දැන් ඉතින් ගියාම අපිව අමතක වෙයිද දන්නෑ
හනී නූනා කිව්වෙ අපිට කොෆි දෙකකුත් දෙන ගමන්..නම්ජුන් නම් ඔහේ කොෆි එක බොනවා..ඒත් මගෙ ඇස් තිබ්බෙ හනී නූනා ගාව..වෙනදට වඩා එලියක් ඒ මූනෙ තිබ්බා..
කවුරු නූනව අමතක කරත් යුන්ගි හයොන්ග් නම් අමතක කරන එකක් නෑ..
නම්ජුන් කිව්වෙ මං දිහාත් බලල අමුතු විදියට හිනා වෙලා.නොකිව්වට නම්ජුන්ට උනත් මගෙ වෙනසක් තේරිලා තිබ්බෙ..මාව රතු උනා..මොනා කරන්නද..මං හිමීට කොෆී එක බිව්වා..නූනා තව ගොඩක් දේවල් කිව්වා..මාත් එ හැමදේටම හිනා උනේ තව දවස් දෙකකින් නූනගෙන් ඇත් වෙන නිසා..අපි කතා කර කර ඉන්නකොට නූනගෙ ගෙදරට ආවෙ තවත් හුරුබුහුටි ගෑනු ලමයෙක් එක්ක ලස්සන පිරිමි ලමයෙක්..ඒත් මාව දැක්ක ගමන් ඒ කොල්ලගෙ හිනාව නැති වෙලා ගියා..
ආහ් ඔන්න ආව...යුන්ගියා මේ ඉන්නෙ මගෙ නංගි…
නූනා එයාගෙ නංගිව හදුන්වල දෙද්දි එයත් අපිත් එක්ක හිනා උනා..නූනාට වඩා ටිකක් උස උනාට එයාට තිබ්බෙත් නූනගෙ ඇස් දෙකමයි..එතකොට මේ අනික් කොල්ලා කවුද..මට ඉබේටම බැලුනෙ මං දිහා රවාගෙන බලන් ඉන්න උස කොල්ලා දිහා..
ආහ්..එතකොට මේ ඉන්නෙ මගෙ හොදම යාලුව කෙවින්
නූනා ඒ කොල්ලගෙ අත්වල එල්ලිලා කිව්වෙ හරි හුරතල් විදියට..ඒත් ඒ කරපු දේට නම් මගෙ හිත පොඩ්ඩක්වත් කැමති උනේ නෑ..මටත් නොදැනිම මගෙ ඇස් හීනි වෙද්දි නම්ජුන් මගෙ අතට තට්ටුවක් දැම්මා..
නංගි ආවෙ ඊයෙ..ඉතින් ඔයාලත් තව දවස් දෙකකින් යන නිසා ඔයාලට රෑ කෑමක් දෙන්න හිතුනා..
නූනා කෙවින් ගාවින්ම වාඩි වෙන ගමන් කිව්වා..පේන විදියට කෙවින් කියන්නෙත් නූනගෙම හොස්පිටල් එකේ වැඩ කරන ඩොක්ටර් කෙනෙක්..එයාල ගොඩක් කිට්ටුයි වගේ..කෙවින් සැරින් සැරේ මං දිහා බලන ගමන් මට රවන්න පටන් ගත්තා..මේ මොකද මේ..දැක්කෙත් අදමයි..මූ මොකද මට රවන්නෙ..මමනෙ රවන්න ඕන..මගෙ නූනගෙ කරටත් අත දාගෙන..
හනී නූන නංගි එක්ක අපිට කෑම ලෑස්ති කරා..රෑ කෑමට ෆ්‍රයිඩ් රයිස් , චිකන් ඩෙවල් , වගේම නූනා පීට්සත් ඕඩර් කරල තිබ්බා..නම්ජුන් නම් කෙවින් එක්ක පොඩ්ඩ පොඩ්ඩ කතා කරා..ඒත් මං උන්නෙ එහාට මෙහාට පැන පැන වැඩ කරන හනී නූනා දිහා බලාගෙන..
පස් දෙනාම කෑම කාලා හනී නූනගෙ නංගි බියර් ටින් වගයක් අරන් ආවෙ බොන්න.. නම්ජුන් නම් ටින් එකක් කඩල අතට ගත්තා..නූනා මටත් එකක් දුන්නත් මං එපා කිව්වෙ මේ වෙලාවෙ බියර් බොන්න ආසාවක් නැති නිසා..ඒත් කෙවින් කියපු දේට මං විතරක් නෙවේ ඔක්කොම උගෙ මූන දිහා බැලුවා..
මෙයාට බියර් එච්චර සැර මදි ඇති..ලුහනියා වොඩ්කා වගේ දුන්න නම් බොයි..
