"ඔහොම තමා බන්...ටිකක් රස්තියාදු වෙන්න වෙනවා"
රෙක්ස් ගෙදරට ඇතුල් වෙන ගමන් මගෙ පොටට තට්ටු කරල කිව්වා.අපි ඇතුලට යනකොට දොන්ජෝ තව කොල්ලෙක් එක්ක ෆිල්ම් එකක් බලනවා.දෙන්නම යට කලිසම් පිටින්..මං ඒ දිහා බලන් ඉද්දි රෙක්ස් හිනා උනා.
"මෙහෙ ඔහොම තමා බන්..ගිහින් වොශ් එකක් දාන් වරෙන්.."
මං ඇතුලට ගිහින් වොශ් එකක් අරගෙන කාමරේට ඇවිත් ඇදෙන් වාඩි උනා..ඒ තරම් ලොකු ගෙදරක් නොවුනට කාමරේ හොද පිලිවෙලට තිබුනා..බෑග් එකේ තිබ්බ අප්පගෙයි ඔම්මගෙයි හයොන්ග් ගෙයි ෆොටෝ එක අරන් බලද්දි මට දුකක් දැනුනා..ගෙදරින් පිට වෙලා වැඩිම වෙලාවක් උන්නෙ අද තමා..අප්පට හොදටම තරහ යන්න ඇති..එයාලව සතුටු කරන්න පුලුවන් හොදම විදිය කොහොම හරි හොද ගායකයෙක් වෙල මගේ හීනෙට යන එක..
යුන්ගියා වරෙන්"
ම්ං කල්පන ලෝකෙන් මිදුනෙ රෙක්ස් ගෙ සද්දෙට..මං සාලෙට යනකොට අනික් කොල්ලා උන්නෙ නෑ..දොන්ජො , රෙක්ස් බර කතාවක්..මං ගිහින් එයාල ගාවින් වාඩි උනා..
"රෙක්ස් කිව්වා අද උනු දේවල්..මේකනෙ බන් ඔය වගේ දේවල් ගහෙන් ගෙඩි එන්නා වගේ කරන්න බෑ..ඒවට හෙමි හෙමින් යන්න ඕන.."
දොන්ජො කියද්දි මං ඔලුව වැනුවා..ඔව් අද දවසට මට ඒක හොදටම තේරුනා..කිසි දෙයක් මං හිතපු තරම් ලේසි නෑ..
"දැන් මල්ලි ගාව සල්ලි එහෙම තියෙනවද"
"ගෙදරින් එද්දි ගෙනාපු සල්ලි ටිකක් තියෙනවා.."
"මේකයි කොල්ලො උබ ඕන තරම් කාලයක් මෙහෙ ඉදපන්..අපිට ප්රශ්නයක් නෑ..ඒත් උබ ජොබක් හොයාගෙන අතට සල්ලිටිකක් එකතු කර ගනින්..ඔය වැඩ වලට උබට සල්ලි ඕනනෙ.."
රෙක්ස් කියන කතාව ඇත්ත..මං එද්දි ගෙනාපු සීඩි පහම අද එක එක්කෙනාට දුන්නා..තියෙන එකේ සිංදු ටික තව සීඩි ටිකකට කොපි කරගන්නත් ඕන..හැමදාම රෙක්ස් ලගෙ සල්ලි වලින් කන්නත් බෑ..කෑම වෙනුවෙන් වත් එයාලට සල්ලි කීයක් හරි දෙන්න ඕන..තියෙන සල්ලි ඉවර උනොත් මං මෙහෙ ඉදලත් ඉවරයි..
"මට පාට් ටයිම් ජොබ් එකක් හොයා ගන්න තැනක් නැති වෙයිද අයියෙ'
KAMU SEDANG MEMBACA
CYPHER (Completed)
Fiksi Penggemarහීන ජීවිතේට බලාපොරොත්තු එක් කරනවා..බලාපොරොත්තු ජීවිතේ ජීවත් කරවනවා..හීන , බලාපොරොත්තු නැති ජීවිතේ හරියට හුස්මක් පොදක් නැති මළ කදක් වගේ...හීන පස්සෙ දුවද්දි තැනින් තැන වැටෙන කොට නැගිටගන්න බැරි තරමට මිනිස්සු අසරණ වෙනවා.. ඒත්..... නැගිටගන්න පුලුවන් නම්...
