මගේ ටේටේව අන්තිමේදි මට හම්බ වුනා... මන් විදවපු කාලෙ අදින් ඉවරයි...
ඔව් ජංකුක් හිතුවේ එයාගේ විදවීමේ කාලය ඉවරයි කියලා... ඒත් ජංකුක්ගේ දෛවය මොන විදිහට ලියවිලා තියෙනවද කියලා කවුරුවත්ම දැනගෙන හිටියේ නෑ...
ජංකුක් ටේ දැන් හුගාක් ලගින් ආශ්‍රය කරනවා... ජක්කුක්ගේ හැමදේම ටේ වෙද්දී ටේගේ හැමදේමත් ජංකුක් වෙලා ඉවරයි... ටේහී නැති වෙලා මාස හයක් දැනට... ඒ වගේම ජංකුක්ට මේ කාලේ හුගක් බිසී ශෙඩුල් එකක් තමා තිබ්බේ...
අලුත් ඇල්බම් එක නිසා ජංකුක්ට තිබ්බේ හුගාක් බිසී ශෙඩූල් එකක්... ජංකුක්ට ටේ එක්ක වචන අඩුම දහයක්වවත් දවසකට කතා කර ගන්න බැරි වෙන්න ඇති මේ දවස් වල... ටේ ජංකුක්ගෙ පර්සනල් ඇසිස්ටන් නිසා හැමදේම ටේට කරන්න වුනේ... ඔෆිස් එකෙන් ඒජංසියට, ඒජන්සියෙන් ස්ටුඩියෝ එකට... එතනින් ප්‍රැක්ටිස් රූම් එකට... ආයේ ඒජන්සියට.. ඒජංසියෙන් වෝකල් ට්‍රේනින් කරන තැනට... ටේට හතර වටේ දුවන්න වුනා... ටේ වේලාසන ගෙදර ආවත් ජංකුක් එන්න පරක්කු වුනා...
ජංකුක් ටේ මූනට මූන හම්බ වුනත් වචනයක්වත් කතා කර ගන්න දෙන්නටම බැරි වුනා... ඒ වගේම මේ කාලේ ඇතුලත ජංකුක් වෙනස්ම පුද්ගලයෙක් වුනා... ඒ ඇයි කියන්න කවුරුවත්ම දැනගෙන හිටියේ නෑ... ජංකුක් ටේව මග හරින්න පටන් ගත්තා... කතා කරන්න වෙලාව හම්බ වුනත් එයා ටේව මග හැරලා යන්න පටන් ගත්තා...
අඩුම දෙන්නට එකට කෑම කන්නවත් හම්බ වුනේ නෑ... ටේ වේලාසන ගෙදර ඇවිත් හැමදාම ජංකුක්ට කෑම හදලා තිබ්බත්... ජංකුක් ප්‍රැක්ටිස් කරලා කරලා ගෙදර එන්නේ රෑ 12ත් පහු වෙලා... ඒ එනකොට හැමදාම ටේ කෑමත් මේසෙට ඇරේන්ජ් කරලා මේසෙම ඔලුව තියන් නිදාගන්නවා... සමහර දවසට ජංකුක් ගෙදර එන්නෙ නැති තරම්...
ටේ හිතුවේ මේ ඔක්කොම ජංකුක්ගෙ ඇල්බම් එක නිසා කියලා... ඒ නිසා එයා ඒ දේවල් ජංකුක්ගෙන් අහන්න ගියේ නෑ.. ජංකුක් ගෙදර එන්නෙ ටේ නිදි වෙලාවට... ඒ වගේම ටේ නැගිටින්න කලින් ජංකුක් ගෙදරින් යනවා.. ටේ ඒජන්සීයෙන ජංකුක්ප්රැක්ටිස් රූම් එකට රිංග ගන්නවා... ටේ එතනට ආවම වෙන තැනකට යනවා...
හැබැයි කිහිප වතාවක්ම ටේට ඕක අහුවුනත් එයා ගනන් ගත්තේ නෑ... මොකද ටේ ජංකුක්ව විශ්වාස කරපුනිසා..
YOU ARE READING
Nothing like us ( One Shot ) complete
FanficThis is a ship ff. ✋⚠️️ Only taekook ship.. enjoy yourself 💜 Story book cover made by JINius_MooN