💕 1 Chapter

962 115 6
                                    

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

Y/n Pov:
මම දෑස් විවර කරා..ඒත් මගෙ මුලු වටපිටාවම ඝන අදුරෙ ගිලිලා තිබ්බා....
කිසිම හේතුවක් නැතිව මම අදුර මැදින්ම  ඉදිරියට ඇවිදගෙන ගියා....
එත්....මම එක පාරටම නැවතුනේ ඈත ඉදන් කවුරු හරි මගෙ දිහා ම බලන් ඉන්නවා මට දැනුන නිසා...
එයාගෙ මූණ පැහැදිලිව බලාගන්න මම උත්සහ කරත් මටමුහුණ පැහැදිලි උනේ නෑ...
ඒත් එයා පිරිමි කෙනෙක් කියල මට අදුරගන්න පුලුවන් උනා...

ඝන අදුර වෙලාගෙන තිබ්බ පරිසරය තුලින් මගේ නෙත ගැටුනේ සුදු පාට ඇදගෙන හිටපු එයා විතරයි....
එයා මගෙ දිහාම බලන් ඉන්නවා කියලා මට දැනුනා...
මම එයාගෙ මූණ දිහාම බලාගෙන අඩියෙන් අඩිය ඉදිරියට ගියෙ ඒ මූණ පැහැදිලිව මගේ දෑස්වලට හසු කරගන්න...
ඒත් එක පාරටම මගෙ ඔලුව රිදුම් දෙන්න ගත්ත නිසා මම එතනම ඔලුව අල්ලගෙන බිම වැටුනා.....

............................................................................

Taehyung :
"Aunty , Aunty එයා නැගිට්ටා..."

Mrs.Jeon (Y/n Mom) :
"Thank god...අනේ...මගෙ පන නැගිට්ටද...ඔයාට දැන් හොදයි නේද...කතා කරන්නකෝ...අමාරුවක් නෑ නේද..."

Y/n Pov:
එක පාරටම මගෙ දෑස් නැවත පාරක් විවර වුනා...ඒත් මේ පාර මට හැමදේම පේනවා වටපිට අදුරු බවක් නෑ...මම ඇදක් උඩ නිදාගෙන...මගේ වටේට කිහිප දෙනෙක්ම මගෙ දිහා බලන් ඉන්නවා..
එතනින් එක්කනෙක් මම නැගිට්ටා කියලා කෑ ගැහුවා...එතකොටම ලස්සන ගැහැනු කෙනෙක් මගෙ ලගට ඇවිත් ඇඩුවා...
...ඔව් ඒ මගෙ ඔම්මා...මට මතකයි...

Y/n :
" අනේ ඔම්මා...මම හොදින්..."

ඔම්මා අඩද්දී මටත් ඇඩුනා...ඒත් ඇයි මම මේ ඇදක් උඩ මේ කොහෙද?...

" ඔම්මා මම මේ කොහෙද ඉන්නේ...?ඔම්මා මේ Hostpital එකක් නේද...? මම Hostpital  එකක ඉන්නේ ඇයි..? මට මොකද උනේ...?"

SOUL LOVER  (Jimin × Reader) ( COMPLETED ) Where stories live. Discover now