මම යුන්ගි..මින් යුන්ගි..ඩේගු වල ජීවත් උනු සාමාන්ය අවුරුදු දහ අටක කොල්ලෙක්..මං සාමාන්ය උනාට මගේ පවුල සාමාන්ය පවුලක් නෙවේ..මගේ තාත්තා ඩේගු උසස් පසලේ විදුහල්පති..අම්මා ඩේගු විශ්ව විද්යාලේ මහාචාර්ය කෙනෙක්..එතකොට මගෙ අයියා ඩේගු වල උන්නු හොදම ලෝයර් කෙනෙක්..ඒත් මං……
ඉස්කෝලෙ වැඩ වලට මං ඉහලම සාමාර්ථ ගත්තත් පොත පතට සීමා වෙලා ජීවත් වෙන එක මට හරිම මන්දගාමි දෙයක්..පුංචි කාලෙ ඉදලම මට තිබුන එකම හීනෙ මියුසික්..කවුරුත් නොදැක්කට මං මගෙන් දැකපු ඉහලම දක්ශකමත් ඒක..පොකට් මනි එකතු කරල ගත්තු මගෙම කීබෝඩ් එකක් , අත්තම්මගෙන් හම්බුනු පරන පියානො එකත් , මගේ මියුසික් වලට තිබුනු ආසාවට සාක්ශි දැරුවා..ඒත් සාමකාමී මගේ ජීවිතේ කනපිට පෙරලුනේ මං උසස් විභාගෙ ඉහලිම්ම පාස් උනු දවසෙ..අම්මටයි තාත්තටයි ඕන උනේ මාව කැම්පස් යවන්න..ඒත් මට ඕන උනේ මගෙම සංගීත ගමනක් පටන් ගන්න..
"අප්පා කිව්ව නිසයි මං එක්සෑම් ලිව්වෙ..නැතුව මගෙ ආසාවකට නෙවේ"
විභාගෙ ප්රතිඵල ආපු දවසෙ මං කෑගැහුවා..අම්මා තාත්තා දෙන්නම උන්නෙ මාව මරන් කන තරම් තරහකින්..මොකද එයාලට වටින් පිටින් ආරංචි වෙලා මං මෙලඩීස් හදල විකුනනවා කියල..
"නැත්තන් උබට ඕන සමාජෙට විහිලුවක් වෙලා අපිවත් විහිලුවක් කරන්නද ආහ්"
"අප්පා මියුසික් කියන්නෙ විහිලුවක් නෙවේ"
"මියුසික් නම් විහිලුවක් නෙවේ අදල්..ඒත් ඔයාල ඔය කරන මියුසික් නම් විහිලුවක්."
අම්මට වත් මාව තේරුම් ගන්න බෑ.එයත් පිටින් බලල කිසි දෙයක් නොදැන තාත්තාගෙ පැත්ත අරන් මට දොස් කියනවා..බැරිම තැන මං පුටුවෙන් නැගිටල ටිකක් හයියෙන් කෑ ගැහුවා..
"ඔම්මා රැප් කියන්නෙත් මියිසික්..මිනිස්සු ඒක ගැන නරක විදියට දැක්කට රැප් කියන්නෙ කල්චර් එකක්..අප්පා මට පර්මිශන් දෙනව නම් මට පුලුවන් මගෙ උපරිමෙන්ම ඒක පෙන්නන්න.."
"මං හිතුවා උබ මෝඩයෙක් කියල යුන්ගි..බලා ගියාම උබ අමුම අමු මෝඩයෙක්.."

DU LIEST GERADE
CYPHER (Completed)
Fanfictionහීන ජීවිතේට බලාපොරොත්තු එක් කරනවා..බලාපොරොත්තු ජීවිතේ ජීවත් කරවනවා..හීන , බලාපොරොත්තු නැති ජීවිතේ හරියට හුස්මක් පොදක් නැති මළ කදක් වගේ...හීන පස්සෙ දුවද්දි තැනින් තැන වැටෙන කොට නැගිටගන්න බැරි තරමට මිනිස්සු අසරණ වෙනවා.. ඒත්..... නැගිටගන්න පුලුවන් නම්...