Part 05

422 109 40
                                    

"නෑ.... නෑ...." 

"එහෙම දෙයක් නම් වෙන්න බැහැ..."

මම දෙපාරක් නොහිත පිහිනුම් තටාකයට පැන්නෙ එයාට මොනවද වුණේ කියලා හරියටම දැන ගන්න ඕනෙ වුණ නිසායි. තටාකයේ පතුලට කිමිදිලා ඇස් ඇරලා හැමතැනම හොඳට බැලුවා. 

දෙවියනේ එයා ඉන්නවා. මොහොතක්වක් පමා නොවී මම ඒ දිහාවට පිහිනා ගිහින් එයාගෙ මූණ අල්ලලා බැලුවා. මෙච්චර වෙලා වතුර යට කොහොම හිටියද මන්දා මේ පිස්සු කෙල්ල. මොකුත් නොවුන ගාණට මාත් එක්ක හිනාවෙන ඒ සුරංගනාවිව තදින් වැළඳගත්ත මට මොකක්දෝ අමුත්තක් දැනුණා. 

එයා එක්ක කතා කරන්න ඕනෙ වුනත් වතුර යට හිටිය නිසා ඒ දේ කරන්න බැරි වුණා. ඒත් එක්කම පිහිනුම් තටාකයේ වතුර වල සීතල පරයා මට දැනුනෙ එයාගෙ සියුම් තොල් වල උණුසුමයි. ඒ හාදුවේ ආදරණීයත්වයට ප්‍රතිචාර දක්වමින් මගේ අත් එයාගෙ ඇඟ පුරා දිව ගියා.

ඒත්... මගෙ අත් වලට ලොකු වෙනසක් දැනුණා. 

ඒ... 

ඒ...






















"වරලක්..."

මම එයාගෙන් ඈත් වුණේ ඒක විශ්වාස කරන්න අමාරු වුණ නිසයි. එයාගෙ කකුල් අතුරුදහන් වෙලා. ඒ වෙනුවට දිලිසෙන නිල් පාට වරලක් තිබුණා. එයා එතකොට දියකිඳුරියක් ද? එහෙම අය ඇත්තටම ඉන්නවා ද? එයා ඒකද මෙච්චර වෙලා වතුර යට හිටියෙ? මම මේ හීනයක්ද දකින්නෙ? ප්‍රශ්න ගොඩක් තිබුනත් තව දුරටත් වතුර යට හිටියොත් හුස්ම ගැනීමට නොහැකි වන නිසා මම එයත් එක්කම උඩට ආවා.

කලින් සිද්ධ වුණ කලබලය නිසා සාදයට ඇවිත් හිටපු හැමෝම වගේ පිහිනුම් තටාකය වටේට රැස් වෙලා හිටියෙ. මම වගේම ඒ හැමෝමත් මේ සිද්ධ වුණ දේ විශ්වාස කර ගන්න බැරුව පුදුම වෙලා බලන් ඉන්නවා. ඒ හැමදේම අතරින් ඉර රැස් වැටෙන්න ගත්තෙ උදෑසන වෙන්න තවත් වැඩි වෙලාවක් නැහැ කියලා හැමෝටම මතක් කරමින්.

"එ.. එලොයිස්..."

එයාගෙ කටහඬ මුල්ම වතාවට මට ඇසුනෙ ඒ වෙලාවෙදියි. එතකොට මෙච්චර වෙලා එයා හැමදේටම සිනහවෙන් විතරක් පිළිතුරු දුන්නෙ, කොටින්ම එයාගෙ නමවත් මට කිව්වෙ නැත්තෙ කිඳුරියන් මිනිස් ස්වරූපයට පැමිණි විට කටහඬ අහිමි වෙනවා කියන පුරාවෘතය ඇත්ත නිසාද?

𝙊𝙉𝘾𝙀 𝙐𝙋𝙊𝙉 𝘼 𝙏𝙄𝙈𝙀 [𝙂𝙇] ✔️Where stories live. Discover now