සාකච්ඡාව 🗣️

25 7 4
                                    

අපි දෙන්නා වැස්ස නවතිනකන් ඉඳලා ගෙදර ආවා.ඒත් අපි දෙන්නම හොඳටම තෙමිලා හිටියෙ.ඒ නිසා ආව ගමන් වෙන ඇඳුමක් මාරු කරගත්ත මං dinner හදන්න ගියා.dinner අරන් ඉවර උනාට පස්සෙ yugyeom ගියා balcony එකට මාත් එතනටම ගියා.

'ආ ගන්න'

'මොනවද මේ?'

'hot chocolate එකක්'

'අයියෝ hot ද ice එකක් ගේන්ඩ එපැයි'

'Ice choco එකක් මෙච්චර වැස්ස
තෙමිලා තව ice chocolate බොන්න.පිස්සු නොකියා ගන්නවා මේක' මං yugyeom අතට hot chocolate එක දෙන ගමන් කිව්වා.

'අපි එනකොට බොරුවට අපිව නාවන්න වැස්සක් වැස්සා දැ තරුත් පායලා' මං
අහස දිහා බලලා කිව්වා.

'මං හරි ආසයි රෑ අහසෙ තරු දිහා බලන්න' yugyeom කිව්වා.

................................

'එතකොටම මට අර ඈත පේන පොඩි තරුව මං ලොකු තරු දෙක අම්මයි තාත්තයි.අනිත් පොඩි තරුව මගෙ ළඟම ඉන්න කෙනා' මං කිව්වා.

'ඒත් ඔයාට ආදරේ කරන්න කෙනෙක් හම්බුනාම මාව අමතක වෙයි'

'පිස්සු කියවන්න එපා yugyeom කවුරු මගෙ ජීවිතේන්ට ආවත් මගෙ ජීවිතේ ඉන්න අයව මං අමතක කරන්නෑ.එනවා යන්න ගොං කතා කියන් නැතුව පිස්සා'මං yugyeom වත් ඇදගෙන එක්කන් ගියා.

මොකක්ද මට ඒ මතක් උන සිදුවීම.මං මීට කළිනුත් yugyeom එක්ක තරු බැලුවද ඒ කියන්නෙ?.

එකපාරමට yugyeom මට තට්ටු කරලා මං හිටපු කල්පනාලෝකෙ බින්දා.

'මොකක් ගැනද බර කල්පනාවක හිටියේ yugyeom මගෙන් ඇහුවා.

'ම්.......මුකුත් නෑ.මං ගිහිං කෑම කාපුවා අස්කරලා එන්නම්' මං එහෙම
කියලා එතනින් නැගිටලා කුස්සියට ආවා.

මං මට මේ මතක් උන දේ ගැන yugyeom ට කියන්න ගියෙ නෑ.එයා උනත් මේ දේවල් නිසා confuse වෙන්න පුලුවන්.

Yuji එතනින් ගියාට පස්සෙ yugyeom ත් කුස්සියට යන්න නැඟිට්ටා.එතකොටයි yugyeom දැක්කෙ කාල අවතාර balcony එකේ කෙළවරක ඉන්නවා.

'කාල අවතාරෙ.ඔහේ කොහොමද මෙහෙ ඉන්නේ' yugyeom තමාටම මුමුනා ගනිමින් ඒ දිහාවට ඇවිදගෙන ගියා.ඒත් yugyeom කාල අවතාරෙට කිට්ටු වෙද්දිම එයා
අතුරුදහන් උනා.

Little Princess 👸💖⏳Where stories live. Discover now