Part 03

450 106 65
                                    

"ඒ ජොනතන් බලාම්කො අර ඩාන්ස් කරන කෙල්ල දිහා..." 

"වාව් ලස්සනයිනෙ... අලුත් කෙල්ලෙක් වගේ..." 

"කැති අර ගෑනු ළමයා ඔයා දන්න කෙනෙක්ද?" 

"නෑ. ජෙස්ගෙ යාළුවෙක් වෙන්න ඇති."

ඒ වෙලාවෙ එතන හැමෝගෙම මාතෘකාව වුනේ කවුද මේ ගෑනු ළමයා කියන එක. තඹ පාට දිගම දිග කොණ්ඩෙ, නිල් පාට දිලිසෙන ඇස්, මිනිස් දුවකට තිබිය හැකි යැයි විශ්වාස කළ නොහැකි තරමටම පැහැපත් සම... හැමෝම පොඩි වෙලාවකට නටන එක නතර කරලා එයා දිහා බලන් හිටියා. 

ජොනතත්, පන්තියේ හිටපු කඩවසම්ම පිරිමි ළමයා. අපේ ඉස්කෝලෙ හැම ගෑනු ළමයෙක්ගෙම වගේ හීනයක් තමයි එයාගෙ පෙම්වතිය වෙන එක. ජොනතන් එදා අලුත් ගෑනු ළමයා ළඟට ගිහින් "මාත් එක්ක නටන්න කැමතියිද" කියලා අහපු වෙලාවෙ නම් එ් හීන ඔක්කොම අතාරින්න වෙයි කියලා එයාලට හිතෙන්න ඇති.  

ඒත් ඇත්තටම.... ජොනතන්ට තමයි ඒ ගෑනු ළමයා එක්ක නටන්න තිබුන හීනෙ අතඇරගන්න සිද්ධ වුණේ. මොකද එ් ගෑනු ළමයා ජොනතන් කියපු කිසිම දෙයක් තේරුනේ නැහැ වගේ පොඩි වෙලාවක් එයාගෙ මූණ දිහා බලන් ඉඳලා එතනින් යන්න ගියා. වටපිටාවෙන් ඇසුණු කසුකුසු සද්දෙවත්, හැමෝම ඉස්සරහා අපහසුතාවයට පත් වුණ ජොනතන් ගැනවත් එයාට කිසිම තැකීමක් තිබුනෙ නැහැ. 

"ඔයා දන්නවද ඩොක්ටර් එයා ඊළඟට මොකද කළේ කියලා?" එලොයිස්ගේ ඇස් දීප්තිමත්ම දිදුලන්නට විය. මෙපමණ වෙලාවක් ඇගේ මුහුණේ තිබූ මළානික පෙනුම අතුරුදහන්ව ගොස්ය. 

"නෑ මොක්කද? එයා එළියට ගියාද?" 

"නැහැ ඩොක්ටර් එයා කෙලින්ම ඇවිදන් අාවෙ මං ගාවට. එයාගෙ අත දික් කරලා මට එයත් එක්ක නටන්න ආරාධනා කළා. ඔයාට ඒක විශ්වාස කරන්න පුළුවන්ද ඩොක්ටර්? ඒ හැමෝගෙන්ම එයා තෝර ගත්තෙ මාව. මේ වැඩකට නැති එලොයිස්ව..." 

"ඉතින් ඔයත් එයා එක්ක නැටුවා එහෙම නේද?" එලොයිස්ගේ උද්යෝගිමත් දෑස් දුටු රොමානා විමසීය. 

"ඔව් නැතුව. අපි ගොඩක් වෙලා නැටුවා. කකුල් පණ නැති වෙනකන්ම නැටුවා. අලුත් කෑම ජාති ගොඩක් කෑවා. සෙල්ලම් කළා. ඒ ගෙදර හැම තැනම ඇවිද්දා. මිනිස්සු ගොඩක් හිටපු තැන් වලට වගේම කිසිම කෙනෙක් නොහිටපු තැන් වලටත් ගියා. ඒ සාදය අපි දෙන්නගෙ විතරක්ම කියලා හිතෙන තරමටම අපි අපේ නිදහස අත්වින්ඳා. ඒ මගෙ ජීවිතේට ආපු හොඳම දවස. එදා තරම් කිසිම දවසක මම සතුටු වෙලා නැහැ. විනෝද වෙලා නැහැ...

...ඒවගේම ඒ වගේ ආදරයක් කවදාවත් දැනිලත් නැහැ." 

"ආදරයක්?" ඩොක්ටර් රොමානා ඇහි බැම ඔසවමින් ඇසුවාය. 

"ඔව් ආදරයක්..." 

"ගෑනු ළමයි දෙන්නෙක් අතර?"

"නැහැ හදවත් දෙකක් අතර..."

ඩොක්ටර් රොමානාට කීමට දෙයක් නොවීය. "එලොයිස්... දරුවෝ..."  ඇය හිස දෙපසට සැලුවාය. 

"හ්ම්...ඊට පස්සෙ මොකද වුනේ කියලත් කියන්න." මද කල්පනාවකින් පසුව කඩදාසියක යමක් සටහන් කර ගත් ඩොක්ටර් රොමානා පැවසීය. 

"ඩොක්ටර්..." 

"ඔව්?"

"මට වතුර ටිකක් දෙනවද?"

"හොඳයි. පොඩ්ඩක් ඉන්න." එසේ පවසමින් වෛද්‍යවරිය එතනින් නැඟිට ගියාය





______________________________________________________________________________________________

A/N: දිමියා නොහොත් dimalsha ගේ Vampire love පොතේ ජොනතන් සර් නැතුව මට පාළුයි, සාංකාවයි නිසා එයාව මගෙ පොතට දා ගත්තා.

එයා එකදාස් නමසිය බර ගණන් වල ලස්සන ගෑනු ළමයෙක්ගෙන් ප්‍රතික්ෂේප වීමේ දුක දරා ගන්න බැරුව ඇමරිකා වලින් ඇවිත් ටුල් අයියලගෙ ගමේ ඉස්කොලෙ සර් කෙනෙක් විදියට වැඩ භාර ගත්තලු.

(තේරුනේ නැති අය මෙන්න මේ කතාව කියවලා බලන්න. එතකොට තේරෙයි.)

ඒක නෙමෙයි කතාව ගැන මොකද හිතෙන්නෙ?? මෝඩයි වගේද? 👀

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒක නෙමෙයි කතාව ගැන මොකද හිතෙන්නෙ?? මෝඩයි වගේද? 👀

Bye~

𝙊𝙉𝘾𝙀 𝙐𝙋𝙊𝙉 𝘼 𝙏𝙄𝙈𝙀 [𝙂𝙇] ✔️Where stories live. Discover now