Part 04

437 106 12
                                    

"එලී!! ඔයා දුම් බොනවා?" ඩොක්ටර් නැවත පැමිණෙන විට එලොයිස් අත සිගරැට් පෙට්ටියක් සහ ලයිටරයක් විය. 

"ආ... ඔව් සමාවෙන්න ඩොක්ටර්. හිත සන්සුන් කර ගන්න අමාරු වෙලාවල් වලට ඒක ලොකු උදව්වක්." 

"මේක රෝහලක් එලොයිස්. මෙතන දුම් බොන්න හිතන්නවත් එපා. අනික ඒකෙන් ඔයාට නරකන් මිසක් කිසිම හොඳ දෙයක් වෙන්නෙ නෑනෙ." 

"ඉතින් මොකද? මට කොහොමත් නරක දේවල් විතරනෙ වෙලා තියෙන්නෙ." එලොයිස් වියරුවෙන් මෙන් සිනාසෙන්න විය.

සිගරැට්ටුවක් ඇගේ ඇඟිලි අතරෙහි විය. කෙමින් කෙමින් එය වෛද්‍යවරියගේ මුහුණ දෙසට රැගෙන යන්නට වූ ඇය ලයිටරයේ දැල්ලද රොමානගේ මුහුණ දෙසට ළං කෙරුවාය. තරමක් බියපත් වුවද ඇගේ මුහුණෙන් එ් බවක් නොපෙන්වීමට වෛද්‍ය රොමානා වග බලා ගත්තාය. 

"හරියට මෙන්න මේ සිගරැට් එක වගේ..." එලොයිස් සිනාසෙමින් එය වෛද්‍යවරිය ඉදරිපිටදීම දැල්වූවාය. කාමරය පුරා ඉන් හැමූ අප්‍රසන්න දුම විසර යන්නට විය. කෙමෙන් කෙමෙන් එලොයිස්ගේ සිනහව අතුරුදහන්ව ඩොක්ටර් රොමානාට තේරුම් ගත නොහැකි වූ අන්දමේ හැඟීමක් ප්‍රකාශනය විය. 

"දැල්වෙනවා. ටිකෙන් ටික දැල්වෙනවා. දැල්විලා ලොකු වින්දනයක් දෙනවා. හැබැයි පොඩි වෙලාවකට. හරිම පොඩි වෙලාවකට. ඉතුරු වෙන්නෙ අළු ටිකක් එක්ක වේදනාවක් විතරයි... ඔව් ජීවිත කාලේම විඳවන්න පුළුවන් වේදනාවක්." 

"එලී..."

"එලී..."

"එලී..."

"එලොයිස් !!!"

වෛද්‍ය රොමානාගේ දැඩි කටහඬින් එලොයිස් තිගැස්සී ගියාය. 

"ආ... මොක්කද ඩොක්ටර්?"

"මේක රෝහලක් එලොයිස්. මෙහෙ දුම්වැටි භාවිතය තහනම්. ඕක මට දෙන්න.' 

"හා හොඳයි." කුඩා දැරියක් ලෙසින් අවනත වූ එලොයිස් වෛද්‍යවරියට දුම්වැටිය සහ ලයිටරය ලබා දුන් අතර රොමානා එය නිවා අසළ තිබූ කසළ බඳුනකට දැමුවාය.

කාමරයේ පැවතියේ දැඩි නිහැඩියාවකි. එය බිඳ දැමීමට දෙදෙනාගෙන් කිසිවෙකුත් උත්සුක නොවීය. 













𝙊𝙉𝘾𝙀 𝙐𝙋𝙊𝙉 𝘼 𝙏𝙄𝙈𝙀 [𝙂𝙇] ✔️Where stories live. Discover now