🔻 Chapter 4🔺

1.3K 223 50
                                    

"ටේ..."ජිමින් ගෙන් කෝල් එකක් ආපු ගමනූ හොස්පිටල් එකට දිව්ව ඉන්හා දැක්කේ icu එක ළග තිබුන පුටු වල තැනින් තැන ඉදගෙන අඩ අඩ ඉන්න ඔප්පලා හය දෙනාව..

"ජින් ඔප්පා එයාට මොකක්ද වුනේ?"ඉන්හා අඩාගෙන ඇවිත් ජින් ගෙන් ඇහුවේ ජින් ගෙ අත් දෙකත් හොලවන ගමන්..

"දන්නෑ ඉන්හා..තාම කවුරුවත් එළියට ආවේ නෑ.."ජින් අමාරුවෙන් වචන එකතු කර ගත්තේ තවත් අඩන ගමන්..ජන්කුක් අඩන ගමන් නොහිටියත් එයා හිටියේ දුකින්...එක කකුලක් මිනිස්සුන්ට යන්න තියෙන පාරේ දිගට ම තියාගෙන බිම බලාගෙන හිටිය ජන්කුක් අත් දෙක බැද ගත්තේ icu එක දිහා බලන ගමන්..

"ඉන්හා මොකද වුනේ?"ෆෝන් එකත් අතේ තියාගෙන ලීනා කෑ ගහගෙන ආවේ ඉන්හා දිහා බලාගෙන..බිම බලන්නෙවත් නැතුව ආව ලීනා ජන්කුක් ගෙ කකුලෙ පැටලිලා වැටුනේ කෑ ගහන ගමන්..ජන්කුක් ලීනා ව අල්ල ගන්න උත්සහ කලත් එයාට ලීනා ව අල්ල ගන්න බැරි වුනා...

"මොකක්ද මනුස්සයො කරන්නේ?එක විදිහකට ඉන්නවකො...රෙද්ද..මිනිස්සු මෙතනින් යන්න ඕනි...ඔයා ඔහොම හිටියම මිනිස්සු යන්නෙ කොහොමද?"ජන්කුක් ට බැන බැන ඉදලා ලීනා ට එක පාරට මතක් වුනේ එයාගෙ ෆෝන් එක ගැන..

"දෙයියනේ..ෆෝන් එක..ඒකට මොනා හරි වෙලා තිබ්බොත් එන්න ඒ වෙලාවට තමයි ඔයා මේ ලීනාගෙ හැටි දැන ගන්නේ.."නැගිටින එක පැත්තකින් තියලා ෆෝන් එක බලපු ලීනා ෆෝන් එකට මොනවත් වෙලා නෑ කියලා දැක්ක නිසා නිකන් හිටියා...

"නැගිටින්න උදව් කරනවා..වැට්ටුවා නම්.."ජන්කුක් දිහා අලු වෙලා යන බැල්මක් දැම්ම ලීනාට ජන්කුක් බය වුනා කිව්වොත් හරි...

"එනකොට බිම බලාගෙන එන්න එපැයි.."ලීනාට නැගිටින්න උදව් කරන ගමන් ජන්කුක් කිව්වේ ලීනාගෙ ඇස් දිහා බලාගෙන..නැගිට්ට ගමන් ජන්කුක් ගෙ අත ගස්සලා දාලා මියා ලගට ගිය ලීනා එයාගෙන් ටේ ගැන විස්තර ඇහුවා...ටේ තාම icu එකේ කියලා දැනගත්ත ලීනා ආයෙමත් මියා හිටපු තැනින් ම හිට ගත්තේ ජන්කුක් ට රවන ගමන්...

"මොකද රවන්නේ?"ජන්කුක් ලීනා රවන විදිහ දැකලා හිනාවෙන ගමන් ඇහුවේ එයා ලස්සනට රවන නිසා..කට්ටියගෙම මූණට හිනාවක් ගේන ගමන් ඩොක්ට කෙනෙක් එළියට ආවේ සාමාන්‍ය හිනාවක් තියාගෙන...

Is my husband a playboy? : KTH [Completed]Where stories live. Discover now