කොහෙද ගියේ...?
Jungkook තමන්ගේ බිරිඳගෙන් ඇහුවේ ඔරලෝසුවේ පාන්දර දෙකත් පහුවෙලා තියෙන බව දකිද්දි..
මම කොහෙ ගියත් ඔයාට මොකද Jungkook
මම කිව්වනේ තමුසෙට ඔය club ගානේ රින්ගන්න එපා කියලා..
මියා කෙසේ වෙතත් තමන් මේ බැඳපු ගෑණි තමන්ගේ නම සහ මුලින්ම විනාස කරමින් ඉන්න බව නම් Jungkook ට තේරුනා.
ඔයා කොහොමද මට නීති දාන්නේ..මම කරන්නේ මට ඕනේ දේවල්
ලෝකයාට ඕනේ විදියට ජීවිතේ ගෙනියපු Jungkook ට සිද්ධවුනේ විඳින්න නෙමෙයි ජීවිතේ විඳවන්න. බිරිඳ කියන කෙනා නමට විතරක් , කොලයක තියපු අත්සනකට විතරක් වුණා.
එදා මියාව marry කරානම් අද තමන් තමන්ගෙම කියලා පුන්චි ලෝකයක් හදාගෙන නේද කියලා Jungkook ට හිතුනා.
.
.
.
.
.
.සිව් වසරක් පුරා පැවතුන අසාර්ථක යුග දිවිය අවසන් කරමින් නිදහස් මිනිහෙක් විදියට Jungkook එලියට ආවා..
පරණ පුරුද්දට ඇවිදගෙන ගියේ සකුරා ගස් ගොන්න තිබුන තැනට.
හුරුපුරුදු සිහිල් සුළඟ Jungkook වටේ වෙලෙමින් ඇඳිලා ගියේ රහසක් මුමුණමින්...එතනට යද්දිත් ආගන්තුකයෝ දෙන්නෙක් ඒ ගස්වල සෙවන යට හිටියා.
එම රූප දෙකම තමන්ට පිටුපාලා හිටියත් දිගු කෙස් කලඹේ හිමිකාරිය අඳුරගන්න Jungkook ට වැඩි වෙලාවක් ගියේ නැහැ.
ටිකෙන් ටික ඔවුන්ට ලන්වුන Jungkook ,මියා........
හුරුපුරුදු ආදරණීය ආමන්ත්‍රණය කනට වැටෙද්දි මියා විතරක් නෙමෙයි අනිත් කෙනත් Jungkookගේ දිහාවට හැරුනා..
ආගතුකයා දකිද්දි Jungkookගේ කටින් නොහිතාම පිටවුනේ මේ වචන ටික විතරයි ...
කාගෙද ළමයා.....?
තමන්ගේ ස්වරූපය එහෙම් පිටින්ම උකහාගත්ත, තමන්ගේ ප්‍රතිරූපයක් විදියට දිස්වුන ඒ පුන්චි මූණ Jungkookගේ පැනයට නිහඬ පිලිතුරක් ලබා දුන්නා..
තරුවක උණුහුම ලද ඇය..
වන මලකට පෙම් බැඳි ඔහු..
විඳින විඳවන දිවි අතර
ආලය නම් බැඳුමෙන් බැඳී..
හමු වී වෙන් වුවත්
හදින් හද බැඳී
නොමියෙන පෙමහි
ආස්වාදය විඳිමින්...
කුටුම්බය සකසා ගත්
ඔවුන්ගේ අන්දරය
මෙතෙක් කල් අසාසිටි මම
සකුරා මලින් පිරි
නිහඬ රුකකි....
🌸🌸🌸🌸🌸🌸ආදරේ කරන්න ඔයා ආදරේ කරන කෙනෙක්ට
නෙමෙයි ඔයාට ආදරේ කරන කෙනෙක්ට...
💕🍃🍂✨️One Night ,Etarnal Life
The End~
Story By :
Lan_Kimra•°Author 's note 🍃✨️
Hi බබූලා මම හිතනවා මේ කතාව ඔයාලට දැනෙන්න ඇති කියලා.
Short ff එකක් නිසා ගොඩක් දේවල් මේකෙන් කියන්න බැරිවුනා.ඒත් මම හිතනවා කියන්න ඕනේ ටික ඔක්කොම කිව්වා කියලා.Comments දාන්න .
Epilogue එකෙන් හම්බවෙනකන් Bye
VOCÊ ESTÁ LENDO
One night , Etarnal Life || ✔️
FanficShort sinhala FF (Completed ✔️ ) Mature content / abuse warning මා රාත්‍රියට පෙම් බඳිමි මා දිවිය නැමැති ද්වාරය විවර කළ නිසා.. මා ඇයට ප්‍රේම කරමි මා හද සියුම් නැවතුම් ස්පර්ශ කළ නිසා.. මා ඇයට වෛර කරමි සියලු දෑ මට අහිමි කල නිසා.. මා ඇය බලාපොරොත්තු වෙම...