කෙවින්
හනී නූනා කෙවින්ට සැර කරත් ඌ කෙලින්ම බලන් උන්නෙ මගෙ ඇස් දෙක දිහා..උගෙ ඇස් රතු වෙලා..මං ඌව ගනන් නොගෙනම එතනින් නැගිටල ගාඩ්න් එකට ආවා..නූනත් මගෙ පස්සෙන්ම ඇවිත් ගාඩ්න් එකේ තිබ්බ ගල් පඩියකින් වාඩි වෙලා එතනට තට්ටුවක් දැම්මෙ ඉදගන්න කියන්න වගේ..
කෙවින් කියපු එක ගනන් ගන්න එපා යුන්ගියා...එයා මේ දවස් වල පොඩ්ඩක් අවුලෙන් ඉන්නෙ..ගෙදර ප්‍රශ්න..
හ්ම්ම්ම්
ආ ඒක නෙවේ යන්න කලින් ඔම්මට කතා කරන්නෙ නැද්ද?
මං මොකටද එහෙම කරන්නෙ නූනා..මං එයාලව අත ඇරල ආවෙ..
ඒත් එයාල ඔයාව අත ඇරියෙ නෑනෙ යුන්ගි..ඔයාගෙ ඔය ලොකු කම පැත්තකින් තියල ගෙදරට කතා කරල කියන්න රට යන එක ගැන..
මං මුකුත් නොකියා ඔහෙ බලන් උන්නා.ඒත් නූනා මගෙ සාක්කුවෙන් බලෙන්ම ෆෝන් එක ඇදල අරන් මගෙ අතට දුන්නෙ ගෙදරට කෝල් කරන්න..බැරිම තැන මං හයොන්ග් ගෙ ෆෝන් එකට කෝල් කරා..කෝල් එක පැය භාගෙකටත් වඩා ඇඳුනෙ ඔම්මා අඩ අඩ කතා කරපු නිසා..හයොන්ග් වගේම ඔම්මත් කිව්වෙ මට ගෙදර එන්න කියල..ඒත් අප්පා ලග උන්නා උනත් මාත් එක්ක කතා කරේ නෑ..මං රට යනවා කිව්වම ඔම්මා හෙටම සෝල් එනවා කිව්වා මාව බලන්න..අන්තිමේ අනිත් හත් දෙනාගෙ වගේ මගේ ගෙදරිනුත් හෙට එනවා මාව බලන්න..මටත් නොදැනිම මගෙ ඇස් වලින් කදුලු කඩන් වැටුනා..
අයිගූ උරි යුන්ගියා
හනී නූනා එයාගෙ අත් දෙකට මගෙ මූන මැදි කරගෙන කදුලු පිහ දාද්දි තවත් දරන් ඉන්න බැරිම තැන මං නූනව බදා ගත්තා..ඔව් මේ හැඟීම...මං නූනට ආදරේ කරනවා...
ශෙහා 💜️
ESTÃS LEYENDO
CYPHER (Completed)
Fanfictionāˇāˇāļą āļĸāˇāˇāˇāļāˇāļ§ āļļāļŊāˇāļ´āˇāļģāˇāļāˇāļ⎠āļāļ⎠āļāļģāļąāˇāˇ..āļļāļŊāˇāļ´āˇāļģāˇāļāˇāļ⎠āļĸāˇāˇāˇāļ⎠āļĸāˇāˇāļ⎠āļāļģāˇāļąāˇāˇ..āˇāˇāļą , āļļāļŊāˇāļ´āˇāļģāˇāļāˇāļ⎠āļąāˇāļ⎠āļĸāˇāˇāˇāļ⎠āˇāļģāˇāļēāļ§ āˇāˇāˇāˇāļ¸āļ⎠āļ´āˇāļ¯āļ⎠āļąāˇāļ⎠āļ¸āˇ āļāļ¯āļ⎠āˇāļāˇ...āˇāˇāļą āļ´āˇāˇāˇāˇ āļ¯āˇāˇāļ¯āˇāļ¯āˇ āļāˇāļąāˇāļąāˇ āļāˇāļą āˇāˇāļ§āˇāļą āļāˇāļ§ āļąāˇāļāˇāļ§āļāļąāˇāļą āļļāˇāļģ⎠āļāļģāļ¸āļ§ āļ¸āˇāļąāˇāˇāˇāˇāˇ āļ āˇāļģāļĢ āˇāˇāļąāˇāˇ.. āļāļāˇ..... āļąāˇāļāˇāļ§āļāļąāˇāļą āļ´āˇāļŊāˇāˇāļąāˇ āļąāļ¸āˇ...
