ඔලුවට දැනුනු බර ගතියත් ඇගට දැනුනු තලා දාපු ගතියත් එක්ක ඔලුවත් අල්ලන් ඇස් දෙක හිමීට ඇරපු මං දැක්කෙ විසිතුරු සිවිලිමක්..නුපුරුදු සුවදක් නාස් පුඩු ගලවන් යද්දි මං හෙමීට කෙලින් උනා..ඇගට දැනුනෙ හරි අමුත්තක්..බෙඩ් ශීට් එකෙන් එතිලා උන්නු මම…
"අන්ද්වේ"
මං උන්නෙ ඇගේ නූල් පොටක් වත් නැතුව..ශීට් එක අයින් කරද්දි මට දැනුනෙ මං ගැනම අප්පිරියාවක්..මගෙ පපුව රතු පාට පැල්ලම්..මං කෑ ගහගෙනම ඇදෙන් පනිද්දි මාව එහෙම්ම පැටලිලා වැටුනෙ ඇද ගාව තිබ්බ මගෙ ඩෙනිම් කලිසම උඩට..මං ඉක්මනට බිම තිබ්බ ඇදුම් ටික දනිපනි ගාල ඇදගත්තෙ මෙතනින් ඉක්මනට පිට වෙන්න..ඒත් කාමරෙ දොර අරුනෙ මං හිතපු වත් නැති වෙලාවක..
"ආහ් කොල්ලා නැගිටලා"
"යාහ්…"
කාමරේ දොර ඇරගෙන ආවෙ දොන්ජෝ..තිබ්බ කේන්තියට මං දොන්ජොගෙ බෙල්ලෙන් අල්ල ගත්තත් උගෙ මූනෙ තිබ්බෙ හිනාවක්..
"ආහ්හ්හ්"
දොන්ජොගෙ අතේ තිබ්බ ෆෝන් එකෙන් ආවෙ අමුතු කෙදිරිල්ලක්..ඒක ඇහෙද්දි මගෙ අත් ලිහිල් උනේ ඉබේටමයි..දොන්ජො ෆෝන් එක මගෙ මූනට දික් කරාම මං දැක්කෙ මේ ලෝකෙ මං දකින්න අකමැතිම අප්පිරියම දර්ශනයක්..ඒකෙ උන්නෙ මම නූල් පොටක් වත් ඇගේ නැතිව..මගෙ ඇග උඩ බාගෙට නිරුවතින් උන්නෙ ඇලෙක්ස්..
"අහ්හ්හ්"
මං ඔලුවත් අල්ලන් බිම ඉදගත්තෙ ඇගෙන් වගේම හදවතින් නොනැවතී දැනෙන වේදනාව නිසා..හිනයක් පිටිපස්සෙ ඇවිත් මං කරගත්තෙ මොකක්ද..මගෙ ආත්මෙම කඩන් වැටෙනව වගේ දැනුනේ..
"කොල්ලො"
මගෙ ඉස්සරහින් සල්ලි කොල මිටියක් අත ඇරපු දොන්ජො මගෙ මූනට එබුනා..මං ඌව තල්ලු කරන් දොර දිහාට අඩු තියද්දි දොන්ජො කියපු දෙයින් මාව සීතල උනා..
"මේ වීඩියො එක පෝන් සයිට් වලට යනවට උබ කැමති නම් ඔය දොර ඇරන් පලයන්.."
"මොකද්ද යකෝ උබ කිව්වෙ"
මාව වෙව්ලන්න පටන් ගත්තා..අඩියට දෙකට දොන්ජො ගාවට ඇවිත් ඌට අත මිටිමොලවල ගහද්දි ඌව විසි උනා..ඒත් දෙවෙනි පාර ඌ ලස්සනට වලවගෙන මගෙ අත් දෙක පිටිපස්සට තියල ඇබරුවා..

YOU ARE READING
CYPHER (Completed)
Fanfictionහීන ජීවිතේට බලාපොරොත්තු එක් කරනවා..බලාපොරොත්තු ජීවිතේ ජීවත් කරවනවා..හීන , බලාපොරොත්තු නැති ජීවිතේ හරියට හුස්මක් පොදක් නැති මළ කදක් වගේ...හීන පස්සෙ දුවද්දි තැනින් තැන වැටෙන කොට නැගිටගන්න බැරි තරමට මිනිස්සු අසරණ වෙනවා.. ඒත්..... නැගිටගන්න පුලුවන් නම්...