සලකුණ 💮

23 7 0
                                    

yogyeom jungkook දෙන්නා ඉක්මණට පාරෙන් එහා පැත්තට ඒ කියන්නෙ කාල අවතාරෙ ඉන්න පැත්තට ගියත් ඒගොල්ලො එන්න කළින් කාල අවතාරෙ නොපෙනී ගියා.

'කොහෙ ගියාද මේ අවතාරෙ?'yugyeom වටපිට බලමින් කිව්වා.

'මං හිතන්නෙ ඔය අවතාරෙත් මායාවන් දන්න කෙනෙක් වෙන්නැති' jungkook
කිව්වා.

'ඒක කමක් නෑ දැන් අපි ගෙදර යමු' jungkook එහෙම කියලා Ugyeom වත් එක්කන් ගියා.

මං rose ගෙ ගෙදර ගියාම
rose ගෙ අම්මා මට ගොඩක් හොඳට සංග්‍රහ කළා.පස්සෙ රෑ වෙනකන් කියෝ කියෝ හිටපු අපි දෙන්නා රෑ ගියා පාඩම්
කරන්න.

'ඔය photo වල screenshot වගේ මගෙ ඇහේ eyeshot තිබ්බා නම් කොච්චර ලේසිද මේ පාඩම් කරන එක' පාඩම්
කිරිල්ල එපා වී සිටි rose පොතේ පිටු රෝල් කර කර කිව්ව.

'ඒක නෙවේ rose ඔයා ගාව stapler එකක් නැද්ද මේ කොල ටික අමුන ගන්න'

'ආහ් ඉන්න මං බලන්නම්' rose එහෙම කියලා මේසෙ තිබ්බ බඩු විසි කර කර බැලුවා.

'මේ ජරාව කොහෙ දැම්මද මන්දා ඉන්නකො ඒක මං අනිත් කාමරෙන් තියලද කොහෙද?'එහෙම කියලා rose අනිත් කාමරෙට ගියා.

මේ කාමරෙ වෙන තැනක stapler එක තියෙනවද බලන්න මං තව පොත් එහෙට මෙහෙට කර කර බැලුවා.එතකොට මට බිම තිබිලා පොඩි රෙදි කෑල්ලක් හම්බුනා.

ඒ රෙදි කෑල්ල ප්‍රමානෙන් ලේන්සුවක් තරම් විතර.තද නිල්පාටක් එකක් වූ අතර ඒකෙ මැද්දෙ කහපාට නූලෙන් මොකක් හරි මහලා තිබ්බා.මං ඒ මොකක්ද කියලා දිගඇරලා බලද්දි දැක ඒකෙ මහලා
තිබ්බෙ වෙන මොකක්වත් නෙවේ මගෙ අතේ තියන මේ සලකුණ.ඒත් මට නම් මේ
ප්‍රහේලිකාවක්.මොකද මේ සලකුණ?ඇයි ඒක මේ රෙදි කෑල්ලෙත් තියෙන්නෙ?අනික මේක කොහොමද rose ට හම්බුනේ?.මං ඔය දේවල් හිත හිත ඉන්න අතරෙ rose ආපහු කාමර්ට ආවා.

'ඔයා මොනවද ඔතන හොයන්නෙ?' පොත් cupboard එකේ පල්ලෙහා ලාච්චුව ඇරන් හිටපු මං දිහා බලලා rose
ඇහුවා.

'ආහ්...මංද...මං මේ.මං බැලුවා මේකෙවත්
stapler එකක් තියෙයිද කියලා' මං ක්ෂණිකව බොරුවක් මවලා rose ට කිව්වා.

'ආහ්.ඒකද මෙන්න මං ගෙනාවා stapler එක' rose මගෙ අතට stapler එක
දෙමින් කිව්වා.මං බොහොම අමාරුවෙන් rose ට නොපෙනී අර රෙදි කෑල්ල මගෙ bag එකට දා ගත්තා.

Little Princess 👸💖⏳Where stories live. Discover now