සඳ එලිය කන්තෝරු කාමරේට ගලාගෙන එද්දි නිනියන් බලන් හිටියේ එයාගේ මේසේ උඩ තිබුණු phohto එක දිහා. එයා ආපහු දොර දිහාත් බලලා ජනේලේ දිහාත් සැරින් සැරේට බැලුවේ කවුරු හරි බලාපොරොත්තුවෙන් වගේ. එයා ටිකකින් මේසේ උඩ තිබුණ photo එක අතට අරන් ටික වෙලාවක් ඒක දිහා බලන් ඉදලා ආපහු තිව්වේ සුසුමක් හෙලන ගමන්. සතුටින් පිරිලා තිබුණ පවුලක් පොටෝ එකේ ඉදන් එයාට අත වැනුවා. පුංචි පිරිමි ලමයි දෙන්නෙක් එතන දුව දුව සෙල්ලම් කරන අතරේ එයාලාගේ අම්මයි තාත්තායි එයාලා දිහා හිනා වෙවී බලන් හිටියා. එක පිරිමි ලමයෙක්ගේ කොණ්ඩේ නම් එයාගේ තාත්තාගේ වගේම සුදුම සුදුයි. අනිත් කෙනාගේ කොණ්ඩේ නම් සුදුයි කලුයි කලවම් වෙලා තිබුණා.
සුසුමක් හෙලපු නිනියන් එයාගේ පුටුවෙන් වාඩිවෙලා ඇස් දෙක පියා ගත්තේ එයාට දවසෙම වැඩ කරලා මහන්සි නිසා.
"මම මොනවාද කරන්නේ කාරා? හැමදේම අවුල් වෙලා. මට අපේ ෆේබියන්ව බේර ගන්න බැරි වුනා. හෙලියස් කොහේද කියලාවත් මම දන්නේ නැහැ. දැන් මගේ ඇස් ඉස්සරහා ඉන්නේ ඉන්නේ අපේ ලෝරල් විතරයි. ඒත් එයා මට තමයි වැඩියෙන්ම වෛර කරන්නේ. මම මහ අවාසනාවන්ත තාත්තෙක් නේද?" නිනියන් එහෙම කියලා එයාටම හිනා වුනා.
"ඔයා මට එන්න කිව්වේ මොකටද?" ඒත් එක්කම ජනේලෙන් පැනපු කලු පාට හූඩි එකක් ඇදන් හිටපු කෙල්ලෙක් ඇහුවා. ඒත් හූඩි එකටම වැහිලා තිබුණ නිසා කෙල්ලගේ මූණ නම් හරියට පෙනුනේ නැහැ.
එයාව දැකපු ගමන් නිනියන්ගේ මූනේ ඇදුනේ හිනාවක්. නිනියන්ට එයාව පැනලා බදා ගන්න කොච්චර උවමනාවක් ආවත් එයා එයා ආයාසෙයන් ඒක මැඩ පවත්වගත්තේ කෙල්ලව තවත් තරහා ගස්සන්න ඕන නැති නිසා.
"ඔයාට අන්තිමේදි මේ වයසක මනුස්සයාව මතක් වුනා එහෙනම්." නිනියන් වේදනාව මුසුවුණ හිනාවක් දාන ගමන් කිව්වා. "එන්න. ඔයා මොනවා හරි බොනවාද?"
"මට නාස්ති කරන්න කාලයක් නැහැ. මම ආවේ ෆේබියන් ඉන්නේ කොහේද කියලා දැන ගන්න" ගෑණු ලමයා කිසිම හැගීමක් නැති කෙනෙක් විදියට කිව්වා. නිනියන්ගේ හිනාව එක පාරටම අතුරුදහන් වුනා.
"ඔයාට ඔයාගේ තාත්තව එක පාරක්වත් බදාගන්න ඕන නැද්ද ලෝරල්?" නිනියන් ඇහුවා.
YOU ARE READING
Game on (OT7) - On Hold
Fanfictionපවුලකට හිමි වූ එක් උරුම කරුවෙක් පමණක් හා සදහටම එම උරුමකරුට තම ආදරය අහිමිව දිවි ගෙවීමට සිදුවන දරුණු ශාපයක්......😶 එකිනෙකා පරයමින් පරම්පරා ගණනාවක් සටන් වදින Vampireවරු සහ මයාකරුවන්........ සියල්ලකටම මැදිව අදුරෙන් පාසලක් ආරක්ෂා කරන එහි ආරක්ෂකයන් දාහත...