Chapter 08-The Almighty Snape Lord

193 31 212
                                    

තේහයුන්ග් ලෙයාව බිම ගහකට හේත්තු කරා. ඊට පස්සේ එයාගේ ඉස්සරහින් බිම එරමිණිය ගොතන් වාඩි වුනේ ලෙයාගේ නලල දෙපැත්තෙන් අත් දෙකේ දබර ඇගිල්ලයි මැදගිල්ලයි තියන ගමන්. ඊට පස්සේ එයත් ඇස් දෙක පියා ගත්තේ ලෙයාගේ මතකයන් වලට යන්න උත්සාහ කරන ගමන්.

කොච්චර උත්සාහ කරත් තේහයුන්ග්ට ලෙයාගේ මතකයන්වලට යන එක නම් එච්චර ලේසි වුනේ නැහැ. නිකම් හරියට ලෙයාගේ මතකයන් වලට යන්න බැරි වෙන්න මොකක් හරි ලොකු බාධාවක් දාලා වගේ. බලන බලන පැත්තේ තේහයුන්ග්ට පෙනුනේ තනිකරම අන්ධකාරයෙන් වැහුන පරිසරයක්.

'මේක නවත්තන්න. නැත්තම් ඔයත් එයා වගේම හිර වෙයි.' තේහයුන්ගේ ඔලුවේ එක පැත්තක් එයාට අනතුරු අඟවමින් කෑගැහුවා. ඒත් මොනවා වුනත් කොල්ලට ආපහු හැරිලා එන්න හිත දුන්නේ නැහැ. අනික එයා මෙතනින් නවත්තලා ආවොත් ලෙතා සදහටම මතකයන්ගේ ලෝකේ හිර වෙලා ඉදීවි. ඒක නිසාම කොල්ලා තව පාරක් එයාගේ උපරිම මානසික ශක්තිය යොදවලා හිත ඒකාග්‍ර කරගත්තේ ලෙයාගේ මතකයන්වලට ආපහු යන්න හිතා ගෙන.

(A/N- තේහයුන්ග් කියන්නේ මතකයන්වල ඇවිදින්නෙක්. ඒක නිසා එයාට ඕනම වෙලාවක පොඩි ස්පර්ශකින් උනත් ඕනම කෙනෙක්ගේ මතකයන්වලට හොරෙන් පනින්න පුලුවන්. ඒත් මතකයන්වල හිර වුන කෙනෙක්ගේ මතකයන් වලට යන එක නම් එච්චර ලේසි දෙයක් නෙවෙයි. මොකද දෙන්නම සදහටම ඒ මතකයේ හිර වෙන්න පුලුවන්.)

තේහයුන්ග් හිටියේ සර්ප විමානෙක. ඇත්තම කිව්වොත් එයාට සර්පයෝ නිසා අඩිය තියන්නවත් බැහැ.

"සිසාරියයෝ (අහකට යනවා)" කොල්ලා සර්ප බාශාවෙන් සර්පයන්ට අනතුරු ඇගෙව්වත් කිසිම වැඩක් වුනේ නැහැ. සර්පයෝ එයා එතන නෑ වගේ කොල්ලව සම්පූර්ණයෙන්ම නොසලකා හැරලා එතනම වෙලිලා හිටියේ. පස්සේ තමයි එයාට මතක් වුනේ මතකයන්ගේ ලෝකෙදි මතකවල ඇවිදින අයගේ අනිත් හැකියාවන් එකක්වත් වැඩ කරන්නේ නැහැ කියලා. ඒක නිසා සර්පස්වාමියට එයාගේ හැකියාව යොදවලා කිසිම සර්පයෙක්ට බලපෑමක් ඇති කරන්න බැහැ. මොකද මතකයන්ගේ ලෝකෙට ආවට පස්සේ ඕනම මතක ඇවිදින්නෙක් (memory walker) කිසිම හැකියාවක් නැති සාමාන්‍ය මනුස්සයෙක් වෙනවා.

Game on (OT7) - On HoldWhere stories live. Discover now