🔻Chapter 7🔺

1.1K 213 38
                                    

ටේ ඉන්හාව එයාගෙ කාර් එකෙන් ෆලෝ කරේ මෙයා කොහෙද යන්නේ බලන්න..ඉන්හා හොටෙල් එකකට ගිහින් ටික වෙලාවක් බලා ඉද්දි එයාගෙ යාලුවෙක් ආවා..ඒ වෙන කවුරුත් නෙවෙයි ලීනා..පැය දෙකක් විතර දෙන්නා කතා කර කර හිටියට පස්සේ එතනට තව කෙනෙක් ආවා..ඒ කවුද?මොනවා උනත් ටේ එයාව දන්නෑ කියලා එයා හොදටම දැනගෙන හිටියා..හොදට කල්පනා කරා..නෑ එයාව ටේ අදුරන්නෑ..කවුද මේ?ටේ ටික වෙලාවකින් හිතුවා මෙයාලගෙ කතාවත් අහ ගත්තා නම් හරි කියලා..ටිකෙන් ටික ළගට යද්දි ඒ තුන්දෙනාම shake hand කරලා යන්න ගියා..අපරාදෙ..මොනවද කිව්වේ කියලා අහගන්න තිබුනා නම්..🙄ටේ ට අන්තිමට හිතුනේ ඒක..ඉන්හා අහපව් කාර් එකට නැග්ගට පස්සේ ටේ එයාව ෆලෝ කරන්න පටන් ගත්තා..එන පොට හොද නෑ කියලා ටේ ට තේරුනේ ඉන්හා යන්නේ ගෙදර නේද කියලා දැනුනම..'දැන් මොකද කරන්නේ..🙄ටේ හිතන්න පටන් ගත්තේ ඔය විදිහට..ඉන්හට කලින් ගෙදරට යා ගන්නත් ඕනි..😐නැත්තම් මම එයාව ෆලෝ කරා කියලා අහුවෙනවා නෙ🙄මොකක්ද කරන්නේ?😐හියුන්ලගෙ ගෙදර යනව ද?එහේ ගියොත් ඉන්හට වඩා බණක් අහන්න පුලුවන්..එක්කො ටිකක් පරක්කු වෙලා ගෙදර යනවා...එතකොට එයාට සැක හිතන්න දෙයක් නෑ නෙ..'ටේ හිතලා එතන තිබුන පාක් එකේ කාර් එක නවත්තලා බෙන්ච් එකට වෙලා ඉදගෙන හිටියා..ලස්සන ගෑනු ළමයෙක් ඇවිත් ටේ ළගින් වාඩි වුනේ ටේ දිහාත් බලන ගමන්..

"මොකක්ද හරි ප්‍රශ්නෙක ද?"කෙල්ල ඔලුව අත ගගා හිටපු ටේ ගෙන් ඇහුවේ එයා ලොකු ප්‍රශ්නෙක ඉන්නවා කියලා කෙල්ලට තේරුන නිසා..

"ඔව්..ලොකු ප්‍රශ්නෙක ඉන්නේ..ඒත් ඔයාගෙන් උදව් මට ඒකට ඕනි නෑ.."ටේ කෙල්ලව දන්නව ද?🙄මෙහෙම උත්තර දෙන්නේ හොදට දන්න කෙනෙක් නිසා වෙන්න ඇති නේ..

"ටේ..මට කියන්න බැරි දෙයක් නෑ කියලා මම දන්නවා.."කෙල්ල අහපව් ටේ දිහා බලලා කිව්වේ පුදුම විශ්වාසෙකින්..කට කොනකින් හිනා වුන ටේ අහපව් කෙල්ල දිහා බැලුවේ මේකි කොහොමද මෙහෙම කියන්නේ කියලා හිත හිත..

"ඔයා මට කියන්නකො.."කෙල්ල අහපව් ඉස්සරහා බලාගෙන කිව්වේ ටේගෙ අවදානෙත් ඒ පැත්තට යවන ගමන්..

"මම දන්නවා..ඔයාට උදව් කරන්න පුලුවන් වෙයි..ඒත් ඔයාට මේකෙන් ප්‍රශ්න ඇති වෙයි..ඔයාට දැනටමත් ප්‍රශ්න තියෙයි නෙ.."කෙල්ල දිහා බලාගෙන ටේ කියද්දි කෙල්ල බිම බලාගත්තෙ දැනුනෙ නැතත් ඇස්වල කදුලු පිරුන නිසා..

Is my husband a playboy? : KTH [Completed]Where stories live. Discover now