Chapter 05

500 161 11
                                        

"මේ පාර මොකෝ "

නාලා ඔලුව පිහද දා උන්නු මං ගාවට ඇවිත් රෙක්ස් ඇහුවා..

"උන් ඔක්කොම සල්ලි ඉල්ලන්නෙ"

කිචන් එකේ තිබ්බ ස්ටූල් එක ඇදල අරන් ඉද ගන්න ගමන් මං බැලුවෙ රෙක්ස් දිහා..රෙක්ස් මං දිහා බලල බර හුස්මක් අරගෙන කර කර උන්නු වැඩේට අවදානය යොමු කරා.

"ඔන්න ඕකයි යුන්ගියා ඇත්ත..හැමදේටම ඕන සල්ලි "

මං කලපනා කරෙ එයා ගෙදරින් ආපු දවසෙ ඉදන් සිද්ධ වෙච්ච දේවල්..ඇත්තටම අවුරුදු දහ අටටම නොදැකපු නොවිදපු දේවල් මේ කිහිප දවසට මං මූන දුන්නා..මං පියවි සිහියට ආවෙ රෙක්ස් ගෙ කටහඩට..

"දැන් මොකද කරන්නෙ බන්..උබ ගාව සල්ලිත් නෑනෙ කොල්ලො"

"උන් ඉල්ලන්නෙ ලක්ශ ගනන්..මං ගාව කොහෙන්ද එච්චර සල්ලි"

"උබ හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ.."

රෙක්ස් කර කර උන්නු වැඩේ නවත්තල මං දිහා බලාගෙන කිචන් කවුන්ටරේට හේත්තු උනා.

"එක රෑකට ලක්ශයක් කිට්ටු වෙන්න හොයන්න පුලුවන් තැනක් තමා දොන්ජොලගෙ ක්ලබ් එක.."

ඒ වචන ඇහෙද්දිත් මං අහක බලා ගත්තෙ දැනුනු පිලිකුල නිසාමයි..

"ආයෙ නම් බෑ.."

"උබට මොනාද යුන්ගියා නැති උනේ..ඔය ලැජ්ජාව පැත්තකින් තියල ක්ලබ් එකට යමන්..අනික යුන්ගියා උබෙ විඩියෝ එක තාම දොන්ජො ගාව..ඌ සතා "

රෙක්ස් සද්දෙන් අන්තිම ටික කියක ආයෙත් ලූනු කපන්න ගත්තා..මං ටවල් එකත් කරට දාගෙන නැගිට්ටෙ කාමරේට යන්න..ඒත් කිචන් එකෙ දොර ගාව උන්නෙ දොන්ජො..ඌ මං දිහා බලලා කට කොනි හිනා වේගෙන ඇදන් උන්නු ශර්ට් එකේ බොත්තන් ගැලෙව්වා..පපුව පුරා තිබ්බ අලුත් සීරුම් පාරවල් වලින් දොන්ජො මොනා කරලද ඇවිත් ඉන්නෙ කියල හිතාගන්න බැරි උනේ නෑ..

"උබට ඕන සල්ලි..අපිට ඕන උබව..ඔන්න යුන්ගියා උබෙ ලක් එක..බොසා කිව්වා ජුන්ජු කාරයා උබව දැකල උබව ඇහුවලු"..

"ජුන්ජු..පාක් ජුන්ජු?"

රෙක්ස් පුදුමෙන් ඇහුවෙ මන් දිහාත් බලලා..දොන්ජො හයියෙන් හිනා උනා..

CYPHER (Completed)Where stories live. Discover now