cafe එකක part time job එකක් කරනවා.
'ඒක නෙවේ yugyeom ඔයා අපේ presentation එකේ ඉතුරු
වැඩ ටික ඉවර කළාද?''අප්පා...දැනුයි මතක් උනෙත්
ඒක කවද්ද closing date''next monday දෙන්න ඕන.අන්නේ
මන්දා yugyeom ඔයා නම් මං මගෙ part එක කළින්ම
ඉවර කළා.ඔයාට මං ඔයාගෙ කොටස කරන්න දීලා හුඟක් කල් දැන්''හරි හරි don't worry මං ගානට දවසට
වැඩේ කරලා දෙන්නකො.ඕවත් වැඩද මෙයා' මට yugyeom එහෙම කියලා මාවත් ඇදගෙන campus
එක ඇතුලට ගියා.'Yuji අද ඔයාලා පරක්කුයි'
මාව දැක්ක ගමන් rose මං ළඟට දුවගෙන ආවා.'
BẠN ĐANG ĐỌC
Little Princess 👸💖⏳
Fanfictionකාලයන් දෙකක්..ඇයයි රජකම හිමි කුමරිය.ඒත් ඒ දුෂ්ට ආත්මය නවතාගත හැකිවේද..ඇයට රාජ්ය බේරාගත හැකි වේද..ඒ සියල්ල හමුවෙ ඔහු ඇයගෙ ආරක්ෂකයා වී ඇය අසළින් සිටීද.......💖