Chapter 13 - Alzora pt.02

194 25 44
                                    

"ඔය ගරුකිරිල්ල පැත්තකට දාන්න ලුවිස්" කිරුල හිමි කුමරිය සාර්තක ලෙස
තුන් පිම්මක් පැනලා බිමට බහින ගමන් කිව්වා. "ඔයාලා යන්නේ පොකුණ ගාවට නේ. මාත් එනවා"

"කිරුල හිමි කුමරිය..... ඔයා මේ වෙලාවේ ඉන්න ඕන මාලිගාව ඇතුලේ පාඩම් කරන ගමන් මට මතක විදියට නම්" හැරී කුමරු කිව්වා.

"ආහ් මතක් කරන්න එපා. ඒක මහ කම්මැලි වැඩක්. අනික මේ වගේ අවස්ථාවක් එන්නේ අවුරුද්දකටම එක සැරයයි නේ" කිරුල හිමි කුමරිය කන්කෙදිරි ගෑවා. "මම ආවම මොකද?"

"ඩැමි!"

"මොකක් ද අනේ ඔප්පා"

"කොහේද ලියමුයි සීයොනුයි?" එක පාරටම ලුවිස් ඇහුවා.

"අහ් ලියම් නම් නිල් නිදන හත්තක් ඉබපු නිසා එයාට නම් හොදටම නින්ද ගිහින්. එතකොට සීයොන් අර කම්මැලි මිස්ටර් බීසන් එක්ක ඉතිහාසය ඉගෙන ගන්නවා" ඩැමී කිසිම ගානක් නැතුව කිව්වා.

"ඔයාව නම් හදන්නම බෑ" තේහයුන්ග් කිව්වා.

"කටවහන් ඉන්නවා පිටසක්වලයා" ඩැමී තේහයුන්ග්ට රැව්වා. "මම තමුන්ගේ නූනා." ඊට පස්සේ එයාගේ ඇස් ගියේ ඉස්කෝලේ ලමයි දිහාවට. වැඩිපුරම නවකයන් ගාවට කිව්වත් හරි. ඒත් එයාට ඕන දේ දකින්න ලැබුණේ නැති නිසාද කොහේ එයා මූණත් බෙරි කරන් ඉස්සරහට හැරුණා

"එයා නෑ වගේ"

"ඔයා තාමත් ඔය බොරුව විශ්වාස කරනවාද ඩැම්? එහෙම කෙනෙක් නෑ. හිටියා නම් දැන් එයා ඉස්සරහට එන්න ඕන." හැරී ඩැමීගේ උරහිස මිරිකන ගමන් කිව්වා. "හිත හදාගන්න"

"අපි යමු" තේහයුන්ග් කිව්වා.

"සමාවෙන්න උන්නි" එයාගේ සීනියර් පිටිපස්සේ හැන්ගිලා හිටපු එක්කෙනෙක් එලියට එන ගමන් පහත් හඬින් තමන්ටම කොදුර ගත්තා.

"ඔහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා." හැරී කිව්වා. "ඔය ලමයින්ට පුංචි තෑග්ගක් තියේ.... සූආ යූහ්යියොන් ඔය ටික අරන් එන්න"

හැරී එහෙම කියනවත් එක්කම එතනින් මතු වුනේ ලස්සන ගෑණු ලමයි දෙන්නෙක්. එයාලාගේ අත්වල තිබුණ ට්‍රේස් වල ලස්සන පොඩි මල් පොකුරුවලින් හදපු මල් ඔටුණු පිලිවලට අඩුක් කරලා තිබුණා.

Game on (OT7) - On HoldWhere stories live. Discover now