-----------------------------------------------🌺
මූණ මලානික වෙලා තිබ්බත් ඒ ඇස්වල තියෙන භයංකාර පෙනුම හොදටම ඉස්මතු වෙලා පෙනුණා....
මට කෑ ගහන්න ඕන වුනත් මගේ කටින් එක වචනයක් පිට වුනේ නෑ......
අඩුම තරමේ කකුල් දෙකවත් වැඩ කරේ නැති නිසා ගල් ගැහිල වගේ ජිමින් දිහා බලාගෙන ඉන්න විතරයි මට පුලුවන් වුනේ....
"නූනා....."
ජිමින්ගේ මිහිරි කටහඬ යටපත්වෙලා නැඟුණු ගොරෝසු කටහඬ මාව තවත් සලිත කලා...
ජිමින් හෙමින් හෙමින් ඉස්සරහට එද්දි මට වුනේ බිත්තියකට කොටු වෙන්න...
ජිමින් මගේ මූනට එබුනා.....
ජිමින් ගාවින් ආවේ පස් වල සුවදට සමාන සුවදක්.....
බයට ඇගම සීතල වෙලා යද්දි මම ඇස් දෙක තද කරල පියාගත්තා....
ටික වෙලාවකින් මට දැනුනේ මගේ බෙල්ල ගාවින් හිරියක්....ටිකකින් වේදනාව වැඩි වුනත් කදුලු ගලාගෙන යන ඇස් දෙක අරින්න මම බය වුනා......
"ආහ්..."
බෙල්ල පසාරු කරගෙන යනව වගේ දැනුණු නිසා මට ඉබේම කෙදිරි ගෑවුනා....
මුලු ඇඟේම තියෙන ශක්තිය ටිකෙන් ටික නැති වෙලා යනව වගේ දැනුණ නිසා මාව එහෙම්මම බිමින් ඉන්දවුනා...
---------------------------------------------🌺
"ක්ලෙයා....නැගිටින්න....මොකද වුනේ ?.."
අමාරුවෙන් ඇස් අරිද්දි මං ගාවින් හිටියේ සෝයෝනුයි,එයාගේ ඔම්මයි.....
මම හිටපු විදිහටම බිත්තියට හේත්තු වෙලා හිටියේ....
"ජි...ජිමින්...."
මම ගුලිවෙන ගමන් ගොත ගගහ හරි කතා කරන්න හැදුවා....
"ජිමින්....මොක...හෑ..."
"එයා....හි..ටියා...මෙ...මෙතන..."
"ඔම්මා ඔයා යන්නකෝ....මම ක්ලෙයාට කතා කරන්නම්..."
එහෙම කියල සෝයෝන් එයාගේ ඔම්මව එලියට යවල ආයෙත් මං ගාවට ආවා.....
සෝයෝන් මාව නැගිට්ටවල ඇදෙන් ඉන්දෙව්වා....
"උබට පිස්සුද බං.....උබ හීනයක්වත් දැක්කද?..."
YOU ARE READING
🚫D̶A̶R̶E̶ T̶O̶ B̶I̶T̶E̶🚫 || PJM [Completed ]
Fanfictionᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ රහස් ගොඩක් පිරිලා තියෙන වෙන්වෙලා ගිය පවුලක් දෛවය ආයෙත් මුනගස්සන්නේ මේ විදිහටද?..... හැමෝගෙම ජීවිත කනපිට පෙරලුනු ඒ සිද්ධිය කාලය ආපස්සට ගිහින් නවත්තන්න තිබුනනම් කොච්චර හොදද කියල හිතේවි.... This is only a fanfiction. All from my imagination...