Chapter 06- Pasona

250 34 254
                                    

Class room (morning bio lesson)

"ශාක බෙදෙන වංශ ටික තමයි.... බ්‍රයෝටා, පෙරෝෆයිටා, ලයිකෝෆයිටා, කෝනිෆෙරෝෆයිටා...." උදේ පාන්දරම බයෝ මිස් තේරෙන්නේ නැති දිග හෑල්ලක් කියවන් යද්දි ලමයි කරේ වෙනදටත් එක්කම ඇරියස් කවර් කරන්න ද කොහේදෝ මේසත් බදාගෙන නිදා ගනිපු එක. පේන්නේ නම් මේ කට්ටියම සති ගානක් නිදි මරලා වගේ. මාර්ක්, බෑම්බෑම් ඩබල නම් මේසේ ඉස්සරහින් පොත් දෙකක් හිටවලා තියන් ඒක අස්සට ඔලුවත් ඔබන් මොනවද කොටා බානවා.

"ඒයි මටත් දීලා කන එකක් කනවලා. නැත්තම් උබලට පාට හතෙන් බඩ යන්න ඕන" බෑම් බෑම්ට එහා පැත්තේ හිටපු යුන්ග්යොම් බෑම්බෑම්ගේ උකුලේ තිබුණ කෑම පෙට්ටියට ඔලුව දාන ගමන් ඇහුවා.

"ඒයි කොල්ලෝ ඕවා බලු වැඩ. අපිටත් දීලා කාපියව්. සහගහන අපරාධ නොකර." ඒ අස්සේ කොහේද ඉදලා හේසොකුත් බෑම්බෑම්ගේ කෑම පෙට්ටියට බැල්ම හෙලනවා.

"මේ හියොන්ග් ගාඩියන්ස්ලට කන්න නැද්ද ඇත්තට... හැම දාම ඇවිත් අපේ කෑම පෙට්ටි ටිකට වැඩේ දෙන්නේ" ලෙවී ඇහුවා.

"ඒක හරි කතාවක්නේ. ගාඩියන්ස්ලා උනාට අපිත් මානව අවශ්‍යතා තියෙන මිනිස්සු බොල" ජේහෝප් මල් පැනලා ලෙවීට රවන ගමන් කිව්වා.

කොහොම හරි අකමැත්තෙන් වුනත් ජේහෝප්ට දීපු කෑම පෙට්ටිය පන්තිය වටේම කොල්ලෝ ටික ගාවට යනවා බෑම් බෑම් මූණත් නරක් කරන් බලන් හිටියා. පව් අහින්සකයා මදෑ සැපසේ හොරෙන් ඉස්කෝලේ ඇතුලට පන්න ගනිපු ගුලාබ් ජබුං එකක් කන්න හිතන් හිටියා. අන්තිමේදි කොහොම හරි සාගතකාරයෝ ටිකකට අහුවෙලා බෑම් බෑම් අතට ආවේ හිස් පෙට්ටියයි ඒක ඇතුලේ තිබුණ හැන්දයි විතරයි. කොල්ලා ටික වෙලාවක් ඒක දිහා බලන් කල්පනා කරේ ඇයි මුන්ට මේ යකඩ හැන්දත් කන්න බැරි වුනේ කියලා තමන්ගෙන්ම අහන ගමන්.
(මට අපේ එකොළහ වසරේ පංතිය මතක් වුනා. මතකද මන්දා ටීචර්ස්ලා උගන්නන වෙලාවෙත් කෑම පෙට්ටි උඩින්ම පාස් වෙනවා. කොහේද මේ කොරෝනා අපේ ලස්සනම කාලේ කෑවනේ.)

"සලාංඅං....." එක පාරටම ඇහුනේ කොල්ලගේ එහා පැත්තට වෙලා කිම්චි රයිස් එකකට දෙසා බාන ගමන් හිටපු මාර්ක්ගේ යකඩ හැන්ද අති උත්කර්ෂවත් ලෙස බිමට පතිත වුණ සද්දේ. ඔව් කියන්න හරිම සතුටුයි ඒ වෙලාවේ පන්තියෙදි එහා පන්තිවලට තිබුණ නිශ්ශබ්දතාවයට පින් සිද්ද වෙන්න හැන්ද වැටුණ සද්දේ මුලු කොරිඩෝ එකටම ඇහෙන්න ඇති.

Game on (OT7) - On HoldWhere stories live. Discover now