🔻Chapter 8🔺

1.1K 203 34
                                    

ඉන්හා එයාගෙ පාට් එක්ක ටේ ට දාන්න කියලා හිතාගෙන දොර ඇරලා සෝෆා එකෙන් ඉදගෙන ඉදියෙ ටේ එනකල්..ටික වෙලාවකින් ටේ කාර් එක නවත්තලා ගේ ඇතුළට එද්දිම ඉන්හාව දැක්කත් එයා දැක්කෙ නෑ වගේ ඉන්හාත් පුදුම වෙද්දි...කෙල්ල බැලුවෙ හරිනම් මෙයා දැන් මගේ පස්සෙන් එන්න ඕනි වගේ බැල්මකින්..ටේ කතා නොකරම ගියපු නිසා කෙල්ල ටේ ට කතා කරන්න තීරණය කරේ මොකක්ද වෙලා තියෙන්නෙ බලන්න ඕනි නිසාමයි..

"ටේ...කොහෙද ගියේ.."කෙල්ල සෝෆා එකෙන් හැරිලා කොල්ලා දිහා බලලා කිව්වේ කොල්ලත් එක තැන නැවතෙන්න..නැවතුන තැන ඉදන්ම පස්සට අඩිය තිය තිය ආපු කොල්ලා කෙල්ල ළගින් නැවතුනෙ දුක හිතෙන මූණකුත් එක්ක...

"ඉන්හා..මම ගියේ වැඩකට..අහපව් මට ඔයා එක්ක කතා කරන්න ඕනි නෑ..මම ඔයා ළග මං ගැන නැති වුන විශ්වාසෙ අහපව් හදනකල් ඔයා එක්ක කතා කරන්නෑ.."කොල්ලා දුක හිතුන මූණින්ම කියද්දි කෙල්ලටත් දුක හිතුනා කිව්වොත් හරි..ඒත් ටේ මේ කරන්න යන්නේ බොරුවක් නෙ?රගපෑමක් නෙ?ඒකෙන් වැඩක් වෙයි ද?වැඩක් වුනත් මේ හැමදේම ඉන්හා දැන ගත්ත දවසට මොකක්ද කරන්නේ?කෙල්ල ටේ ට කතා කරන්න කට ඇරියත් ඒ වෙද්දි කොල්ලා උඩ තට්ටුවට යන්න පඩිපෙල නගින ගමන්..වොශ් එකක් දා ගත්ත කොල්ලා එහෙම්මම ඇදට වැටුනෙ හෙට කෙල්ල හම්බෙලා මේක ගැන කතා කරනවා කියලා හිතාගෙන..දන්නෙම නැතුව ටේ ට නින්ද ගියේ අද වෙච්ච මහන්සියටමයි..ඉන්හා ඇවිත් ටේ ඉන්න කාමරේ දොර ඇරලා ටේ නිදිද කියලා හොරෙන් බලලා කෙල්ලත් ගිහින් නිදා ගත්තෙ සමහරවිට එයා මේක වැරදියට තේරුම් අරන් ඇති කියලා හිත හිත..මොකද ටේ සෝෆා එක ළගදි කිව්ව දේවල් එහෙම කවුරුවත් විහිලුවට කියන දෙයක් නෙවෙයි කියලා කෙල්ල හොදටම දන්නවා..

උදේ පාන්දර ම ලෑස්ති වෙලා කොල්ලා කෙල්ලව හම්බෙන්න ගියේ ඉන්හා දිහා බලන්නෙවත් නැතුව...ටේ කිව්වොත් දෙයක් කරන කෙනෙක්..දෙන්නම කතා කර ගත්ත විදිහට අද කොෆි ශොප් එකේදි හම්බෙන්න තීරණය කරේ එයාලා විතරක් දන්න තැනකට තියෙන තවත් එක තැනක් එතන නිසා..කොල්ලා එද්දිත් කෙල්ල ඇවිත් ඉන්නවා ටේ දැක්කේ කොෆි ශොප් එකේ දොර අරිද්දිමයි..

"අනේ සොරි මම පරක්කු වුනා.."ටේ ටේබල් එකෙන් ඉද ගන්න ගමන්ම කෙල්ල දිහා බලන් කිව්වේ එයා ඇවිත් ගොඩක් වෙලා ද දන්නෑ කියලා හිත හිත..

Is my husband a playboy? : KTH [Completed]Where stories live. Discover now