❄️07ᵗʰ Episode ❄️

855 182 10
                                    

                 මීහා එදා දවසම ගෙවුවෙ ජීමින් ගැන හිත හිත ජීමින්ගෙත් වෙනසක් නෑ හිත නිදහස් කරගන්න කියලා villa එකට ආවත් ඒ හදවත ඇතුළෙ මීහා සැරිසැරුවෙ නිකං නිධානෙකට අරක් ගත්තු භූතයෙක් වගේ 👻👻

In sook In sook

       Garden එකට වෙලා හිටිය ජීමින් ගෙදර වැඩ කරන ගෑණු කෙනාට කෑ ගැහුවා

මේ එනවා සර්

හරි හරි හිමින් එන්න

ඇයි සර්

මේකයි In Sook මං මෙහෙ සතියක් ඉන්නවා ඒ නිසා මං ඔයාට නිවාඩු දෙනවා

ඒත් සර්

ඇයි

සර්ගෙ වැඩ කරන්නෙ කවුද

ආ ඒ ටික මට කරගන්න පුළුවන් ඔයා බය වෙන්න එපා In Sook දන්නවනෙ මං මෙහෙට එන්නෙ ටිකක් හිත නිදහස් කරගන්න කියලා වෙනදට In Sook ඉන්නවනෙ ඒත් මේ පාර මට තනියම ඉන්න ඕන තනියමම වෙන කවුරුවත් නැති තැනක

සර් මේ පාර ඉන්නෙ හිත හදාගන්න බැරි ප්‍රශ්නෙක වගේ

ඔව් In Sook ඔයා මට මගේම ඔම්මා වගේ ඔම්මා කෙනෙක් ගෙ අප්පා කෙනෙක් ගෙ ආදරේ හරිහැටි නොලැබුණු මට In Sook ඔයා ඔම්මා කෙනෙක් උනා Jung ho අප්පා කෙනෙක් උනා

මං දන්නවා සර් ඒ දේවල් ආයෙ ආයෙ කියන්න ඕන නෑ සර්ට ආපු හැම ප්‍රශ්නයක් ම සර් මට කිව්වා ඒත් මේක නොකියා ඉන්න හේතුවක් ඇතිනෙ ඒ නිසා මං ඒ ගැන අහන්නෙ නෑ මං යන්නං ආයෙ සර් යන දවසට මං එන්නං

Thank you In Sook මාව තේරුම් ගන්නවට

ස්තූති ඕන නෑ සර් මං යන්නං

     ජීමින් දීපු නිවාඩුවට ගෙදර යන්න ඇඳුම් ලෑස්ති කරගන්න In Sook එතනින් ගියා

In sook

      තමන්ට පිටු පාලා යන In Sook දිහා ජීමින් බලං ඉඳලා ආයෙ එයාට කතා කරා

ඇයි සර්

       ජීමින් In Sook ලඟට දුවගෙන ගියා

In sook මට තව ඉල්ලීමක් තියෙනවා

ඒ මොකද්ද සර්

මට සර් කියන්න එපා

එහෙනම්

ජීමින් හරි පුතා හරි කියන්න පුළුවන් ද

~𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐋𝐎𝐕𝐄~ ||𝐏𝐉𝐌 || 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓Where stories live. Discover now