Y/n Pov :
Taehyung ඔප්පා බොන්න මොනවා හරි අරන් එන්න ගියාට පස්සේ මං ආයෙත් අහස දිහා බලන් හිටියා...
මට කිහිප දෙනෙක්ගෙ මතකයන් නැති වෙන්නයි කිහිප දෙනෙක්ව මතක තියෙන්නයි හේතුව මොකක්ද...ඔයාගෙ අතින් කාට හරි වැරද්දක් වෙලාද...මං මගෙ හිතෙන්ම ප්‍රශ්න කරා...
එහෙම්ම ඇස් පියාගත්ත මං ගැබුරු කල්පනාවකට වැටුනා....................ආයෙත් අර කෙනා මගෙ ඉස්සරහින් පේනවා...එයා මගෙ ලගට එනවා....එයා මට මොනවද කියනවා...
....ඔව් එයා මට කතා කරනවා...." නැගිටින්න Y/n ඒක වෙන්න දෙන්න එපා..."
එයා මට කිව්වා...
ඒත් එක්කම මං ගැස්සිල ඇස් ඇරියා...
එහා පැත්ත හැරිල බලනකොට Taehyung ඔප්පාගෙ මූණ මගේ මූණ ලග...ඒ ඇස් මගේ දිහාම බලන් හිටියා...හරියට ඒ ඇස්වලින් මට කතා කරා වගේ දැනුනා...
මං ඉක්මනිනම එතනින් නැගිට්ටේ හිතට දැනුන ලැජ්ජාව නිසාමයි..Taehyung Pov :
මං එයාගෙ මූනට ලං වෙන කොටම එයා ගැස්සිලා නැගිට්ටා...
එයා ඒ ගැන කතා කරේ නැති නිසා මං කතා කරන්න ගියෙත් නෑ .......නිහඩතාවය බිදිමින් Y/ n කතා කරා....
Y/n :
"ම්ම්..අපි යමු නේද...හවස් උනත් එක්නනේ"
මම බිම බලාගෙනම කිව්වා...Taehyung :
"ම්ම්...හරි"
මං කරන්න හදපු දේ වැරදිද...මං ඉස්සර වුනා වැඩිද ...මං මගෙ හිතින්ම ප්‍රශ්න කරා...Y/n යි Taehyung යි වැඩි කතාවක් නැතුවම ගෙදරට ආවා...
Taehyung Mrs.Jeon ටත් කතා කරලා ගෙදර ගියා...............................................................................
Y/n Pov:
Taehyung ඔප්පා ඇයි ඒ විදියට හැසිරුනේ...
එතකොට මට ඒ කතා කරපු කෙනා කවුද...කටහඩ හුරු පුරුදුයි..
මට මේක ගැන ඉක්මනින්ම දැන ගන්න වෙනවා...............................................................................
උදෙන්ම නැගිටපු Y/ n පහලට ගියේ අද weekend නිසා University යන්න නැති එක ලොකු දෙයක් කියලා හිත හිත...
අප්පයි , ඔම්මයි , ඔප්පයි තුන් දෙනාම කෑම මේසෙ හිටියා Y/n ත් එයාලට එකතු උනා...Jeon ගෙදර වැඩ කරන සේවකයෙක් ඇවිත් Mr.Jeon ට මොකක්ද File එකක් දීලා ගියා...කවුදෝ දුන්නා කියලා...
Mr.Jeon ඒ File එක දිහා අමුතු විදියට බලලා සේවකයටත් ඔරවලා File එක පැත්තකින් තියලා ආයෙත් කෑම කන්න පටන් ගත්තා...
වෙනදාටත් Mr.Jeon ට Biusness File ගෙදරට එන නිසා කවුරුත් ඒකට වැඩි අවධානයක් යොමු කරේ නෑ...Y/n :
ඔප්පා ඔය Juice එක මෙහාට දෙන්නකෝ....Jungkook :
ඕනිනම් නැගිටලා ගන්න මට බෑ දෙන්න...Jungkook තමන්ගේ නංගිට හිනාවෙන ගමන් විහිලුවට වගේ කිව්වා...
Y/n , Jungkookට ඔරවන ගමන් නැගිටලා Juice එක දිහාවට අත දික් කරේ ඒක ගන්න...
ඒත් එක්කම මේසෙ තිබ්බ File එක Y/n අතින් බිමට වැටුනා...
Y/n ඒක ගන්න බිමට නැවෙන කොට ඒකෙ තිබ්බ පින්තූරයක බාගයක් එයා දැක්කා...එයා ඒක ගැන හිතන්නත් කලින් Mr.Jeon එක පාරටම කලබලෙන් නැගිටලා Y/n ට කලින් File එක ඇරන් Y/n දිහාවට හැරුනා..Mr.Jeon :
"මොකද බඩුත් පෙරලගෙන ඔච්චර කලබලෙන් වැඩ කරන්නෙ..."
Mr.Jeon ගෙ වචනවල දැඩි බවක් තිබ්බා...Y/n :
"අප්පා මම කලබලෙන් වැඩ කරේ කොහෙද...අනික ඒක File එකක්නෙ මම ඒක ඇරන් දෙන්නනෙ ගියේ..."Mrs.Jeon :
" ඒක ඇත්ත,මේ ලමයට ඔච්චර කෑ ගහන්න මෙතන මුකුත් උනේ නෑනෙ..ඇයි ඔය ලමයට කෑ ගහන්නේ.."Mr.Jeon :
" ඔයා තමා මේ ලමයින්ව හුරත්ලේට හදන්නේ..පේනවනෙ කියවගෙන එන විදිය.."
Mr.Jeon එහෙම කියලා File එකත් ඇරන් කාමරයට ගියා..Jungkook :
" ඔම්මා අප්පට මොකද ඒ උනේ...ඒක එච්චර තරහ ගන්න දෙයක් නෙවෙයි නේ.."Mrs Jeon :
" අනේ මංදා පුතා එයාට මොනව වෙලාද කියලා ඔයාල දැන් කන්න..."Jungkook ,Mr.Jeon එක්ක Office ගියා...
Y/n කාමරයට වෙලා ලොකු කල්පනාවකට වැටුනා...Y/n Pov :
අප්පට උදේ එහෙම තරහ යන්න හේතුව මොකක්ද ....ඒ File එකේ තිබ්බ පින්තූරය කාගෙද....සමහරවිට අප්පා ඒක ලොකර් එකේ දාලා යන්න ඇති...ගිහින් බලන්න ඕනි...අප්පගෙ Office Room එකට ගියපු Y/n ට File එක හොයාගන්න හම්බුනේ නෑ...
අප්පා ඒක ඇරන් යන්න ඇති කියලා හිතන ගමන් Y/n කාමරයෙන් එලියට එන්න එනකොට Mr.Jeon ගෙ මේසෙ යට ඇතුලට වෙන්න වැටිල තිබ්බ File එක දැක්කා...
එයා ඉක්මනට ගිහින් ඒක ඇරන් පෙරලලා බැලුවා...." මොනවා.........."
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
Readers ල නැති උනත් මම කතාව දාන්න හිතුවා...😁
ඒ වගේම කියවන , Vote , Comment කරන අයට Thank You ගොඩක්...❤🙃💜️...Enjoy...💜️
YOU ARE READING
SOUL LOVER (Jimin × Reader) ( COMPLETED )
Fanfic" What Does It Mean To Truly Be In Love... " " Pain , Soul Love , Destiny "